මනාප සොයා මිනිස් ජීවිත අවධානමේ දාන්න එපා - විපක්ෂය ඉල්ලයි !

මනාප සොයා මිනිස් ජීවිත අවධානමේ දාන්න එපා - විපක්ෂය ඉල්ලයි !

මේ තීරණාත්මක මොහොතේ මහ මැතිවරණය පසුපස දුවමින් මනාප හඹා යමින් මිනිස් ජිවිත අනතුරේ නොදමන්නැයි දේශපාලනඥයින් කිහිප දෙනෙකුම සමාජ මාධ්‍ය ඔස්සේ ජනතාවගෙන් ඉල්ලීම් කර ඇත. 

මේ සම්බන්ධයෙන් සිය FB පිටුවේ සටහනක් පළකර ඇති හිටපු සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න, 'මේ ඔබ ජනතාවක් ලෙස වඩාත් වගකීම් සහගතව හැසිරිය යුතු මොහොතක්' බව අවධාරණය කර තිබේ.

එම සටහනේ මෙසේද සඳහන් වේ.

උදේ සිට රෑ වනතුරු
පැය 24ම
රූපවාහිනි/ ගුවන් විදුලි / රින්ග් ඉන් ටෝන්
වලින්,
සිදුකර කිසිදු දැනුවත් කිරීමකින් ප්‍රතිඵලයක් සිදුවන්නේ නෑ
ඔබ ඒවා නොපිලිපදිනවා නම්...
කරුණාකර ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරන්න!

කුමන පක්ෂයකට ඡන්දය දුන්නත්,
මාගේ මේ දැනුවත් කිරීම
දේශපාලකයෙක් විසින් සිදුකරන එක ලෙස නොසලකා, වෛද්‍යවරයෙකු විසින් සිදුකරන්නක් ලෙස සලකා,
ආරක්ෂාකාරීවන්න...

ඔබලා හිතනවට වඩා
මෙය ඉතාම දරුණු තත්වයක් කියලා විතරක්වත් තේරුම්ගන්න!

- රාජිත සේනාරත්න

'මනාප සොයා යාමට වඩා ජනතාවගේ ජිවිත සුරැකීම අපේ යුතුකමක්. වගකීමක්.'' -මංගල 

මේ අතර හිටපු අමාත්‍ය මංගල සමරවීර සිය FB පිටුවේ පොස්ටුවක් පළකරමින් දැනුම් දී සිටින්නේ, මනාප සොයා යාමට වඩා ජනතාවගේ ජිවිත සුරැකීම අපේ යුතුකමක්. වගකීමක් වන හෙයින් රජයේ ඉල්ලීම මත අද (20) සිට 27 දක්වා සමගි ජන බලවේගය මාතර දිස්ත්‍රීක් කාර්යාලය වසා දැමු බවයි.

එම සටහනේ මෙසේද සඳහන් වේ.

ඡන්දයට වඩා මිනිස් ජිවිත වටිනා නිසා .....

මහ මැතිවරණය කල්දැමූ මැතිවරණ කොමිසමට ස්තුතියි ...

මේ මොහොතේ මනාප සොයා යාමට වඩා ජනතාවගේ ජිවිත සුරැකීම අපේ යුතුකමක්. වගකීමක්. 

එහෙයින් රජයේ ඉල්ලීම මත අද (20) සිට 27 දක්වා 'සමගි ජන බලවේගය'  මාතර දිස්ත්‍රීක් කාර්යාලය වසා දැමීමට අප තීරණය කල බව මෙයින් දැනුම් දී සිටිමු. 

ඒ, අන් කිසිවක් නිසා නොව අන් කිසිවකට වඩා මිනිස් ජීවිතවල වටිනාකම හොඳින්ම දැන ඒ වෙනුවෙන් ඉතිහාසය පුරා පෙනී සිටි අයෙකු වශයෙනි.

එහෙත් අවශ්‍ය ඕනෑම අවස්ථාවක දී පහත දුරකථන අංකය ඔස්සේ ඔබගේ පණිවිඩය දැනුම්දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

041- 2222076

WhatsApp Image 2020 03 20 at 10.06.36 AM 1

''නිවැරදි විසඳුම්කට නොයා සංදර්ශන පමණක් කළොත් තත්ත්වය භයානක වෙවි'' - පාඨලී

මේ අතර හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසන්නේ, නිවැරදි විසඳුම්කට නොයා සංදර්ශන පමණක් කළොත් තත්ත්වය භයානක විය හැකි බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න