ඇඳිරි නීතිය තවත් දීර්ඝ කරයි : නිවේදනය මෙන්න !

ඇඳිරි නීතිය තවත් දීර්ඝ කරයි : නිවේදනය මෙන්න !
කොළඹ ගම්පහ පුත්තලම යන දිස්ත්‍රික්ක සහ උතුරු පළාතේ දිස්ත්‍රික්ක 5 සඳහා මේ වන විට පනවා ඇති ඇඳිරි නීතිය හෙට (24) උදේ 6.00 ඉවත්කරන බව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් නිවේදනය කරයි.
අද (23) නිකුත් කළ එම නිවේදනය අනුව හෙට (24) උදෑසන 6.00 ට ඉහත දිස්ත්‍රික්ක සඳහා ඇඳිරි නීතිය ඉවත් කරන අතර එය එදින දහවල් 12.00 ට නැවත පැණවීමට නියමිත අතර එය 27 වනදා උදෑසන 6.00 දක්වා බල පැවැත්වෙයි. 
එසේම 27 වනදා උදෑසන 6.00 ඉවත් කෙරෙන ඇඳිරි නීතිය එදින දහවල් 12.00 සිට ක්‍රියාත්මක බවත් එම නිවේදනයේ සඳහන් කර ඇත.
එසේම දිවයිනේ අනිකුත් දිස්ත්‍රික්ක සඳහා පනවා තිබූ ඇඳිරි නීතිය අද (23) උදෑසන 6.00 ට ඉවත් කෙරුණු නමුත් එය නැවත අද සවස 2.00 ට පැනවෙන බවත් එහි සඳහන්ය. එම ඇඳිරි නීතිය 26 වනදා උදෑසන 6.00  දක්වා තිබෙන බවත් උදෑසන 6.00 අවසන් වන ඇඳිරි නීතිය එදින දහවල් 12.00 සිට යළිත් පනවන බවත් එහි සඳහන්ව ඇත.
ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් නිකුත් කල සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි.
IMG 20200323 WA0005
 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න