කොවිඩ් ආසාදිතයින් 113 යි: මරණ 01යි : සුවවූ 09 යි !

කොවිඩ් ආසාදිතයින් 113 යි: මරණ 01යි : සුවවූ 09 යි !

අද (28) මේ වන විට මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනයවූවන් සංඛ්‍යාව 113 දක්වා ඉහළ ගොස් ඇත.

එසේම අද මෙරට පළමු කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් මියගිය මරණය ද වාර්තා වූ අතර ඒ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය අයෙකුය.

එසේම බරපතළ වූ තවත් කිහිපදෙනකු දැඩිසත්කාර ඒකකයේ සිටින බවත් වාර්තා වෙයි.

එසේම මේ වන විට කොවිඩ් 19 ආසාදිතයන් අතුරින් සුවවූ ප්‍රමාණය 09ක් බවත් වාර්තා වෙයි.

මේ ආකාරයට කොවිඩ් 19 ව්‍යාප්තවීම වලක්වා ගැනීම වෙනුවෙන් රජය විසින් ඇඳිරි නීතිය පනවා ඇති නමුත් ඇඳිරි නීතිය කඩකරන සිදුවීම් සම්බන්ධව වාර්තාවීමේ අඩුවක්ද නොමැත.

ඇඳිරි නීතිය කඩ කිරීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් පිරිස 5704 දක්වා ඉහළ ගොස් තිබේ.

අද දහවල් 12 සිට අද සවස 6 දක්වා පුද්ගලයින් 318ක් අත්අඩංගුවට පත්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ද පැවසීය .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න