Language Switcher

V2025

සෞඛ්‍ය කාර්ය මණ්ඩලත් අනතුරේ : විශේෂඥ වෛද්‍ය ප්‍රියංකරටත් පොසිටිව් !

කොවිඩ් නයින්ටීන් ආසාදනයවිමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 10000 ඉක්මවා ඇති අතර මෙම වෛරසය ආසාදනය වුවන් සංඛ්‍යාව ශ්‍රී ලංකාව තුල ද වර්ධනය වෙමින් පවතී.

මෙහි අවදානම් සහගතම ඉලක්කයට ලක්ව ඇත්තේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෙතය. 

අප වෙත ලැබී ඇති තොරතුරුවලට අනුව ආසාදනයට ලක්වූ රෝගියකු ප්‍රතිකාර කළ විශේෂඥ වෛද්‍ය ප්‍රියන්කර ජයවර්ධන ද වෛරස් ආසාදනයට ලක්ව වහාම  නිරෝධායනය සඳහා යොමුව ඇත.  

කොරෝනා වෛරසයට ගොදුරුවූ රෝගියෙක් නිසා රාගම රෝහල අවුලක !

පපුවේ ඇතිවූ වේදනාවක් හේතුවෙන් රෝහල් ගතවූ පුද්ගලයෙකුට ඉන් දින දෙකකට පසුව කොරෝනා වෛරසය වැළදී ඇති බවට අනාවරණ වීම හේතුවෙන් රාගම රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ පිරිසක්  ස්වයං නිරෝධායනය කිරිමට සිදුවූ බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා සඳහන් කර සිටියි.

ජා-ඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන මෙම රෝගීයා පසුගිය 17 වෙනිදා හෝ ඊට ආසන්න දිනයකදී පපුවේ ඇතිවූ වේදනාවක් හේතුවෙන් රාගම රෝහලට ඇතුල්වී ඇත.

මෙහිදී එම රෝගියා තමන් ගේ රෝගය සම්බන්ධයෙන් වෛද්‍ය විමසීම් වලදී ඔහු ඉතාලියේ සිට පැමිණි බවට ප්‍රකාශ නොකට එය වසන් කර ඇත.

රෝහලේ 15 වන වාට්ටුවට ඇතුලත් කර තිබු එම රෝගියා ඉන් දින දෙකකට පමණ කැස්ස සහ උණ රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති අතර පසුව වෛද්‍යවරුන් ඔහුගේ රෝග ලක්ෂණ සම්බන්ධයෙන් සැක සිතී සිදුකළ විමසීමේදී තමන් ඉතාලියේ සිට මෑතකදී ලංකාවට පැමිණ ඇති බවට හෙළිකර ඇත.

ඒ සමගම වෛද්‍යවරුන් එම රෝගියාගේ සාම්පල් කොරෝනා පරික්‌ෂණය සඳහා යොමු කොට ඇති අතර එම වාර්තා අනුව ඔහුට වෛරසය වැළදී ඇති බව ඊයේ තහවුරු වී තිබේ.

මෙම රෝගියා දින දෙකක් රෝහල තුල නේවාසිකව සිට ඇති අතර එම කාලය තුලදී රෝහල තුල ඇවිදමින් වීවීධ පුද්ගලයින් සමග කතා කරමින් සිට ඇති බව රෝහල් අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කළේය.

රෝහල් සේවකයින් 15 ක් ස්වයං නිරෝධායන ක්‍රියාවලියට:

මෙලෙස කොරෝනා වෛරසය වැළදුණු පුද්ගලයාට ප්‍රතිකාර සිදුකළ සහ ඔහුට උපස්ථාන කළ රෝහල් සේවකයින් ඇතුළු 15 දෙනෙක් මේ වන විට ස්වයං නිරෝධායන ක්‍රියාවලියට යොමු කර ඇති බව රෝහල් අධ්‍යක්ෂකවරයා කියා සිටියේය.

"මේ රෝගීයා කොහේ කොහේ ඇවිද්දද කාත් එක්ක ඇසුරු කළාද කියා අපි සොයමින් ඉන්නවා. අඩුම වශයෙන් මේ රෝගියා ඉතාලියේ සිට පැමිණියා කිව්ව නම් අපි ඔහුව අනෙක් රෝගීන් ගෙන් වෙන් කරනවා. ඔහු ඇතුලත් කරලා තිබුනේ සාමාන්‍ය වාට්ටුවකට. මේ රෝගියා අඩුම වශයෙන් රෝහල් ගත වුනාට පස්සේ හරි අපිට කිව්ව නම් අපි අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නවා. නමුත් ඔහුගේ ආත්මාර්ථකාමී ක්‍රියාව නිසා අද රෝහල් කාර්ය මණ්ඩලය විතරක් නෙමෙයි ප්‍රතිකාර ගන්න ආපුගොඩක් දෙනෙක් වෛරසයට ලක්වීමේ අවධානමට ලක් වෙලා" රෝහල් අධ්‍යක්ෂක ෂෙල්ටන් පෙරේරා වැඩිදුරටත් කියා සිටියේය. 

ඉතාලියේ සෞඛ්‍ය අංශය දැඩි මානසික පිඩනයක !

දෛනිකව ඉහළ යන රෝගීන් සහ වාර්තා වන මරණ හේතුවෙන් ඉතාලියේ සමස්ත වෛද්‍ය අංශයම දැඩි පීඩාවකට ලක්ව තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කලේ ඉතාලියේ වෛද්‍ය කේෂ්ත්‍රය මේ වන විට දැඩි මානසික පිඩනයකට ලක්ව සිටින බවයි.

මේ අතර කොරෝනා වෛරසය සඳහා සිදුකරන වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යයේ එරට සෞඛ්‍ය කේෂත්‍රයට සම්බන්ධ නිලධාරින් 2,629 කට කොරෝනා වෛරසය වැලදී තිබෙන අතර ඉන් පුද්ගලයින් 13 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇත. එලෙස ජිවිතක්ෂයට පත්වූ පිරිසෙන් 05 දෙනෙක් වෛද්‍යවරුන්ය.