මහ මැතිවරණය මැයි අග තියන්න : ආණ්ඩුව දැඩි උත්සාහයක !

මහ මැතිවරණය මැයි අග තියන්න : ආණ්ඩුව දැඩි උත්සාහයක !

මේ වන විට දින නියමයක් නැතිව  කල්දමා ඇති මහමැතිවරණය මැයි මස අවසන් ‌සෙනසුරුදා (30) පැවැත්වීම ‌කෙරෙහි ආණ්ඩුවේ අවධානය ‌යොමුව ඇති බව වාර්තා ‌වේ.

ඒ වනවිට දැනට ‌කොරෝනා වයිරසය ‌හේතුවෙන් රට තුළ පැන නැගී ඇති හදිසි තත්ත්වය පාලනය කරගත හැකිවනු ඇති බව ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ මතය වී ඇත.

කෙසේ වුවත් සෞඛ්‍ය බලධාරීන්ගේ මතය වී ඇත්තේ ඊට හාත්පසින් වෙනස් කතාවකි. ඔවුන් පවසන්නේ මේ වන විට ලංකාව තුළ කොවිඩ් 19 ව්‍යාප්තිය ආරම්භ වී ඇති බැවින් එය කොපමණද මොන මට්ටමේද යන්න නිශ්චිතව සඳහන් කළ නොහැකි බවය.

එසේම නිශ්චිත වැඩපිළිවෙලක් නොතිබීම සහ නිරෝධායන කටයුතු වල පැවති දුර්වලතා හේතුවෙන් මෙරට කොරෝනා සිතියම දීප ව්‍යාප්ත බවක් පෙන්නුම් කරන බවත් ඔවුන් පවසයි.

ඊයේ (19) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී ද මේ කරුණු අවධාරණය කෙරුණු අතර කොරෝනා මර්දනය වෙනුවෙන් පත්කර ඇති කාර්ය සාධන බලකායේ අත්තනෝමතික සහ අවධානම් සහගත හැසිරීමත් එහිදී විවේචනයට ලක්විය.

කෙසේ වුවත් ලොව පුරා රටවල් තම තමන්ගේ මැතිවරණ කල් තබා ඇති අතර කොරෝනා ව්‍යාප්තිය සිදුවන අවස්ථාවේ මැතිවරණ කොටස් වශයෙන් පැවති රටවල් එහි ව්‍යාප්තිය අවාසනාවන්ත ලෙස වර්ධනය කරගත් අවස්ථා ද විය.

එවැනි පසුබිමක මෙරට ආණ්ඩුව ජනාධිපතිවරණයේ ජයග්‍රහණ වාසිය පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක බලයක් වෙනුවෙන් සකසා ගැනීමට මෙසේ කොරෝනා ව්‍යාප්තිය නොතකා මහ මැතිවරණයට වැඩි බරක් තබා කටයුතු කරන බවක් පෙන්නුම් කරයි. 

තමන්ට මහ මැතිවරණය ජය ගන්නට අවස්ථාව ඇති නිසා මහ මැතිවරණය කල් දැමීමට කිසිඳු අදහසක් නොමැති බව මීට න්පෙර සෞඛ්‍ය අමාත්‍යවරිය වූ පවිත්‍රා වන්නිආරච්චි ප්‍රසිද්ධියේ පවසා සිටි අතර ජනාධිපතිවරයාද ජාතිය අමතා සිදුකල විශේෂ ප්‍රකාශයේදී මැතිවරණයේ අවශ්‍යතාව ඉස්මතු කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න