වසංගතය පාලනයට සාමුහිඛ සැළැස්මක් හදමු : රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක් !

 වසංගතය පාලනයට සාමුහිඛ සැළැස්මක් හදමු : රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක් !

රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් දේශපාලන පක්ෂ නායකයින් සහ සෞඛ්‍ය ඇතුළු අනෙතුක් අදාළ සියළු පාර්ශව කැඳවා සාමුහික සැලැස්මක් සකස් කරන ලෙස රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.

අද (17) විද්‍යුත් මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මෙසේ පැවසීය.

“මේ අවස්ථාවේ අප ඉදිරියේ තියෙන විශාල අභියෝගය කොරෝනා වෛරසයට මුහුණ දීමයි. එය මැඬ පැවැත්වීම සඳහාත්, ව්‍යාප්තිය අවම කර ගැනීම සඳහාත් කටයුතු කිරීමයි.

''මෙය ජාතික ආපදා තත්ත්වයක්. මෙහි බරපතළකම බොහෝ අයට තාමත් තේරුම් ගොස් නැති බව අපට පේනෙවා. එය කණගාටුවට කරුණක්. දැ මේ වසංගතය ශ්‍රී ලංකාවට බොවෙලා. ඉන් ගැලවීමක් නෑ. නමුත් අවම හානියක් සිදුවන ආකාරයට හෝ වසංගතය පාලනය කර ගැනීමට අපි එකට එක්ව කටයුතු කළ යුතුයි. '' එහිදී අවධාරණය කෙරිණ.

එජාප නායක රනිල් වික්‍රමසිංහ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සිදුකළ ප්‍රකාශය පහත දැක්වෙයි.

Ranil Latter 17

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න