කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ වන සියලුම දුම්රිය අද (20) පස්වරු 3.00 සිට අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
කොළඹ කොටුව සිට මහව බලා ධාවනය වන දුම්රිය අද ධාවනය වන අවසන් දුම්රිය වන අතර යළි සදුදා උදෑසන 6.00 ට දුම්රිය ගමන් ඇරැඹිමට නියමිතව ඇති බවත් වාර්තා වෙයි.
එමෙන්ම මෙරට අධිවේගී මාර්ගද අද පස්වරු 4.00 සිට වසා දැමීමට තීරණය කර ඇති බවත් රජය දන්වා සිටියි.
අධිවේගී මාර්ග සම්පූර්ණයෙන් වසා නැත !
මේ අතර ලැබී ඇති නවතම තොරතුර වන්නේ " අධිවේගී මාර්ග සම්පූර්ණයෙන් වසා නැත" යනුවෙන් විෂය භාර අමාත්‍යවරයාගේ කාර්ය මණ්ඩල සාමාජිකයකු සිදුකරන දැනුම්දීමකි. එම දැනුම්දීම පහත දැක්වෙයි.
"අද දින සවස 6 දක්වා පමණක් අධිවේගී මාර්ග සාමාන්‍ය මහජනතාවට පාවිච්චි කිරීමට හැකියාවක් ඇති අතර ගිලන් රථ ,අත්‍යාවශ්‍ය සේවා හා ඇදිරි නීතිය පවතින අවස්ථාවල ගමන් කිරීමට බලපත්‍ර හිමි අයට ගාස්තු රහිතව ගමන් කිරීමට අධිවේගී මාර්ග විවෘත කර ඇති බව මාර්ග මහාමාර්ග වරාය හා නාවික කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි. ඒ අනුව පස්වරු 6න් පසු සියලුම අධිවේගී මාර්ග වල එක් මංතීරුවක් ගිලන් රථ, අත්‍යාවශ්‍ය සේවා හා ඇදිරිනීතිය යටතේ ගමන් කිරීමට බලපත්‍ර හිමි අයගේ ගමනාගමනය සදහා විවෘත කර ඇත.සිදුවන අපහසුතාවය වලක්වා ගැනීමට සාමාන්‍ය ජනතාව ඇදිරිනීතිය පැනවීමට පැය 2කට පමණ පෙරවත් එනම් පස්වරු 4.00ට පෙර අධිවේගී මාර්ග වලට ඇතුලු වන ලෙස මහාමාර්ග අමාත්‍යාංශය මහ ජනතාවගෙන් කාරුණික ඉල්ලීමක් සිදු කරයි."

