Language Switcher

V2025

සහන පැකේජයත් බන්දුලගේ බයිලයක් !

කොවිඩ් 19 නොහොත් නව කොරෝනා වෛරසය ව්‍යාප්තවීම හමුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පසුගියදා ජාතිය අමතා සිදුකළ ප්‍රකාශයේ පැවසූ  බැංකු සහන කිසිවක් මෙතෙක්  අදාළ පාර්ශ්වයන්ට ගැනීමට හැකියාවක් නොමැති බව වාර්තා වෙයි.

එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනු ලැබූ මෙම බැංකු සහන සම්බන්ධව ජනතාව අතර උද්‍යෝගයක් ඇති කළත් පසුව එය  වෙනස් විය.
 
ඒ මේ සම්බන්ධව ජනතාව සිදුකළ සොයා බැලීමේදී වාර්තා වූ කරුණු අනුවය.
 
මෙහිදී ණය - ලීසිං ආදී බැංකු පහසුකම් සඳහා ගෙවන්න ඇති කාලය මාස 6කින් ගෙවීමට  හැකියාව ලැබෙනු ඇතැයි පළමු අවස්ථාවේ ජනතාව සිතූ නමුත් එම අදහස වැරදි බව ඔප්පු වූයේ අමාත්‍ය බන්දුල ගුණවර්ධන දෙරණ වාද පිටිය වැඩසටහන වෙත පැමිණ දැක්වූ අදහස් සමඟය. එහිදී අමාත්‍යවරයා පවසා සිටියේ බැංකු සහන සාමාන්‍ය ජනතාවට නොව ව්‍යාපාරික ප්‍රජාව වෙත බවය.
 
අනතුරුව අමාත්‍යවරයා කැබිනට් මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් පවසා සිටියේ කොරෝනා ව්‍යාප්තිය හමුවේ ආර්ථික වශයෙන් සෘජුව අර්බුදයට මුහුණදී සිටින ක්ෂේත්‍ර කිහිපයක් වෙත සහන පැකේජයක් සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කල කැබිනට් යෝජනාවට අනුමැතිය හිමිවූ බවය.
 
එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ මේ වන විට සෘජු බලපෑමට ලක්ව සිටින සංචාරක, රෙදිපිළි, විදේශ සේවා නියුක්තිකයන් සහ සුළුපරිමාණ කර්මාන්ත සහ ව්‍යවසායකයන් වෙත අදාළ බැංකු ණය පොළී ගෙවීම් සහන පැකේජය හිමිවන බවය.
 
එසේම මේ බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අදාළ මූල්‍ය ආයතන දැනුවත් කර ඇති බවත් ඔහු පැවසීය.
 
නමුත් බැංකු ඇතුළු මූල්‍ය ආයතන ප්‍රතිචාරය වන්නේ එසේ කට වචනයට පැවසූ පමණින් පවසා ඇති සහන ලබාදීමට නොහැකි බවත් ඒ වෙනුවෙන් සිදුවිය යුතු නෛතික ක්‍රමවේදය අනුව දැනුම්දීම් සිදුකල යුතු බවය.
 
ඉහත සඳහන් කළ කිසිඳු ණය පොළී පහසුකමක් සම්බන්ධව මේ වන තුරු ශ්‍රී ලංකා මහ බැංකුව හෝ වෙනත් වගකිව යුතු පාර්ශවයක්  නිල දැනුම්දීම් සිදුකර නොමැති බවට ව්‍යාපාරිකයන් සහ විවිධ පාර්ශව බැංකු කළමනාකරුවන් සහ පාලන අධිකාරීන් සමඟ ගනුදෙනුකරුවන් සිදුකල සාකච්ඡා වලදී අනාවරණය වී ඇති අතර ඊට අදාළ හඬපට සාක්ෂිද මේ වන විට සමාජ මාධ්‍ය ජාල තුළ සංසරණය වෙමින් පවතී.
 
එහිදී බැංකු සහ මූල්‍ය ආයතන වගකිව යුත්තන් ගනුදෙනුකාර පාර්ශව වෙත පැහැදිළිව සඳහන් කරන්නේ කට වචනයට මුල්‍ය ක්ෂේත්‍රයේ කටයුතු සිදුකල නොහැකි බවය. කිසිඳු පාර්ශවයක් මේ සම්බන්ධව නියමිත විධි විධාන යටතේ තමන් දැනුවත් කර නොමැති බවය.  නැතිනම් ඊට සමාන ප්‍රතිචාරය.
 
එසේම මහ බැංකුව විසින් පසුගියදා ආර්ථික කටයුතු සම්බන්ධව නිවේදනයක් නිකුත් කර සිටියත් එහි සඳහන්ව ඇත්තේ වාහන ආනයනය සීමා කිරීමට නිකුත්කර ඇති විධාන අනුව කටයුතු කරන ලෙස පමණය.
ඒ අනුව ආණ්ඩුව සැමන් සහ පරිප්පු පමණක් ඉන්ධන මිල සහනය තුළ ජනතාවට දී ඇති බව පමණක් ඉතිරි වන නමුත් මේ වන විට රුපියල් 100.00 ට සැමන් වෙළඳපොල තුළත් නොමැත. ඒ අනුව ජනතාව චෝදනා  කරන්නේ සිස්ටම් හදන්න, වැඩ කරන්න කියා බලය ගත්  ආණ්ඩුව අලුත් සිස්ටම් හැදීම තියා තිබුණ සිස්ටම් පවත්වාගෙන යාමට පවා නොහැකි දුර්වල පාලනයක් බව ඔප්පු කර ඇති බවය.