Ad

Ad 01

V2025

පුවත්

“ගෝලීය ඡායාරූප සන්නිවේදනය, ශ්‍රී ලාංකික අත්දැකීම් ඇසුරෙන්” අනුරුද්ධ ගේ පර්යේෂණාත්මක කෘතිය සැප්. 09

ප්‍රවීණ ඡායාරූප ශිල්පි අනුරුද්ධ ලොකුහපුආරච්චි විසින් රචිත “ගෝලීය ඡායාරූප සන්නිවේදනය, ශ්‍රී ලාංකික අත්දැකීම් ඇසුරෙන්” පර්යේෂණාත්මක කෘතිය සැප්තැම්බර් 09වන දින සවස 03ට කොළඹ 07 ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

 

අනුරුද්ධ ලොකුහපුආරච්චි යනු ඡායාරූපකරණය සහ මාධ්‍ය ක්ෂේත්‍රයේ වසර 40 කට වැඩි පළපුරුද්දක් ඇති ජාත්‍යන්තරව පිළිගත් ශ්‍රී ලාංකික ඡායාරූප මාධ්‍යවේදියෙකු සහ ලේඛකයෙකි. ඔහුගේ වෘත්තීය ජීවිතය යුද්ධය, සමාජ අරගල සහ සංස්කෘතික ජීවිතය පිළිබඳ පෙරළිකාර ආවරණයක් දක්වා විහිදේ, රොයිටර් සහ අනෙකුත් ගෝලීය මාධ්‍ය ආයතන සඳහා වැඩ කිරීම ඇතුළුව, වසර 16කට වැඩි කාලයක් පිටුවහල්ව ජීවත් වූ ලොකුහපුආරච්චි, මාධ්‍ය, කලාව සහ අධ්‍යාපනය සඳහා ඔහුගේ දායකත්වය දිගටම කරගෙන යාම සඳහා ශ්‍රී ලංකාවට නැවත පැමිණියේ ය.

ඔහු මේ වන විට ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ජාත්‍යන්තර මාධ්‍ය සහ උපායමාර්ගික සන්නිවේදන අධ්‍යක්ෂක ලෙස සේවය කරයි.

ඉතිහාසයේ සිට ඩිජිටල් යුගය දක්වා මානව ශිෂ්ටාචාරය පුරා ඡායාරූප සංනිවේදනයේ ගමන් මග, ශ්‍රී ලාංකික අත්දැකීම් ගෝලීය දෘෂ්ටිකෝණ සමග මිශ්‍ර කරමින්: රූප සත්‍යය, මතකය සහ මානව සම්බන්ධතාවය හැඩගස්වයි.

දශක හතරක ශ්‍රී ලාංකික සහ ගෝලීය අත්දැකීම් මිශ්‍ර කරමින්, ඡායාරූපකරණය මානව සත්‍යය, මතකය සහ සම්බන්ධතාවය හැඩගස්වා ඇති ඓතිහාසික සහ සම්ප්‍රධායික ආකාරය පිළිබඳ සිට අද දක්වා වන ඩිජිටල් පරිවර්තනය දක්වා දුර්ලභ ගමනක් ඉදිරිපත් කරයි.

 

sahithya 202595

 

 

මෙම පොත ඡායාරූපකරණය ගැන පමණක් නොවේ - එය රූප සන්නිවේදනය අපගේ සාමූහික මතකය බවට පත්වන ආකාරය, ගැන බව කතුවරයා වන අනුරුද්ධ ලොකුහපුආරච්චි පවසයි. එය පිටුවහල් කිරීම, ඉතිහාසය සහ කැමරාව සහ සමාජය අතර සමීප සම්බන්ධතාවය පිළිබිඹු කිරීමකි.


ගෝලීය ඡායාරූප සන්නිවේදනය ග්‍රන්ථය ශ්‍රී ලාංකික අත්දැකීම් හරහා පුද්ගලික ආඛ්‍යානය, ඓතිහාසික පර්යේෂණ සහ දෘශ්‍ය දර්ශනය ඒකාබද්ධ කරයි. එය ගෝලීය ප්‍රවෘත්ති ඡායාරූපකරණයේ පරිණාමය සහ මහජන මතය හැඩගැස්වීමේ දී එහි භූමිකාව විමසයි. පරාවර්තක සහ කලාත්මක ශෛලියකින් ලියා ඇති මෙම පොත ඡායාරූපකරණය, පුවත්පත් කලාව, ඉතිහාසය, ජන සන්නිවේදනය සහ දෘශ්‍ය කතන්දර කීම පිළිබඳ උද්යෝගිමත් පාඨකයින් සඳහා නිර්මාණය කර ඇත.

මෙම කෘතිය ජනගත කරන අවස්ථාවේ දී: කොළඹ විශ්ව විද්‍යාලයේ (ශ්‍රී පාලි පීඨය) මහාචාර්ය ටියුඩර් වීරසිංහ, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර, සන්ඩේ ටයිම්ස්, හිටපු කාර්යාංශ ප්‍රධානී රොයිටර් සහ උපදේශක කර්තෘ ෆයිසාල් සමත් සහ ඡායාරූප විචාරක, චිත්‍රපට අධ්‍යක්ෂ බුපති නලින් වික්‍රමගේ අදහස් දැක්වීමට නියමිත ය.

ග්‍රන්ථයේ සිංහල සංස්කරණය එදිනට මිලදී ගත හැකි අතර ඉංග්‍රීසි භාශා සංස්කරණය සඳහා පූර්ව ඇණවුම් කළ හැකි ය. සාමාන්‍ය මිල රුපියල් 3400.00 වන මෙම ග්‍රන්ථය එදින මිලදී ගැනීම් සහ ඇණැවුම් සඳහා මිල රු: 2400.00 කි.

මෙම අවස්තාවට සහභාගි වන ලෙස කතුවරයා ආරාධනා කර සිටී.

sahithya 20250905

                sahithya 202595

 

(සටහන - ජයසිරි අලවත්ත)

 

The leader.lk

නීතිඥවරුන් සම්බන්ධයෙන් කරන ලද ඇතැම් නිරීක්ෂණ පිලිබඳ ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් විශේෂ ප්‍රකාශයක්

මෑතකදී සේවාදායකයන් වෙනුවෙන් සිදු කරන වෘත්තීය කටයුතු සම්බන්ධයෙන් නීතිඥවරුන්ට එරෙහිව නඩු පවරන බවට / පැමිණිලි කරන බවට තර්ජනය කළ අවස්ථා කිහිපයක් තම සංගමය විසින් නිරීක්ෂණය කර ඇතැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) පවසයි.


ශ්‍රී ලංකා නීතිඥ සංගමය සභාපති රජිව් අමරසුරිය හා ලේකම් චතුර ඒ ගල්හේන ගේ අත්සනින් යුතුව නිකුත්කර ඇති නිවේදනයක එබව සඳහන් වේ.

එම නිවේදනය මගින්,

  • සේවාදායකයෙකුගේ අයිතිවාසිකම් සහ අවශ්‍යතා වෘත්තීයමය වශයෙන් නියෝජනය කරන නීතිඥවරුන්ගේ ස්වාධීන කාර්යභාරය සහ ක්‍රියාකාරිත්වය ශ්‍රී ලංකා නීතීඥ සංගමය අවධාරණය කරයි.

 

  • එසේම, නීති වෘත්තිකයෙකුට තම සේවාදායකයාගේ යහපත සඳහා නීතියෙන් සපයා ඇති රාමුව තුළ තම වෘත්තියෙහි යෙදීමේ හැකියාව ඉතා පැහැදිලිව ලබා දෙන මූලධර්මය, සම්මුතිය සහ භාවිතය නීතීඥ සංගමය වැඩිදුරටත් අවධාරණය කරයි.

 

  • නීතිඥවරුන්ගේ වෘත්තීය චර්යාවන් සමාලෝචනය කිරීම සහ අධීක්ෂණය කිරීම සඳහා නීති පද්ධතියේ ඇති නිශ්චිත යාන්ත්‍රණයන්ට ශ්‍රී ලංකා නීතිඥ සංගමය ගරු කරයි.

 

  • එහෙත්, නීතිඥවරයෙකු සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ව්‍යාජ නියෝජනයන් සිදු කිරීම සම්බන්ධයෙන් අපහාස විධිවිධාන යටතේ පුද්ගලයෙකු වරදකරු කර දඬුවම් නියම කරමින් 2021 ජූලි 15 වන දින නිකුත් කරන ලද අංක 3/2016 දරන ශ්‍රේෂ්ඨාධිකරණ අපහාස අයදුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීන්දුව කෙරෙහි නීතිඥ සංගමය අවධානය යොමු කරයි.



 එය යුක්තිය පසිඳලීමේ පද්ධතියට ඍජුවම බලපාන කාරණයකි.

 

  • මෙහිදී, යුක්තිය පසිඳලීමේ පද්ධතියට අදාළ කාරණාවලදී සියලුම පාර්ශවකරුවන් සංයමයෙන්, වගකීමෙන් සහ වගවීමෙන් යුතුව කටයුතු කිරීමේ වැදගත් අවශ්‍යතාව ශ්‍රී ලංකා නීතීඥ සංගමය අවධාරණය කරයි.



අවශ්‍යතාවක් ඇති වුවහොත්, ඕනෑම සංසදයකදී ශ්‍රී ලංකා නීතීඥ සංගමය මෙම වෘත්තීය අයිතිවාසිකම් ශක්තිමත් ලෙස ආරක්ෂා කරනු ඇති බවද එකී නිවේදනයේ සඳහන් වේ.

 

bar associa 20250905

 

BAR 20250905 2

 

 

   The leader.lk

'විපක්ෂය එක්ක සාකච්ඡා හවුලකට නොව මර්දනයට එරෙහිවයි’- හර්ෂණ රාජකරුණා

විපක්ෂයේ අනෙකුත් දේශපාලන පක්ෂ සමඟ සමගි ජන බලවේගය සාකච්ඡා පවත්වන්නේ එකතු වී ඡන්දය ඉල්ලීමට නොවේ යැයි සජබ පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂණ රාජකරුණා කොළඹ සජබ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඊයේ (සැප්. 4) පැවසීය.

සියලු ම දේශපාලන පක්ෂ එකතු කරගෙන මැතිවරණවලට මුහුණ දීමට සමගි ජන බලවේගයට බලාපොරොත්තුවක් නැති බව ද ඔහු කීවේය.

අනෙකුත් විපක්ෂයේ දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කරන්නේ ප්‍රතිපත්තිමය වශයෙන් බවත් ජනතාව මුහුණ දෙන ප්‍රශ්න ගැන කතා කරන බවත් මන්ත්‍රිවරයා පැවසීය.

මැතිවරණයක් ආසන්නයේ එම පක්ෂ හා කණ්ඩායම්වලින් පිරිසක් සමගි ජන බලවේගය සමග එකතු වනු ඇති බවත් තවත් පිරිසක් වෙන වෙනම මැතිවරණවලට මුහුණ දෙනු ඇති බවත් මන්ත්‍රිවරයා කීය.

ප්‍රතිපත්තිමය වශයෙන් එකතු වීමට හැකි කණ්ඩායම් සමඟ සමගි ජන බලවේගය එකතු වීමට කටයුතු කරන බව ඔහු කීය.

ඒ අනුව, මර්දනයට එරෙහිව විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් සමඟ එකතු වීමට සමගි ජන බලවේගය කටයුතු කරනු ලබන බව රාජකරුණා මන්ත්‍රිවරයා පැවසීය.

මේ අතර, ජනතා විමුක්ති පෙරමුණට ආණ්ඩු බලයත් ලැබී ඇති බැවින් මර්දනකාරී වැඩපිළිවෙළක් දියත් කිරීමට කටයුතු කරමින් සිටින බවත් විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් නිහඬ කරමින් සිටින බවත් මන්ත්‍රිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

 

The leader.lk

 

'අඩි 1,000ක ප්‍රපාතයකට පෙරළී 15 දෙනෙකුට මරු කැඳවූ' ඇල්ල බස් අනතුරට හේතුව කුමක් ද?

ඇල්ල පොලිස් වසමේ, ඇල්ල වැල්ලවාය මාර්ගයේදී විනෝද චාරිකාවක් පැමිණි පිරිසක් ගමන් කරමින් සිටි බස් රථයක් සැප්. 4 දින රාත්‍රියේ අඩි 1,000ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් සිදු වූ අනතුරින් අවම වශයෙන් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව පොලිසිය පවසයි.


පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, රියැදුරු සමග බස් රථයේ මගීන් 30 දෙනෙකු ගමන් කර ඇති බව ය.

ඇල්ල වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ලට නුදුරු මවුන්ට් 7 හෝටලය අසල දී ඊයේ (සැප්. 4) රාත්‍රී 9:00ට පමණ මෙම අනතුර සිදුව ඇත.

අනතුර සිදුව ඇත්තේ කෙසේ ද?

බස් රථය ඉදිරියෙන් පැමිණි ජීප් රථයක සහ මාර්ගයේ ආරක්‍ෂිත යකඩ වැටෙහි ද ගැටී අඩි 1,000ක පමණ ප්‍රපාතයකට පෙරළී ඇතැයි පොලිසිය පැවසීය.

දැනට සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, අනතුරට ලක් වූ පිරිස තංගල්ල ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් පැමිණ නැවත ආපසු යමින් සිටියදී අනතුරට ලක්ව ඇති බව ය.

පුද්ගලයින් මුදාගැනීම සඳහා පොලිසිය, යුද්ධ හමුදාව, ගුවන් හමුදාව, ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව සහ ප්‍රදේශවාසින් එක්ව තිබේ.

police 20250905 අනතුර සම්බන්ධයෙන් පොලිසිය නිකුත් කළ මාධ්‍ය නිවේදනය

 

අනතුරට ලක්ව ඇත්තේ කවුද?

මෙම අනතුරින් බස් රථයේ රියැදුරු ඇතුළු පිරිමි පුද්ගලයින් 6 දෙනෙකු කාන්තාවන් 9 දෙනෙකු මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසීය.

තුවාල ලැබූ පිරිමි පුද්ගලයින් 6 දෙනෙකු, කාන්තාවන් 5 දෙනෙකු, පිරිමි ළමුන් 3 දෙනෙකු සහ ගැහැනු ළමුන් 2 දෙනෙකු ප්‍රතිකාර සඳහා බදුල්ල රෝහලට ඇතුළත් කර තිබේ.

එමෙන් ම, බස් රථයේ පිරිස මුදා ගැනීම සඳහා සහය වූ පුද්ගලයින් දෙදෙනෙකු ද තුවාල ලබා ප්‍රතිකාර සඳහා බදුල්ල රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පැවසීය.

මිය ගිය පිරිස අතර ළමුන් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් බීබීසී සිංහල කළ විමසීමකදී පැවසීය.

"ළමුන් මිය ගිහින් නැහැ, ළමුන් 5 දෙනෙක් තුවාල ලබා තියෙනවා," ඔහු සඳහන් කළේ ය.

බස් රථයේ තංගල්ල නගර සභාවේ සේවකයින් පිරිසක් ගමන් කරමින් සිට ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

ජීප් රථයේ රියැදුරු අත්අඩංගුවට

අනතුරට සම්බන්ධ ජීප් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පැවසීය. මිය ගිය පුද්ගලයින්ගේ මෘත ශරීර දියතලාව, බදුල්ල සහ බණ්ඩාරවෙල රෝහල්වල මෘත ශරීරාගාර තුළ තැන්පත් කර ඇත.

අනතුර සම්බන්ධයෙන් ඇල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

බස් රථයේ අධික වේගය සහ අධික වේගය හේතුවෙන් එය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට සැක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් පැවසීය.

මාරක අනතුරට පෙර බසයේ සිටි පිරිස අවසන් වරට ගත් ඡායාරූප

ඊයේ රාත්‍රියේ සිදු වූ ඛේදජනක බස් අනතුරට ටික වේලාවකට පෙර ඇල්ලේදී ගන්නා ලද තංගල්ල නගර සභා සේවකයන්ගේ ඡායාරූප කිහිපයක් ජනමාධ්‍ය වෙත නිකුත් කර ඇත.

ඡායාරූපවල දැක්වෙන්නේ පුද්ගලයන් 30 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් ඇල්ලෙන් පිටත්ව යාමට පෙර එකට පෙනීසිටින ආකාරයයි.

 

BADULLA 20250905

 

BADULLA 20250905

 

BADYLLA 202595

 

 

(උපුටා ගැනීම් - The leader.lk)

 

 

බැකෝ සමන්ගේ බිරිඳ රිමාන්ඩ්

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කළ මේ වන විට අත්අඩංගුවේ පසුවන නිර්මල ප්‍රසංග (බැකෝ සමන්) නැමැත්තාගේ බිරිඳ වන ෂාධිකා ලක්‍ෂානි නමැත්තිය ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම සැකකාරිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම  හමුවට අද (04) ඉදිරිපත් කෙරිණි.

ඉන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබෙයි.

ඖෂධ නව මිල සූත්‍රය මේ මාසයේ සිට බලාත්මකයි

ඖෂධ නව මිල සූත්‍රය මේ මාසයේ සිට බලාත්මක කරන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි  පවසයි.

නව මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීමත් සමග එකම ඖෂධය විවිධ මිල ගණන් යටතේ අලෙවි කිරීමට කිසිවෙකුට නොහැකි වන බව ඔහු සඳහන් කළේ ය.

රත්නපුර රෝහලේ වෛද්‍ය වැඩ වර්ජනය අත්හිටුවයි

රත්නපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා එම ධූරයෙන් ඉවත් කර සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුයුක්ත කරමින් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා විසින් ලිපිය නිකුත් කරනු ලැබීමෙන් අනතුරුව එම රෝහලේ දින 03ක් පැවති වෛද්‍ය වැඩ වර්ජනය අද දින දහවල් 12ට අත්හිටුවීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

තුසිත හල්ලොලුව යළිත් රිමාන්ඩ්

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින තුසිත හල්ලොලුවගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (04) නියම කළේය

ඒ අනුව සැකකරු ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව  ගමන්ගත් වාහනයට ඉකුත්දා නාරාහේන්පිට ප්‍රදේශයේදී වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුව සැකපිට අත්අඩංගුවට ගෙන මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.


Ada derana.lk

ක්‍රියාකාරී මට්ටමේ නොමැති රාජ්‍ය ආයතන වසා දැමීමට අනුමැතිය

දැනට ක්‍රියාකාරී මට්ටමේ නොමැති රාජ්‍ය ව්‍යවසායයන් 33ක් අදියර 02ක් යටතේ විධිමත් ලෙස වසා දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කරන නව චක්‍රලේඛයකට අනුමැතිය

පාසල්වල 5 සහ 6 ශ්‍රේණි හැර 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම සඳහා නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

අද සිට අකුරට වැඩ කරන ලංවීම..

අද (04) මධ්‍යම රාත්‍රී සිට දිවයින පුරා අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව විදුලි සේවක වෘත්තීය සංගම් පවසයි. ඒ ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලට විරෝධය පල කරමින්.


මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක කරන බවත් බලධාරීන් මේ සඳහා විසඳුම් ලබා නොදුනහොත් වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් තිව්‍ර කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ පැවසූහ.

තැනින් තැනට වෙනස් වෙන කාළගුණය..

බස්නාහිර,සබරගමුව පළාත් හා ගාල්ල,මාතර,මහනුවර,නුවරඑළිය යන දිස්ත්‍රික්ක වල සුළු වශයෙන් වැසි තත්වයක් ඇති විය හැකි බවත් අම්පාර,මඩකලපුව සහ මොනරාගල දිස්ත්‍රික්ක වලද ප.ව. 2 න් පසුව ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


නමුත් දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත තාළගුණයක් පවතී.

නව මහාධිකරණ විනිසුරුවරු 18කට පත්වීම්

ජනාධිපති අනුර කුමාර දිසානායක  විසින් නව මහාධිකරණ විනිසුරුවරු 18 දෙනෙක් පත් කරනු ලැබ ඇත.

මීට අදාළ පත්වීම් ලිපි ජනාධිපතිවරයා විසින් අද (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ප්‍රදානය කෙරිණි.

විශේෂ පන්තියේ අධිකරණ නිලධාරීන් 17 දෙනෙකු සහ නීතිපති දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරියක මෙලෙස මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කර තිබේ.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 වන ව්‍යවස්ථාවේ (2) වන අනු ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් මෙම පත්වීම් සිදු කරන ලදී.

මෙලෙස නව මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත්වීම් ලැබූ නව මහාධිකරණ විනිසුරු නාම ලේඛනය පහතින්.

නව මහාධිකරණ විනිසුරු නාම ලේඛනය මීට පෙර දැරූ පදවිය

  1. එස්.එස්.කේ. විතාන - දිසා විනිසුරු
  2. ඒ.එම්.අයි.එස්. අත්තනායක - දිසා විනිසුරු
  3. ඒ.එම්.එම්. රියාල් - දිසා විනිසුරු
  4. ඩී.පී.මුදුන්කොටුව -  දිසා විනිසුරු
  5. එස්.බී.එච්.එම්.එස්. හේරත් - අතිරේක දිසා විනිසුරු
  6. ජේ. කජනිදීපාලන් -  දිසා විනිසුරු
  7. ඩී.එම්.ඩී.සී. බණ්ඩාර -  අධිකරණ සේවා කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ

සහකාර ලේකම්

  1. එච්.එම්.බී.ආර්. විජේරත්න - අතිරේක දිසා විනිසුරු
  2. ඩී.එම්.ඒ. සෙනෙවිරත්න -  අතිරේක දිසා විනිසුරු
  3. ඒ.ඒ. ආනන්දරාජා - මහේස්ත්‍රාත්
  4. ජී.එන්.පෙරේරා - දිසා විනිසුරු
  5. ඒ. ජුඩේසන් -  දිසා විනිසුරු
  6. ඩබ්ලිව්.කේ.ඩී.එස්. වීරතුංග -  දිසා විනිසුරු
  7. ආර්.බී.එම්.ඩී.ආර්.වැලිගොඩපිටිය -  දිසා විනිසුරු
  8. කේ.ඩී.එන්.වී. ලංකාපුර -  මහේස්ත්‍රාත්
  9. ඩී.එම්.ආර්.ඩී.දිසානායක - දිසා විනිසුරු
  10. එම්.අයි.එම්. රිස්වි - දිසා විනිසුරු
  11. ඒ. ජයලක්ෂි ද සිල්වා -  රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතීඥ


මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක ද එක් විය.

ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේගේ ධූර කාලය ඉරිදායින් අවසන්

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑලගේ ධූර කාලය ඉරිදා දින (07) අවසන් වීමට නියමිතය.

දියවඩන නිලමේවරයාගේ කාලය වසර දහයක් වන අතර ප්‍රදීප් නිලංග දෑල  ප්‍රථමයෙන් වර්ෂ 2005 දී එම තනතුර සඳහා පත් වූ අතර, යළිත් වරක් 2015 දී ද දෙවන වරටත් දියවඩන නිළමේ ධූරයට පත්විය.

විහාර දේවාලගම් පනතට අනුව අටවන දින සිට(08) වැඩ බලන දියවඩන නිළමේ වරයෙකු පත් කරගත යුතු අතර එදින සිට මාස තුනක් ඇතුළත දියවඩන නිලමේවරයෙකු තෝරාපත් කරගත යුතු වේ.

දියවඩන නිලමේවරයා තෝරා පත් කරගනු ලබන නිලවරණයේදී ඡන්දය ඡන්ද බලය හිමිවනුයේ මල්වතු අස්ගිරි මහා නායක හිමිවරුන් ඇතුළු රජ මහා විහාරාධිපති ස්වාමීන් වහන්සේලා එකසිය පනස් නමකට(150), ප්‍රාදේශීය ලේකම්වරු එකසිය හැත්තෑ දෙනෙකුට(170), බස්නායක නිලමේවරුන් තිස් එක් දෙනෙකුට(31) හා ගිහි භාරකරුවන් දහ දෙනෙකුට (10) ද වශයෙන් ඡන්දය අයිතිය හිමි වේ.

ඡන්දයදීමට හිමිකම පවතින ප්‍රාදේශීය ලේකම්වරු අතරින් ප්‍රාදේශීය ලේකම්වරයෙක් කාන්තාවක් නම් ඇයට ඡන්ද බලය හිමි වන්නේ නැත. මෙවර එසේ ඡන්ද බලය හිමි නොවන ප්‍රාදේශීය ලේකම්වරියන්ගේ සංඛ්‍යාව සියයකට(100) ආසන්න යැයි කියවේ.

වර්තමාන දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල වර්ෂ 2005 දී මෙම තනතුර සඳහා තේරී පත් වූයේ ජන්ද 199ක් ලබා ගනිමිනි. එවර ඔහු සමග තරග කළ මොහාන් පාන බොක්කේ  ඡන්ද 44 ක්ද, නෙරංජන් විජේරත්න  ඡන්ද 42ක් ද, සුදන්ත සේනානායක  ඡන්ද 04ක් ද වශයෙන් ලබාගෙන තිබුණි.

වර්ෂ 2015 දී පැවති නිලවරණයෙන් නිලංග දෑල  ඡන්ද 207ක් ද , ගයාන් හීන්කෙන්ද  ඡන්ද 53 ක් ද , නෙරන්ජන් විජේරත්න ඡන්ද 16ක් ද වශයෙන් ලබාගත් අතර එහිදී අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් වූ සුදන්ත සේනානායකගේ නම යෝජනා කිරීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවීම විශේෂත්වයක් විය.

BYD වාහන 506ක් මුදා හැරීමට රේගුව අධිකරණය හමුවේ එකඟවෙයි

ශ්‍රී ලංකා රේගුව මඟින් රඳවා ගෙන සිටින BYD විද්‍යුත් වාහන 506ක් අමතර බැංකු ඇපකරයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මුදාහැරීමට ශ්‍රී ලංකා රේගුව අද (03) අභියාචනාධිකරණය හමුවේ එකඟ විය.

අදාළ වාහන ආනයනය කළ  සමාගම විසින් ගොනුකර තිබෙන පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදී මෙම එකඟතාවය පළ කෙරුණි.

 

Ada Derana.lk

හිටපු ලොකු ලොක්කෝ 20කට එරෙහිව නීතිපති බරටම වැඩ!

පසුගිය කාලයේ ආන්දෝලනාත්මක සිදුවීම් 20කට වැඩි ප්‍රමාණයක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව සූදානමින් සිටින බව වාර්තා වේ.

හිටපු මැතිඇමැතිවරුන් සහ නිලධාරීන් පිරිසකට එරෙහිව මෙසේ අධිචෝදනා ගොනු වීමට නියමිතව ඇති බව දැනගන්නට ඇත.

 



අනුර ප්‍රියදර්ශන යාපා සහ ඔහුගේ බිරිඳ ඇතුළු 4කට අධිචෝදනා

මේ අතර හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (සැප්. 2) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුෂවිතාන වෙත දැනුම් දුන්නේ ය.

2014 වසරේ අගභාගයේදී කුරුණෑගල බිංගිරිය හා නාරම්මල ප්‍රදේශවල ගම්වතුරින් අවතැන් වූ පුද්ගලයන්ට සහන සැලසීමේ මුවාවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් රුපියල් 61,46110ක මුදලක් ලබාගෙන එම කටයුතු සඳහා භාවිතා නොකර එම මුදල් 2015 වසරේ පැවති ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා භාවිත කර ඇති බවට චෝදනා කරමින් මෙම නඩුව ගොනු කර ඇත.

හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය වශයෙන් කටයුතු කළ වෛද්‍ය ධම්මිකා ශිරාණි සුමනරත්න (බිරිඳ ), ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති එස් අමරසේකර හා අමාත්‍යවරයාගේ හිටපු සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වන අනුර සෙනෙවිරත්න නමැති සැකකරුවන් සිව් දෙනෙකුට එරෙහිව එසේ අධි චෝදනා ගොනුකර ඇති බව විමර්ශන නිලධාරීහු අධිකරණයට පෙන්වා දුන්හ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැක්වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළව එම අධිකරණයේ විභාගයට ගැනුණු නඩු කටයුතු අවසන් කළ අතර මහාධිකරණයෙන් නොතීසි ලද පසුව එම අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද සැකකරුවන් සිව් දෙනාට අධිකරණයෙන් නියම විය.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනා මේ වනවිට ඇප මත මුදා හැර තිබේ.

 

The leader.lk

පොලිස් සංවත්සරය අද..

ශ්‍රී ලංකා පොලීසියේ 159 වන පොලිස් සංවත්සර දිනය අදට (03) යෙදී ඇත.


1866 සැප්තැම්බර් 3 වන දින පළමු පොලිස් කාර්යාලය පිහිටවු අතර,ජී. ඩබ්ලිව්. ආර්. කැම්බල් පළමු පොලිස්පතිවරයා විය.


මෙම දිනය ශ්‍රී ලංකා පොලිසියේ ආරම්භක දිනය ලෙස සැලකෙන අතර,159 වන පොලිස් දිනය සැමරීම සඳහා විශේෂ අනුස්මරණ උත්සවයක් අද (03) පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේදී පැවැත්වේ.


පොලිස් මූලස්ථානය පැවසූවේ උත්සවයට සූදානම් වීමක් ලෙස කොළඹ රථවාහන කොට්ඨාසය විශේෂ රථවාහන සැලැස්මක් ප්‍රකාශයට පත් කර ඇති බවත් එය ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බවත් ය .


‍එම රථවාහන සැලැස්මට අනුව පොලීසිය නිවේදනය කලේ බම්බලපිටිය පොලිස් වසමේ තුම්මුල්ල හන්දියේ සිට තිඹිරිගස්යාය හන්දිය දක්වා හැව්ලොක් මාර්ගයේ රථවාහන ගමනාගමනය පහත පරිදි සිදුකිරීමට කටයුතු යොදා ඇති බවයි.


• පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානය ඉදිරිපිට ඇති කොළඹින් පිටවීමේ මාර්ගයේ ස්ථාපිත කර තිබෙන බස් නැවතුම 2025.09.03 වන දින පස්වරු 02.30 සිට පස්වරු 07.00 දක්වා තාවකාලිකව හැව්ලොක් පාර ෆොන්සේකා පාර හන්දියේ ඇති බස්නැවතුම වෙත රැගෙන යාම.


• 2025.09.03 වන දින පස්වරු 02.00 සිට පස්වරු 07.00 දක්වා බම්බලපිටිය පොලිස් වසමේ තුම්මුල්ල හන්දියේ සිට තිඹිරිගස්යාය හන්දිය දක්වා හැව්ලොක් මාර්ගයේ බර වාහන (කන්ටේනර් රථ හා ටිපර් රථ) ගමනා ගමනය සීමා කිරීම.

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර නිදහස්

පොලිස් මුලස්ථානයේ විදුලි සෝපාන ක්‍රියාකරුවෙකුට විදුලි සෝපානය අසලදී සාපරාධි බලහත්කාරකම් හා සාපරාධි බියගැන්වීම් සිදුකිරීමේ චෝදනාවලින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර නිදහස් කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (03) නියම කළේය.

ඉකුත් 2017 වසරේ අප්‍රේල් මස 11 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සෝපාන අංක එක ක්‍රියාකරුව සිටි රාගම පදිංචි ඒ.එච්. සමරකෝන් බණ්ඩා නිලධාරියාට පහරදීමට තැත් කරමින් පරුෂ වචනයෙන් බැණ තර්ජනය කළ බවට හිටපු පොලිස්පති පූජිත ජයසුන්දරට එරෙහිව අදාළ නිලධාරියා මෙම පැමිණිල්ල සිදුකර තිබුණි.

එම චෝදනාවලට අදාළ තීන්දුව ප්‍රකාශ කරමින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ප්‍රකාශ කළේ, හිටපු පොලිස්පතිවරයා චේතනාන්විතව පහරදීමක් සිදුකර නොමැති බවට නිගමනය කරන බවය.

 

 

Ada derana.lk

Page 3 of 487