ණය වාරික කැපීම අත්හිටුවීමේ සහනය අප්‍රේල් සිටයි - බන්දුල

ණය වාරික කැපීම අත්හිටුවීමේ සහනය අප්‍රේල් සිටයි - බන්දුල

රජ්‍ය සහ පෞද්ගලික අංශයේ මාණ්ඩලික නොවන සේවකයින්ගේ වැටුපෙන් ණය වාරික කපා හැරීම මාස 3කට අත්හිටුවීම ලබන මස සිට ක්‍රියාත්මක වන බව සම කැබිනට් ප්‍රකාශක ඇමති බන්දුල ගුණවර්ධන පැවසීය.

ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(26) පැවති අමත්‍ය මණ්ඩල තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවට එක්වෙමින්ය. 

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය සහ පාලනය හේතුවෙන් ජනතාව මුහුණදී ඇති දුෂ්කරතාවට පිලියමක් ලෙස ජනාධිපති ගෝඨාභය කරුණු 16ක සහන මල්ලක් හඳුන්වාදුන් අතර ඉහත සහනයද පැවතියේ ඒ කොරෝනා සහන මල්ලේය. 

මේ සහනය දුන්නා කියා ආණ්ඩුව ප්‍රචාරය කළාට මාර්තු මාසයට අදාළ ණය පොළී වාරිකය අයකර ගන්නට බැංකු සහ මුල්‍ය ආයතන කටයුතු කර තිබිණ.

ඒ  සම්බන්ධව අප පලකළ පුවත පහත දැක්වෙයි.

කොරෝනා සහන 16 මල්ලේ සහන වතුරේ : බැංකු ණය වාරිකත් පුරුදු ලෙස කපාගෙන !

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න