Language Switcher

V2025

රතන හිමි උපවාස නාටකය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

පසුගිය මැයි 31 වැනි සිකුරාදා ඉරමුදුන්වෙන දහවලෙත් නුවරට වැඩි අතුරලියේ රතන හිමියන් මාරාන්තික උපවාසයක් සඳහා නුවර මාලිගාව ඉදිරිපිට හිඳ ගති, ඒ ඇයි? හිමියන් උපවාසයට මුල පුරමින් කීවෝ හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දින් බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලි, නැගෙනහිර ආණ්ඩුකාර ඒ.එල්.ඒ. එම්. හිස්බුල්ලා සිය ධුරාවලියෙන් ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කළ යුතු බවය. එයට හේතුව ලෙස උන්වහන්සේ පැවසූවෝ මේ පුද්ගලයින් පාස්කු ඉරිදා ප්‍රහාරයේ සැකකරුවන් ආරක්ෂා කරන බවය. ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීම වළකන බවය. අනෙක් පැත්තෙන් ඉස්ලාම් අන්තවාදයට උඩගෙඩි දී ඇති බවට තොරතුරු තිබෙන බවය. ඒ නිසා මේ පුද්ගලයින් වාහාම ආණ්ඩුවෙන් ඉවත් කර ඔවුන්ට විරුද්ධව පරීක්ෂණ කළ යුතු බවය. මෙම උපවාසයට යොමුවෙන විට ද මේ ලියුම්කරු දන්නා තරමින් මේ හිමියන් ජනපති සිරිසේනගේ උපදේශකයෙක් ය. වස විෂෙන් තොර ගොවිතැනක් යන බොරුව අටවා විශාල ධනස්කන්ධයක් රජයේ මුදල් කාබාසිනියා කළේ මේ මහිමියන්ගේ මූලිකත්වයෙන් ජනපතිගේ වෙර වෑයමෙන් ය. අනෙක් පැත්තෙන් පසුගිය ඔක්තෝම්බර් කුප්‍රකට කුමන්ත්‍රණයේදී මේ හිමියන් ජනපති සිරිසේනට පවුරක් වෙමින් ද ඒකාබද්ධ විපක්ෂයට ශක්තියක් වුණ හැටි අපට අමතක නැත. මෙම තත්වය තුළ රට නොසන්සුන් මොහොතක, රට තව දුරටත් අරාජික නොකර ඔ්නෑ නම් මේ හිමියන් ජනපති සිරිසේනට තමන්ම පත් කළ ආණ්ඩුකාරවරුන් ඉවත් කරන්නට උපදෙස් දෙන්නට තිබුණි. එහෙත් මේ අවස්ථාවේ රතන හිමියන් සිය උපදේශක තනතුරේ රාජකාරි කළේ නැත.

රතන හිමියන් උපවාසය ක‌ළේ ඇයි

තුරලියේ රතන හිමියන්ට හිටි අඩියේ මෙවැනි මාරාන්තික උපවාසයකට යන්නට සිත් වූයේ ඇයි? මදක් කල්පනා කළ යුතුය. කාලයක් ඒ හිමියන්ගේ ගමන් සගයකු, ළඟම දේශපාලන මිතුරකු සේ කටයුතු කළ ආචාර්ය අනුරුද්ධ ප්‍රදීප් සිය මුහුණු පොතට ඒ හිමියන්ගේ මේ "හිටි හැටියේ" වැඩ ගැන අපූරු ලියමනක් ලියා තිබුණි. එහි ඔහු මෙසේ ලියයි. "උන්වහන්සේගේ වැඩ, බොහෝ විට දීර්ඝ කාලීන දේශපාලන සැලසුමක පිවරයන් නොව "හිටි හැටියේ" කරන වැඩය. එසේ "හිටි හැටියේ" කරන වැඩ නිසා උන්වහන්සේට උන්වහන්සේගේ සමීපතයන් අතර "හිටි හැටියේ රතන" යැයි අපර නාමයක්ද තිබුණි. ඒ බොහෝ වැඩවලින් බොහෝ විට යම් සංවිධානයක් විසින් දීර්ඝ කාලීන ඉලක්කයක් ඇතුව ප්‍රවේශමෙන් කරගෙන යන කටයුතු සම්පූර්ණයෙන්ම අවුල් වේ. එහෙත් තවත් සමහර විට ඒවා නොසිතූ ලෙස "පත්තුවේ" කොටින්ම තමහර විට ඒවායින් ඒ රටේ ඉතිහාසයද වෙනස් වේ". ඔහු මෙහි ලියන්නේ රතන හිමියන්ගේ පත්තු වුණ වැඩ ගැනය. ඔහුට ඔහුගේ ස්ථානයේ සිට බලන විට බොහෝ පත්තු වූ සිදුවීම් නිවැරදි වන්නට පුළුවන් ය. එහෙත් රතන හිමියන්ගේ මේ පත්තු වූ වැඩ ගැන මේ ලියුම්කරුට තිබෙන්නේ වෙනස් අදහසක් ය. මාවිල් ආරූ මුදාගන්නට සටන ආරම්භ කළේ රතන හිමියන් ය. ඒ වැඩේ මේ කියන ලෙසම "පත්තු" වුණේ ය. ඊට පසු රතන හිමියන් ආරම්භ කළ වස විෂට විරුද්ධ ගොවි ව්‍යාපාරයද "පත්තු" වුණේ ය. එහෙත් එයින් ජනතාවට වුණ සෙතක් නැත. පාස්කු ප්‍රහාරයට මාසයකට පසු හිටි හැටියේ වාඩිවූ මේ වාඩි ගැනීම ද හොඳ හැටියටම "පත්තු" වුණේය. එහෙත් ජාතියේ මොකක්දෝ වාසනාවකට මුස්ලිම් නායකයෝ එකමිටකට එකතු වී සිය ඇමතිධූරවලින් ඉවත් වීම නිසා ඒ පත්තුවීම ලැව් ගින්නක් වී රටම ගිනිබත් කළේ නැත.

මෙම මාරාන්තික උපවාසයට රතන හිමියන් මුලපිරුවේ උන්වහන්සේට "ලංකා" දේශපාලනය තුළ තිබූ ප්‍රභාව නැතිවීම නිසා නැවත එම රැස්වළල්ල අත්පත් කර ගැනීමට බව බොහෝ දෙනෙක් කියයි. එහි යම් වලංගුතාවයක් තිබිය හැකිය. ජාතික හෙළ උරුමයෙන් ගලවා විසි කිරීම නිසා සහ ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයට යන්නට වීම, පසුගිය ආසන්නම කාලයේදී ජනාධිපති සිරිසේනගෙන් ද ලකුණු කැපී කොන් වී සිටින්නට වීම, ආදිය නිසා ඒ හිමියන්ට තමන්ගේ නැති වුණ අනන්‍යතාවය දේශපාලන භාවිතාව මතින්ම සොයා ගන්නට සිදු වී තිබුණි. මහා වීරයෙකු සේ නැවත ප්‍රධාන දේශපාලන බලවතුන් අතරට පැමිණීමට ක්‍රමයක් කල්පනා කරමින් සිටින විට හිටි හැටියේ මාරාන්තික උපවාස කතාව ඔලුවට එන්නට ඇත!! පාස්කු ප්‍රහාරයෙන් පසුව ඒ සඳහා සරුම පසක්ද රට තුළ නිර්මාණය වී තිබුණි. ඉතිං අන්තිමේ වැඩේ "පත්තු" වුණේ ය. සතර දෙසින් සෙනග පිරිවර පැමිණියෝ ය. ඒ අතර රට එක එක අතට හසුරවමින් තම තමන් බලයට එන්නේ කෙසේදැයි කල්පනා කරමින් සිටි දේශපාලකයෝ ද, එක එක න්‍යායපත්‍රවලට නැටවෙන සංඝයා වහන්සේලා ද, ජාතිවාදීන් ද ආගම්වාදීන්ද සිටියෝය. එහෙත් ආණ්ඩුකාරවරුන් දෙදෙනා ඉල්ලා අස්වුණා යැයි මධ්‍යම ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න කියූ සැනින් (ඒ මොහොත වන විට උපවාස කතාවට මූලික වූ රිෂාඩ් බදියුදීන් අදාළ ඇමති තනතුරෙන් ඉවත් වන්නට සිතා හෝ නොසිටියත්) උන්වහන්සේ සිය මාරාන්තික උපවාසය සුටුස්ගා අතහැරීම නිසා දෑස් අන්ධ වී සිටි බොහෝ දෙනෙකුට දෑස් ලැබුණි.. ඒ එමගින් නාටකයේ වෙස් ගැලවී යාම නිසාය.

ජාතිවාදී ගිනි පුළිඟු

මාරාන්තික උපවාසයට දින සතරක් වෙන පසුගිය ජූනි 03 වැනිදා වෙන විට රටේ හැම අස්සක්ම කතා කළේ රතන හිමියන්ගේ උපවාසය ගැනය. නුවර සිංහල වෙළෙඳ සංගමයද සිය වෙළෙඳසල් වසා දමමින්, අනෙකුත් වෙළෙඳසැල් බලහත්කාරය යොදවා වසා දමමින්, බොහෝ උදවු උපකාර මෙම උපවාසයට ලබා දුන්නේය. හදිසි නීතිය තිබුණත් නුවර පොලිසිය අහක බලාගෙන සිටියේ ය. පිට පළාත්වලින් දහස් ගණනින් මිනිසුන් මාලිගාව ඉදිරිපිටට එනවා කියූ විට හෝ මාලිගාව ආරක්ෂා කර ගැනීම සඳහා ‌හෝ කියා එය නතර කිරීමට පොලිසිය කටයුතු කළේ නැත. කම්කරු උද්ඝෝෂණ නතර කිරීමට උසාවි නියෝග ගන්න පොලිසිය හදිසි නීතිය තිබියදී ද මේ අයුතු ජනරාශියේ නැරඹුම් ප්‍රේමියෝ විය.
පිට පළාත්වල බො‌හෝ පිරිස් උදෑසනින්ම බස් පුරවාගෙන නුවරට එන්නට ලෑස්ති වුණේය. ඒ පෙරේදා රාත්‍රියේ ගමේ පන්සලෙන් ඒ සඳහා විධානය ලැබී තිබුණු බැවින් ය.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කියන පරිදි, නුවරට මිනිසුන් ඇදගෙන ඒම සංවිධානය කර ඇත්තේ ඒ හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ය.

බොහෝ නගරවල සිංහල වෙළෙඳසැල් සංගමයන් සහ පොදුජන පෙරමුණේ පාක්ෂිකයෝ මේ පිළිබඳ බොහෝ උනන්දුවෙන් කටයුතු කර ඇත. පොදුජන පෙරමුණේ ආධාරකරුවන් මෙලෙස හැසිරුනේ රතන - සාර හිමි දේශපාලනයේ තිරයෙන් පසුපස ඇත්ත කතාව නොදැනය. නැතිනම් සිංහල ජාතිය පිළිබඳ වූ කැක්කුම වන්නටත් පුළුවන් ය. මේ තත්වය තුළ මඩකලපුව වව්නියාව වැනි ප්‍රදේශවල දෙමළ ජනතාවද කතෝලිකයින් ද මෙම උපවාසයට ආශක්ත වී කටයුතු කිරීම ලංකාවේ ඉදිරි අනාගතය ගැන අපිට පෙන්වන්නේ කලු චිත්‍රයක් ය.

මෙලෙස උපවාසයේ හතරවන දිනය වන විට ලංකාවේ බොහෝ පළාත්වල පිරිස් උපවාසයට සහයෝගය පළ කළේය. පසුගිය ජූනි 03 දා වවුනියාව නව බස් නැවතුම්පොළ ඉදිරිපිට ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිල ඉදිරිපස උපවාසයක් ආරම්භ කළ වවුනියාව වෙලිකුලම් ප්‍රදේශයේ දේවරාසා ගෝපාලසිංහම් කියා සිටියේ තමන් රතන හිමියන්ගේ ඉල්ලීමට සහය පළ කරමින් උපවාසය කළ බවය. මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රී එස් වියාලේන්ද්‍රන් ද මඩකලපුවේදී උපවාසයක් අරඹා තිබුණි. ඒ රතන මිහියන්ට සහය පළ කරමින් ය. ඒ ජූනි 1 වැනි දාය. මෙම මන්ත්‍රීවරයා පසුගිය ඔක්තෝම්බර් කුමන්ත්‍රණයේදී ජනාධිපති සිරිසේනට සහය දුන් අයෙක්ය. එය මතක තබා ගැනීම මෙම නාටකය තේරුම් ගැනීමට උපකාර වෙනු ඇත. මේ සිදුවීම්වලට සමගාමී අතුරලියේ රතන හිමියන් ඉදිරිපත් කරන ඉල්ලීම්වලට වහා විසඳුම් ලබා දෙන ලෙස දන්වමින් සියම් නිකායේ මල්වතු සහ අස්ගිරි පාර්ශ්ව මහානායක හිමිවරුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලිපියක් යොමු කර තිබුණි. ජූනි 02 වැනිදා තෙඹුලාගල ආරණ්‍ය සේනාසනයේ භික්ෂූන් වහන්සේ දෙනමක්ද මෙම උපවාසයට සහාය දක්වමින් එයට එකතුවිය. මෙලෙස රතන හිමියන්ගේ උපවාසය පත්තු වී යන විට ගමේ පන්සලද, තමන්ගේ නායකයා බලයට ගෙන එන්නට මේ රැල්ලට පුළුවන් යැයි විශ්වාස කළ පොදුජන පෙරමුණේ අධාරකකරුවන්ද, එම පෙරමුණේ ප්‍රාදේශීය සභාවල මන්ත්‍රීවරුන් රටම පත්තු කරන්නට සූදානම් වී ඇත. උපවාසයේ සිට අයුතු ජන එකතුවීම ආදී වූ බොහෝ දේවල් වෙන්නේ හදිසි නීතිය පවතින සමයක බව ද අපි අමතක නොකළ යුතුය. මේ සමය අයි.සී.සී.පී.ආර්. වැනි පනත් රටතුළ ශක්තික සත්කුමාර වැනි ලේඛකයින්ට විරුද්ධව තදින්ම ක්‍රියාත්මක වෙන සමයක් බව ද අපි අමතක නොකළ යුතුය. උපවාසය කරන්නේ ජනාධිපති උපදේශකයාය. නීතිය ක්‍රියාත්මක කළ යුතු පොලිසිය අයිති වන්නේ ත් ජනාධිපතිටය. ඉතින් අපි මේවා එකට ගැටගසා කල්පනා කළ යුතුය.

88/89 යලිත්

උපවාසයෙන් 04 වැනි දිනයේ එනම් පසුගිය ජූනි 03 වැනිදා රටේ බොහෝ නගරවල කඩ සාප්පු තුන්ඩු කෑලි බිය ගැන්වීම් මගින්ද, කඩයට පැමිණ කරන තර්ජනයන්වලින්ද, වසා දමනු ලැබිණි. මුලින්ම බිබිලේ නගරයේ සිදුවූ සිදුවීම දෙසට හැරෙමු. පසුගිය ජූනි 03 වැනිදා සවස දෙකට පමණ පැමිණි දොඩංගොල්ලේ සෝරත නම් භික්ෂුවක් සහ තවත් සංඝයාවහන්සේ පිරිසක් කඩ සාප්පු වසා දමන්නට නියෝග ලබා දී ඇත. ඉන් පසු නගරයේ කඩ සාප්පු සියල්ල වසා දමා ඇත. පසුව ශබ්දවාහිනී යන්ත්‍ර නගරයේ මැදට රැගෙන පැමිණි 200 ක පමණ පිරිසක් රැස්වීමක් පවත්වා ඇත. බිබිල ප්‍රාදේශීය සභාවේ පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් වන සුදු නිලමේ අත්තනායක ද මෙම සිදුවීම පිටුපස සිට ඇත. මේ සියල්ල දෙස බිබිල පොලිසිය උපේක්ෂාවෙන් බලා සිට ඇත.

රත්නපුර නගරයේ ද තත්වය මෙයමය. දහවල් 12 පමණ වන විට රත්නපුර පොලිසිය ඉදිරිපිට කොන්කොඩ් බේකරිය ළඟින් කඩ වසා දමන්නට පටන්ගෙන ඇත. දහවල් 1 පමණ වන විට 99% ක් වෙළෙඳසැල් වසා දමන්නට කටයුතු කර ඇත. මෙම කඩ වසා දැමීමට නගරයෙන් ප්‍රධාන විහාරස්ථාන හතරක පමණ තරුණ භික්ෂූන් පෙරමුණ ගෙන ඇත. ඊට අමතරව රත්නපුර නගරයේ "සුදු මහත්තයා" නමින් ප්‍රකට පුද්ගලයෙක් ද මෙම සංවිධානය කිරීම් පිටුපස සිට ඇත. ඊට අමතරව රත්නපුර නගරයේ එක්සත් වෙළෙඳ සංගමය ද කඩ වසා සහාය දෙන්න යැයි කලින් දිනයේදී ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලා ඇත. මෙම කඩ වසා දැමීමෙන් පසුව පොලිසිය අසල පුස්තකාලය ඉදිරිපිටට රැස්වූ පිරිස් රැස්වීමක්ද පවත්වා ඇත. අහෝ

ලංකාවේ පොලිසිය!!

කුරුවිට, ඇහැලියගොඩ තත්වයද මෙයමය. මෙහිදී ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාවේ උප සභාපති පොහොට්ටු පක්ෂයේ රුවන් ලියනගේ සහ සිංහල වෙළෙඳ ප්‍රජාව නම් සංගමයක් මෙම කඩ වසා දැමීම සංවිධානය කර ඇත. මෙහිදී නගරයේ දමනු ලැබූ කළු කොඩි ප්‍රාදේශීය සභාව ඇතුලතදී නිර්මාණය කර ඇත.

කුරුවිට නගරයේ පසුගිය ජූනි 03 වැනිදා කඩ සාප්පු වසා දැමීමට කටයුතු කර තිබුණ අතර එහි සංවිධාන කටයුතු කර තිබුණේ කුරුවිට ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් සහ කුරුවිට නගරයේ අවට විහාරස්ථානවල තරුණ භක්ෂූන් ය. දිවයිනේ බොහෝ ප්‍රදේශවල මෙම කඩ වසා දැමීමේ නියෝග ලබා දී ඇත්තේ ඒ ඒ ප්‍රදේශවල සිංහල වෙළෙඳ සංගම්, පන්සල්වල භික්ෂූන් සහ පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සහ ඔවුන්ගේ ප්‍රබල ආධාරකකරුවන් විසින් ය.

උපවාසයෙන් පසු

ජූනි 03 වැනිදා දහවල් අදාළ ආණ්ඩුකාරවරුන්ගේ ඉල්ලා අස්වීම පිළිබඳව තතු උපවාස භූමියට සැලවූ පසු රතන හිමියන් උපවාසය අතහැර දමනු ලැබූ අතර ඉන්පසු දැන් උපවාස කළහකරුවන් මාධ්‍ය ඉදිරියේ ඔවුනොවුන්ගේ රෙදි ගැලවා ගැනීම උත්ප්‍රාස ජනකය. මෙම උපවාස භූමියට පසුගිය ජූනි 02 වෙනිදා වඩින ඥානසාර හිමියන් ප්‍රකාශ කරන්නේ ජාතික ව්‍යාපාරයේ ගුරුවරයා අමතක නොකරන බවය. උන්වහන්සේ දුර්වල කරන්නට ඉඩ නොදෙන බව එහිදී සපථ කර ප්‍රකාශ කරන ඒ හිමියන් මාධ්‍යයට උස් හඩින් කියන්නේ තමන් අදාළ පුද්ගලයින් ආණ්ඩුවෙන් ඉවත්කර මෙම ප්‍රශ්නය විසඳීමට ආණ්ඩුවට පසුදා දහවල් 12 තෙක් කාලය දෙන බවය. පසුදා එනම් 03 වැනිදා උපවාසය අවසන් වූ මොහොතේ උපවාස භූමියට වඩින උන්වහන්සේ "හරි මේ කට්ටිය ආවේ මම කියපු නිසා මම ඒ ප්‍රශ්නය විසඳන්නම්" යි උස්හඩින් වදාරමින් කෑගසන්නෝය. ඉන් පසු රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට බැන අවධාරණය කරන්නේ රිෂාඩ් ආරක්ෂා කරන බැවින් නුවරට රැස්වූ තම පිරිස මගින් කොළඹට පා ගමනින් පැමිණෙන බවය. "අපි එනවා කොළඹ අපි ආණ්ඩුවට කියනවා බඩු පැක් කර ගන්න කියලා. අපි හදනවා අපේ ආණ්ඩුවක්" ඉන්පසුව උපවාස සහයකයෝ කොළඹ එති. එහෙත් ඒ ගමන අතරමගදී ඔවුන්ගේ සියලු බලාපොරොත්තු සුන් කරමින් සියලුම ආණ්ඩුවේ මුස්ලිම් අමාත්‍යවරුන් නියෝජ්‍ය අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් ඉල්ලා අස්වෙන බව මාධ්‍ය සාකච්ඡාවක් තබා ප්‍රකාශ කරයි. එතැනින් පසුව බොරු රංගනයන් කළ සාර-රතන හිමි සුසංයෝගය අතර ගැටුම එළියට එන්නේය. ඒ අනුව ජූනි 04 දා මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් ඥානසාර හිමියන් රතන හිමියන්ගේ උපවාසය බරපතල ලෙස විවේචනය කරති. "මේ නිකං කොහේවත් යන පන්චස්කන්ධයන් තුනක් අල්ලාගෙන කරපු මේ උපවාසයෙන් මොකද වුණේ" යන්නෙන් ආරම්භ කරන වාග් ප්‍රහාරය කෙලවර කරන්නේ රතන හිමියන් කාඩ්බෝඩ් වීරයෙකුට සමාන කරමින්ය. සංහිඳියාව විනාශ කරමින් රට ගිනි තැබීමට මෙම උපවාසය මගින් උත්සාහ කළා යැයි චෝදනා කරමින් ය. ඒ අනුව දැන් රතන-සාර හිමිවරුන්ගේ නාටකයේ හොඳම හරිය කරලියට ඇවිත් ඇත. ඒ අස්සේ ජනාධිපති සිරිසේන කියනවා කියන්නේ තමන් මීලඟට ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බවය. රාජපක්ෂවරුන්ට කිසිදු සහයක් නොදෙන බවය. අහෝ දැන්නම් මේ නාටකය සිනා සාගරයක් ය.

අනිද්දා