ශ්‍රී ලංකා ටෙලිකොම් සේවකයින්ගේ ජීවිත අනතුරේ! 

ශ්‍රී ලංකා ටෙලිකොම් සේවකයින්ගේ ජීවිත අනතුරේ! 

කොවිඩ්-19 වෛරසය ශ්‍රී ලංකාවට ද විශාල තර්ජනයක් වෙමින් පවතින මොහොතක ශ්‍රී ලංකා රජය ඊයේ (19) දින රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සියලුම සේවකයින්ට නිවසේ සිට රාජකාරී කිරීමට විශේෂ අවසරයක් නිකුත් කර තිබිය දී ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම, රජයේ එම නියෝගයන්‍ ට ද ඉහළින් යමින් ටෙලිකොම් සමාගමේ සේවකයින් සේවයට කැඳවමින් ඔවුන්ගේ ජීවිත අනතුරේ හෙළා ඇතැයි වාර්තා වේ.    

 ඒ අනුව ශ්‍රී ලංකා ටෙලිෂොප් සහ ප්‍රාදේශීය කාර්යාලයන්හි සේවකයින් රාජකාරී සඳහා කැඳවා ඇත්තේ ඔවුන්ගේ ජීවිත අවදානම ද නොසලකාය. 
 
ටෙලිකොම් පාරිභෝගිකයන්ගේ බිල්පත් ගෙවීම් කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා ප්‍රධාන විධායක නිලධාරියා විසින් මෙලෙස සේවකයින්ගේ ජීවිත අනතුරට හෙළා තිබීම ශ්‍රී ලංකා ටෙලිකොම් නිලධාරීන් ගේ සහ සේවකයින්ගේ දැඩි කණස්සල්ලට හේතු වී තිබේ. 
 
මෙම ශ්‍රී ලංකා ටෙලිෂොප් සහ ප්‍රාදේශීය කාර්යාල මඟින් පාරිභෝගිකයන්ගේ බිල්පත් ගෙවීම් පිළිබඳ දෛනික වාර්තා තමා වෙත එවන ලෙසද  ප්‍රධාන විධායක නිලධාරියා දැනුම් දී තිබේ. 
 
සේවකයින්ගේ ජීවිත අවධානම නොතකා සේවකයින් සේවයට කැඳවා ඇත්තේ එම දෛනික බිල් පත් එකතු කිරිම වෙනුවෙනි.
{gallery}telecom{/gallery}
 
 
 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න