සුදු ජූලිය ආදර්ශයට ගෙන : කොරෝනා ආර්ථික දුෂ්කරතාවයන්ට සහන දෙන්න - මංගල (වීඩියෝ )

සුදු ජූලිය ආදර්ශයට ගෙන : කොරෝනා ආර්ථික  දුෂ්කරතාවයන්ට  සහන දෙන්න - මංගල (වීඩියෝ )

පාස්කු ප්‍රහාරයෙන්  පසුව අතරමං වූ ව්‍යවසායකයින්ට සහ  ජනතාවට සහන සැදූ, සුදු ජූලිය ආදර්ශයට ගෙන කොරෝනා වෛරසය ව්‍යාප්තවීම හමුවේ දුෂ්කරතාවයට පත්ව ඇති ජනතාවට  ව්ධිිමත්ව සහන සලසන ලෙස හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර රජයෙන් ඉල්ලා සිටියි.

අද (25) සෙල්ෆි වීඩියෝවක් නිකුත්කරමින් ඔහු මේ බව සඳහන් කර සිටියේය.

මෙහිදී පළමුව කොරෝනා වෛරසය ව්‍යාප්තවීම මැඩපැවැත්වීමට සහ  මර්දනය කිරීමට කැපවී සිටින වෛද්‍ය ඇතුළු  සෞඛ්‍ය ක්ශේත්‍රයේ සියළු අංශ ක්‍රියාකාරීන් ගෞගෞරවයෙන් සිහිපත් කළ  හිටපු මුදල් අමාත්‍යවරයා ඇඳිරි නීතිය ඉවත්කළ අවස්ථාවේ වෙළෙඳපොළ තුළ බෙදාහැරීම විධිමත් කිරීමට කැපවූ පොලිසියේ පහළ ශ්‍රේනි සිදුකරන කැපවීමත් අගය කළේය.

සෞඛ්‍ය සහ අත්‍යවශ්‍ය සේවා නිලධාරීන් පෝලිමේ තියන්න එපා !

එහිදී ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ මතුව ඇති තත්ත්වය හමුවේ කැපවී සේවය  සපයන ඉහත  පිරිස් වෙත තම ආහාර ඇතුළු  මූලික අවශ්‍යතා සපයා ගැනීම වෙනුවෙන් පෝලිමේ සිටිනු දක්නට ලැබුණු බවත් එම තත්ත්වය වෙනස් කර ඔවුන්ගේ එම අවශ්‍යතා නිවෙස් වෙත සැපයීමේ වැඩපිළිවෙළක් රජය විසින් නිර්මාණය කළ යුතු බවත්ය.

එමෙන්ම දෛනික වැටුප් ලබන අතිවිශාල පිරිසක් එනම්, ත්‍රීරෝද රථ රියදුරන් , කුළී වැඩ සිදුකර දෛනික වැටුප් ලබන වැනි කොටස් වෙත විශේෂ  සහනාධාරයක් ලබාදීම සම්බන්ධව ද  රජයේ අවධානය යොමුවිය යුතු බවත් ඔහු පැවසීය.

එහිදී හිටපු මුදල් අමාත්‍යවරයා සිහිපත් කර සිටියේ පාස්කු ප්‍රහාරය අවස්ථාවේ දුෂ්කරතාවට පත්වුණු සංචාරක කර්මාන්තය ආශ්‍රිත සියළු දෙනාට සහන සැපයීමට කටයුතු යෙදූ ආකාරයයි. අද එදාට වඩා දරුණු තත්ත්වයක් මතුව ඇති බැවින් වචන වලට සීමා නොවූ ප්‍රායෝගික වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන ලෙසත් ඔහු එහිදී රජයෙන් ඉල්ලා සිටියේය.

මේ සම්බන්ධව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර නිකුත්කළ සෙල්ෆි වීඩියෝව පහත දැක්වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න