ලංකාවේ කොරෝනා ආසාදිතයන් 65 දක්වා ඉහළට : ලෝකයේ මරණ දහදාහ පනියි !

ලංකාවේ කොරෝනා ආසාදිතයන් 65 දක්වා ඉහළට : ලෝකයේ මරණ දහදාහ පනියි !

කොරෝනා වයිරසය ආසාදිත තවත් පුද්ගලයින් හය දෙනකු  පිළිබඳව අද (20)  තොරතුරු තහවුරුවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.

ඒ අනුව මේ වන විට ලංකාවේ කොවිඩ් 19 නොහොත් නව  කොරෝනා වෛරසය අසාදිතවූවන් ප්‍රමාණය  65 දක්වා  ඉහළ ගොස් තිබේ.එසේම මේ වන විට කොරෝනා වයිරසය ලෝකයේ රටවල් 182 ක් ආක්‍රමණය කර ඇති බව වාර්තා වන අතර ඒ හේතුවෙන් මියගොස් ඇති ප්‍රමාණය අද පස්වරු 1.00 වන විට 10049ක් ලෙස වාර්තාවී තිබිණ. 

තවද ලෝකය පුරා කොරෝනා වයිරසය ආසාදිත සංඛ්‍යාව 246,107ක් වූ අතර මේ වනවිට 88,483ක් සුවය ලබා ඇති බවත් වාර්තා වෙයි.

ඉතාලියේ පමණක් මේ වනවිට මිය ගොස් සිටින පුද්ගලයන් සංඛ්‍යාව 3,400 ඉක්මවා ඇති අතර එය කොරෝනා වෛරසය ව්‍යාප්තිය ඇරඹි චීනයේ මිය ගිය ප්‍රමාණය ඉක්මවා යාමකි. 

ඊයේ (19) කොළඹ පැවති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය හමුවේදී ඔවුන් සඳහන් කර සිටියේ ආසාදිතයන් වාර්තාවීමේ ස්වභාවය අනුව මෙරට ඉතාලියට ඉහළින් සිටින බවය.

එසේම විධිමත් ආකාරයට යෝග්‍ය තීන්දු තීරණ කඩිනමින් නොගතහොත් ඇතිවිය හැකි අවධානමද ඔවුන් පෙන්වාදෙනු ලැබිණ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න