V2025

පුවත්

නියෝජ්‍ය කතානායක : රනිල්ගේ සහය සජබ රෝහිණීට !

දැනට පුරප්පාඩුව පවතින නියෝජ්‍ය කථානායක ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණි කවිරත්නගේ නම යෝජනා කිරීමට සමගි ජන බලවේගය තීරණය කර ඇති බව වාර්තා වෙයි .

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, ළමා හා කාන්තා ක්‍රියාකාරිනියක වන ඇය එම තනතුරට යෝජනා කරන බවය.

මේ අතර මන්ත්‍රී අජිත් රාජපක්ෂගේ නම නියෝජ්‍ය කථානායක ධුරය සඳහා යෝජනා කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි .

නියෝජ්‍ය කථානායකවරයෙකු තෝරා ගැනීමේ ඡන්ද විමසීම මැයි 17 වනදා පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතය.

 ''කාන්තාවක් පත් කිරීම පත් කිරීම : කැෆේ අගයයි !

 මේ අතර 'කැෆේ' සංවිධානය පවසන්නේ, නියෝජ්‍ය කථානායක ධුරයට කාන්තාවක් පත් කිරීම පත් කිරීම කාලෝචිත ක්‍රියාවක් බවයි.

නියෝජ්‍ය කථානායක ධුරය සඳහා කාන්තාවක් පත්කර ගැනීම සුදුසු බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කර ඇති යෝජනාව කාලෝචිත එකක් බව කැෆේ සංවිධානය පවසයි.

එම සංවිධානයේ අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශ පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය වඩා බලවත් කිරීමට එය හේතුවක් වනු ඇති බවයි.

හත්වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සංයුතියට සමගාමීව මන්ත්‍රීවරියන් සිටින්නේ 6% කට වඩා අඩු ප්‍රමාණයක් බව ආරියවංශ පෙන්වා දෙයි.

 මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීමේ දී සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පිරිනැමීමේදී බොහෝ පක්ෂවල නායකයින් කාන්තා නියෝජනය පිළිබඳව සැලකිල්ලක් නොදැක්වීම නිසා මෙවර පාර්ලිමේන්තුවේ නියෝජිතවරියන් සංඛ්‍යාව දහතුන් දෙනෙකුට සීමා වී ඇත.

 පළාත් පාලන ආයතන සඳහා නාම යෝජනා සැකසීමේදී කාන්තාවන් ඇතුළත් විය යුතු බවට නීතියක් පැවති හෙයින් මේ වන විට පළාත් පාලන ආයතනවල 23% පමණ කාන්තා නියෝජනයක් දක්නට ලැබෙන බව සුරංගි ආරියවංශගේ අදහසයි. නමුත් මෙම තත්ත්වය පළාත් සභා සහ පාර්ලිමේන්තුව පිළිබඳව සලකා බැලීමේදී ඉතා කනගාටුදායක බව සුරංගි ආරියවංශ අවධාරණය කරයි.

මේ නිසා මෙරට නීති සම්පාදනය කිරීමේ කාර්යයසඳහා සැලකිය යුතු දායකත්වයක් දැක්වීමට කාන්තාවකට අවස්ථාව ලබාදීමට සෙසු පක්ෂ කටයුතු කළ යුතු බව කැෆේ සංවිධානයේ අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් පෙන්වා දෙයි.

මේ සඳහා මෑත කාලීනව ගත හැකි සාධනීයම පියවර වන්නේ නියෝජ්‍ය කථානායක ධුරය සඳහා සුදුසු මන්ත්‍රීවරියක් පත්කිරීම බව සුරංගි ආරියවංශ වැඩිදුරටත් කියා සිටියි.

රනිල් රට සාමකාමී කරයි : ඇඳිරි නීතිය හැකිලෙයි !

අග්‍රාමාත්‍ය ලෙස රනිල් වික්‍රමසිංහ මේ වන විට පත්ව අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් වන පසුබිමේ රටේ පැවති ප්‍රචණ්ඩත්වය ඉවත්ව ගොස් සාමාන්‍ය අතට හැරී තිබේ.

ඊට අදාළව දිවයින පුරා පනවා තිබූ ඇඳිරි නීතිය ද හකුළමින් පවතී.

ඒ අනුව අද (14)පස්වරු 06.00 සිට ක්‍රියාත්මක ඇඳිරිනීතිය හෙට (15) පෙරවරු 05.00ට ඉවත් කරයි.

ජනාධිපති මාධ්‍ය අංශය මේ බව නිවේදනය කරයි.

අදාල නිවේදනයේ හෙට පස්වරුවේ ඇදිරි නීතිය පැනවීමක් ගැන සදහන්ව නැත.

සජබ සන්ධානයේ : මනෝ පාර්ශ්වය රනිල්ට !

සමගි සන්ධානයේ පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ ආණ්ඩුවට සහය දැක්වීමට තීන්දු කර තිබෙන බව වාර්තා වෙයි .

ඒ බව මේ වන විට ප්‍රසිද්ධියේ පවසා ඇත්තේ , පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් ගේ නායකත්වයෙන් යුතු ද්‍රවිඩ ප්‍රගතිශීලී සන්ධානය විසිනි .

වඩාත් විශේෂ සිදුවීම වන්නේ , එම සන්ධානය ආණ්ඩුවේ තනතුරු නොගන්නා නමුත් , ආණ්ඩුව පෙරළීම සඳහා, ගනුලබන කිසිදු ප්‍රයත්නයකට , සහය නොදෙන ස්ථාවරයක් ගෙන තිබීමයි .

තම ස්ථාවරය වැඩිදුරටත් පැහැදිලි කරමින්, ද්‍රවිඩ ප්‍රගතිශීලී සන්ධානය පවසන්නේ පොදු ජනතාවගේ ජීවනෝපාය ගැටලුවලට අවම විසඳුම් සෙවීමට නව රජයට කාලය අවශ්‍ය බව පිළිගෙන , ඊට අනුව කටයුතු කරන බවයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා පවසන්නේ , ආණ්ඩුවට සම්බන්ධ වන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තමන්ට ආරාධනා කළ නමුත් , තමන් එය ආචාරශීලීව ප්‍රතිකේෂ්ප කළ බවයි.

එහෙත් පක්ෂ දේශපාලනය ඉදිරියට ගෙන කෑකෝගසා බාධා කිරීමට කිසිම අදහසක් නොමැති බවත් ඔහු සඳහන් කළේය .

මේ හමුවේ තම අපේක්ෂාව වන්නේ , ජීවනෝපාය අර්බුදයේ අතරමංව සිටින ජනතාව මුදා ගැනීමට ඔහුට හැකි සියලුම දේ කිරීමට අග්‍රාමාත්‍යවරයාට අවස්ථාව සැලසීම බවත් ඔහු පවසයි .

ද්‍රවිඩ ප්‍රගතිශීලී සන්ධාන, නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් තවදුරටත් පැවසුවේ, රනිල් වික්‍රමසිංහ, යනු තමන්ගේ හිටපු අග්‍රාමාත්‍යවරයා බවත් ඔහුගේ ශක්තිය හා දුර්වලතා සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් තමන් සතු බවයි.

නමුත් අග්‍රාමාත්‍යවරයා ගේ දුර්වලකම ගැන මේ අවස්ථාවේ කතා කර, ගැලරි දේශපාලනය කිරීමට දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ කිසිවකු සූදානම් නොමැති බවත් ඔහු සඳහන් කළේය .

ජාත්‍යන්තර සන්නිවේදන සම්බන්ධයෙන්, රනිල්ගේ ශක්තිය මත රටට සෙතක් වෙනවානම් තමන් එය හදවතින්ම පිළිගන්නා බවත් ඔහු පවසයි .

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද සඳහන් කරයි.

"අද රටේ කෑම නැහැ. බෙහෙත් නැහැ. ගෑස් නැහැ. ඉන්ධන නැහැ. පොහොර නැහැ. විදුලිය නැහැ. මේවාට අවම විසඳුම් හෝ ඔහු දිය යුතුයි. අගමැතිතුමා ඒක කරපුදෙන්. ඒකට, වගකිව යුතු පක්ෂයක් විදියට අපි ඉඩ දෙමු. එබැවින් අද පවතින සන්දර්භය තුළ, පාර්ලිමේන්තුවෙ ඔහුගේ රජය කකුලෙන් ඇදෙන කිසිදු උත්සාහයකට අපි සහාය දෙන්නේ නැහැ."

 "රටේ ආර්ථික ප්‍රශ්න තිබෙනවා. අපේ රට ගත්ත ණය නිසි කලට ගෙවා ගන්න බැරි වෙලා තිබෙනවා. එනිසා ණය දීපු අය සමඟ කතා කරලා ණය ආපසු ගෙවීමේ කාලසටහන් නැවත සකස් කළ යුතුයි "

"අත්‍යවශ්‍ය අවශ්‍යතා ලබා ගැනීමට අමෙරිකානු ඩොලර් නැහැ. මේ සඳහා මිත්‍ර රටවලින් ණය ආධාර සහ මුදල් හුවමාරු ආධාර ලබා ගත යුතුයි. ඉන්දියාව දැනටමත් මේවා ලබා දෙමින් ඉන්නේ. මේවා තව තවත් වැඩි කළ යුතුයි. දැනටමත් සහාය දෙන මිත්‍ර රටවල්වල සම්මුතියක් (Consortium) පිහිටුවීමට අගමැතිවරයා උත්සාහ කරමින් ඉන්නවා. මේක හොඳයි. බදු ප්‍රතිපත්තිය ප්‍රතිසංස්කරණ විය යුතුයි."

එසේම 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත්කර 19 බලාත්මක කිරීම , ජනාධිපති ගෝඨාභය ගේ ඉල්ලා අස්වීම සඳහා කාලසටහනක් සැකසීම, මෙන්ම රාජපක්ෂවරුන් ට රටේ ජනතාව අතර ඇති විරෝධය තේරුම් ගෙන අග්‍රාමාත්‍යවරයා කටයුතු කළ යුතු බවත් ද්‍රවිඩ ප්‍රගතිශීලී සන්ධානය අවධාරණය කර සිටියි.

මේ සමග සමගි ජනබලවේගය පක්ෂයේ තවත් මන්ත්‍රී කණ්ඩායමක්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ට වත්මන් අර්බුදය විසඳීමට , සහය දක්වන ආකාරය සම්බන්ධයෙන් අභ්‍යන්තර සාකච්ඡා කිහිපයක් සිදුවෙමින් තිබෙන බවත් වාර්තා වෙයි.

 

පොලිස්පති එපා : ජනාධිපති පොහොට්ටු මන්ත්‍රී හමුවේ ගාලගෝට්ටියක් !

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් අතර අද (14) පැවති විශේෂ රැස්වීම දැඩි උනුසුම් මුහුණුවරක් ගෙන ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි .

හිටපු අමාත්‍යවරු හා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු මෙම රැස්වීමට එක්ව සිටින බවත් වාර්තා වෙයි .

ඊට සහභාගිවී සිටින ඇතැම් මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා පසුගිය දින කිහිපයේ ගනුලැබූ ක්‍රියාමාර්ග දැඩිලෙස විවේචනය කර ඇති අතර නිසි ආරක්ෂාවක් ලබාදීමට නිසි පරිදි කටයුතු නොකල පොලිස්පතිවරයා ඉවත්කරන ලෙස ඔවුන් ජනාධිපතිවරයාට බලකර තිබෙන බවත් වාර්තා වෙයි .

කෙසේ වුවත් එහිදී නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ට නිසි ආර්ථික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවීමට සහාය දීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී කණ්ඩායම තීන්දු කර ඇති බවත් වාර්තා වෙයි .

කරළිය රත්වෙයි : රනිල්ගෙන් සජිත්‍ට ලිපියක් !

දේශපාලන කරළියම උනුසුම් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ආන්දෝලනාත්මක ලිපියක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත යොමුකර ඇත .

ඒ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ආරාධනා කරමින් යොමු කර ඇති ලිපියක් හේතුවෙන් ය.

එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සෘජුවම විපක්ෂනායකවරයා ආමන්ත්‍රණය කර ඇත.

මේ ආකාරයට අග්‍රාමාත්‍යවරයා ආන්දෝලනාත්මක ලිපියක් විපක්ෂ නායකවරයා වෙත යවන්නේ ඔහුද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලියුම් ලියමින් අග්‍රාමාත්‍ය ධූරය ඉල්ලා සිටින අවස්ථාවකය.

අදාළ ලිපිය පහත දැක්වෙයි .

281156050 10210013769938858 734197968089923963 n

 

ලක්ෂ්මන් හුළුගල්ල අභාවප්‍රාප්ත වේ

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ලෙස කටයුතු කළ ලක්ෂ්මන් හුළුගල්ල අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යනවිට ඒ මහතා 66 වැනි වියේ පසුවිය.

පසුගිය දින කිහිපයේ හෘදයා බාධයකට ලක්වූ ඔහු මියගොස් ඇත්තේ ඕස්ට්‍රේලියාවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීය.

ඔහුගේ දේහය අද දිනයේ මෙරටට ගෙන ඒමට නියමිත අතර අවසන් කටයුතු සිදුකරන දිනය පසුව දැනුම් දෙන බව පවුලේ හිතවතකු පැවසිය.  

මම ගන්නනේ හිටියේ - ඇයි නොදුන්නේ ? සජිත්ගෙන් තවත් ලියුමක් !

සමගි ජනබලවේගය පක්ෂයේ මන්ත්‍රීවරුන් කියන ලෙස ආසයි බයයි ප්‍රතිපත්තිය හේතුවෙන් අග්‍රාමාත්‍ය ධූරය භාරනොගෙන සිටි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (13) තවත් ලිපියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමුකර ඇත .

ඒ ඊයේ (12) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් විපක්ෂ නායක වෙත යොමුකළ ලිපියට ප්‍රතිචාර දක්වමින් ය.

එම ලිපියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසන්නේ තමන් කිසිම අවස්ථාවක අගමැති ධූරය ප්‍රතිකේෂ්ප නොකළ බවය.

එහෙත් ඊයේ (12) ජනාධිපති යොමුකළ ලිපියේ සඳහන් විපක්ෂ නායක "මැයි 10 මාධ්‍ය හමුවේදී අන්තර් වාර ආණ්ඩුවේ ජනාධිපති යටතේ කිසිම වගකීමක් නොගන්නා" බවට සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් අද විපක්ෂ නායක යොමුකළ ලිපියේ සඳහන් නොවීමත් විශේෂය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමුකළ ලිපිය පහත දැක්වෙයි .

letter 1 1024x1024 1

බූට්කෑවා වගේ ලියුම් නොලියා සජිත්‍ට තියෙන්නේ බහුතරය පෙන්වන්න !

කෙසේ වෙතත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ මේ ලියුම් හරඹය සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ මේ වන විට රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයේ දිවුරුම් දී ඇති නිසා තවදුරටත් ලියුම් හරහා විසඳීමට ප්‍රශ්නයක් නොමැති බවය.

එබැවින් දැන් සජිත් ප්‍රේමදාස විපක්ෂ නනායකවරයා කළ යුතුව ඇත්තේ , සජිත් ප්‍රේමදාස ට විශ්වාසය පළකෙරෙන යෝජනාවක් බහුතර ජන්දයෙන් සම්මත කිරීම බවත් ඔවුන් පවසයි .

මේ පහත දැක්වෙන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඊයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත යොමුකළ ලිපියයි.

sajith l

 

රනිල්ට එරෙහි විරෝධතාව : ඇඳිරිනීතියට ගරුකර ගෙදර යයි !

අද (13) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ පෞද්ගලික නිවස ඉදිරි පිටට රැස්වූ 10 දෙනෙකුගේ පමණ කණ්ඩායමක්, ධුරයෙන් ඉවත්ව යන ලෙස උද්ඝෝෂණය කළහ.

චීවරධාරීන් දෙදෙනෙකු ඇතුලු මේ පිරිස විරෝධතා පුවරු කිහිපයක් ද ප්‍රදර්ශනය කළ අතර අනතුරුව පස්වරු 2.00 ට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීම ඇරඹුණු බැවින් ඉවත්ව ගියහ.

එහිදී ඔවුන් පවසා සිටියේ ඇඳිරි නීතිය නිසා තමන් නීතියට ගරු කර විරෝධය අවසන් කරන බවය.

කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සිවිල් සමාජ ක්‍රියාකාරිකයකු පවසා සිටියේ , මෙවැනි ළදරු වල්ලිපුකාරයන් හේතුවෙන් අරගලයට ඇති සමාජ පිළිගැනීම සහ ඊට ඇති සමාජ බලය මොටවන බවය.

"මේ රටේ මොන හොඳ දෙයක් ගෙනාවත්, කවුරු අලුත් දෙයක් හඳුන්වා දුන්නත් ඒක පිස්සුවක් වෙලා ඉවර වෙන්නේ . මේ එහෙ මෙහෙ යන කොන්ත්‍රාත්කරුවන් නිසා අරගලයත් පිස්සුවක් වෙයිද කියන සැකය තියෙනවා " යනුවෙන් ද ඔහු පැවසීය .

අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා හිඟය පියවීමට : අගමැතිගෙන් විශේෂ කමිටුවක්

අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා හිඟය කඩිනමින් පියවා ජනතාවට සහන සැලසීම සඳහා යෝජනා ලබා ගැනීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විශේෂ කමිටුවක් පත් කර ඇත.

එහි, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව ජනතාවට ලබා දීම සඳහා ඊට අදාළ අංශ සමග සාකච්ඡා කොට යෝජනා ලබා ගැනීමට එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන සහ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර පත් කර ඇත.

ඖෂධ හිඟය මඟහරවා ගැනීම සම්බන්ධයෙන් අදාල තොරතුරු ලබාගැනීම එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධනට පවරා ඇත.

එජාප උප නායක අකිල විරාජ් කාරියවසම්ට පවරා ඇත්තේ , පොහොර අර්බුදය සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීමටය.

එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක සාගල සාගල රත්නායකට පවරා ඇත්තේ ඛනිජ තෙල් සම්බන්ධව වගකීමය.

මෙම කමිටුව විසින් අදාළ ක්ෂේත්‍රවල සියලුම පාර්ශවකරුවන් හමුවී පවතින සැබෑ ගැටලු හඳුනාගෙන ඔවුන්ගේ යෝජනා ද ලබා ගෙන සමාජයේ පවතින සැබෑ තත්ත්වය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට සෘජුවම වාර්තා කිරීමට නියමිතව ඇති බව අග්‍රාමාත්‍ය කාර්‍යාල ආරංචි මාර්ග පවසයි.

මෙය රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා වූ පසුව පත්කළ පළමු කමිටුව වෙයි.

රනිල්ගේ ආණ්ඩුවට යන්නෙත් නෑ : කඩාකප්පල් කරන්නෙත් නෑ - විමල්

මොහොතේ රටට අග්‍රාමාත්‍යවරයෙකු අවශ්‍ය නමුත්, ජනතාව බලාපොරොත්තු වූවේ රනිල් වික්‍රමසිංහ පන්නයේ අග්‍රාමාත්‍යවරයෙකු නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසයි .

අද (13) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළ අතර එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය .

“රට මේ මොහොතේ මුහුන දී තිබෙන අර්බුදයට රනිල් වික්‍රමසිංහද වගකිව යුතුයි. ඔහු විසින් හදන කැබිනට් මණ්ඩලයේ කිසිදු තනතුරක් භාර නොගැනීමට ස්වාධීන වූ පක්ෂ එකොළහේ නියෝජිතයන් තීරණය කර තිබෙනවා. නමුත් පිහිටුවා ගන්නා පාලනය කඩාකප්පල් කිරීමේ අරමුණින් කටයුතු කරන්නේ නැහැ.රනිල් කියන්නේ ටයි කෝට් අදින බැසිල් රාජපක්ෂයි. බැසිල් රාජපක්ෂ යනු සාටකය දමා ගත් රනිල්.”

රනිල් යටතේ අමාත්‍ය ධූර ගන්නේ නෑ : ශ්‍රීලනිප

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යටතේ කිසිදු අමාත්‍ය ධූරයක් භාර නොගැනීමට සහ ආණ්ඩුවක කොටස්කරුවෙකු නොවීමට සිය පක්ෂය තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි .

අද (13) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති , හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ බව සඳහන් කර සිටියේ ය.

රන්ජන් නිදහස් කරගන්න : එජාපය සාකච්ඡා මගට !

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක නිදහස් කර ගැනීම සඳහා සාකච්ඡා කරන බව එක්සත් ජාතික පක්ෂ උපනායක අකිල විරාජ් කාරියවසම් පැවසීය.

ඔහු මේ බව සඳහන් කර සිටියේ පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ය.

රන්ජන් රාමනායකට වඩා වැඩි වැරදි කළ අය නිදහස් කර තිබෙන හෙයින් රන්ජන් රාමනායක නිදහස් කරන්නැයි යන ඉල්ලීම ඉතා සාධාරණ එකක් වනු ඇතැයි ද එජාප උපනායක පැවසීය .

 

රනිල් වැඩ අරඹයි : නෝඩීල්ගම ඉදිවෙයි !

අගමැති රනිල් වික්‍රමසිංහට විරෝධය දක්වමින් අරලිගහ මන්දිරය ඉදිරිපිට පිරිසක් පෙරවරුවේ විරෝධතාවක් ආරම්භ කර තිබේ.

අට්ටාල ගසා අඛණ්ඩ විරෝධයක් ආරම්භ කිරීමට එම පිරිස සූදානම් වෙමින් සිටින බවත් දැනගන්නට ඇත .

මෙම විරෝධතා ගම්මානය ‘No Deal Gama’ ලෙස නම් කර ඇත.

මේ අතර අගමැති රනිල් වික‍්‍රමසිංහ අග‍්‍රාමාත්‍ය කාර්යාලයේදී සිය ධුරයේ කටයුතු ආරම්භ කර තිබේ.

ජාත්‍යන්තරයේ සහය රනිල්ට : මුලින්ම ඇමරිකාව !

නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වූ රනිල් වික්‍රමසිංහ වෙත පළමු රාජතාන්ත්‍රික සුබ පැතුම මෙරට ඇමරිකානු තානාපතිනි ජුලි චන්ග් විසින් එක්කර තිබේ.

රනිල් වික්‍රමසිංහ නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කිරීම සහ ඉක්මනින් නව රජයක් පත් කිරීම ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට විසඳුමක් ලබාගැනීමටත් ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීමටත් පළමු පියවර බව එහිදී ඇය සඳහන් කර ඇත .

එසේම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාර්ථක ප්‍රගතියක් ලබාගැනීමට සහ ශ්‍රී ලාංකිකයන්ගේ අවශ්‍යතා සපුරාලීමට දීර්ඝකාලීන විසඳුමක් ලබාදීමට රජය දිරිමත් කරන අපේක්ෂාවද එහිදී තානාපතිවරිය සඳහන් කර තිබේ.

පහත දැක්වෙන්නේ ඇමරිකානු තානාපතිනිය නිකුත්කළ ට්වීටර් සටහන යි.

FB IMG 1652387317369

ඇමති ධූර කිහිපයක් ලෑස්තියි - පමා නොවී එන්න : ගෝඨා සජිත්‍ට දන්වයි !

පවතින ආර්ථික සහ දේශපාලන අර්බුදයට විසඳුම් සෙවීම ජාතික අවශ්‍යතාවක් ලෙස සලකා සමගි ජනබලවේගය පක්ෂයේ යම් පිරිසක් ඉදිරියේදී පත්කිරීමට නියමිත නව අමාත්‍ය මණ්ඩලයට ඇතුළත් කිරීමට එකඟ වන්නේ නම් , ඒ සම්බන්ධයෙන් නොපමාව දැනුවත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට දැනුම්දි ඇත.

අද (12) මෙම ලිඛිත දැනුම්දීම සිදුකර ඇත්තේ කොන්දේසි 4ක් යටතේ තමන් අන්තර්කාලීන ආණ්ඩුව භාරගැනීමට සූදානම් බව සඳහන් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ජනාධිපති වෙත යොමුකළ ලිපියට නිල ප්‍රතිචාරයක් වශයෙනි.

රට බරපතළ දේශපාලන සහ ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් පවතින අවස්ථාවක නව අමාත්‍ය මණ්ඩලය පත්කිරීමට බොහෝ කල් දැමීමට නොහැකි බවත් එබැවින් කඩිනම් ප්‍රතිචාරයක් අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා යොමුකළ ලිපියේ අවධාරණය කර ඇත.

අභියෝගය මඟ හැරියේ ඔබයි : දැන් ඔබ ප්‍රමාදයි !

එසේම මැයි 06 වනදා අගමැති මහින්ද ප්‍රමුඛ ආණ්ඩුවට ඉල්ලා අස්වීම දැනුම්දීම ,

පසුව අගමැති ධූරය භාරගෙන ආණ්ඩුවක් පිහිටුවීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත ජනාධිපති ගෝඨාභය සිදුකළ දැනුම්දීම ,

ජනාධිපති යටතේ අන්තර්වාර පාලනයක වගකීමක් නොගන්නා බවට විපක්ෂ නායක මැයි 10, ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී පැවසීම,

ඇතුළු පසුගිය සමයේ සිදුවීම් පැහැදිලි ලෙස දක්වා ඇති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ , අන්තර්වාර ආණ්ඩුවක් සඳහා එකඟ අනෙකුත් පක්ෂ නායකයන්ගේ එකඟතාව මත හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ට අග්‍රාමාත්‍ය ධූරය සඳහා ආරාධනා කළ බවත් විපක්ෂ නායක වෙත යොමුකළ ලිපියේ සිහිපත් කර ඇත .

එවැනි පසුබිමක නව අග්‍රාමාත්‍යවරයා ලෙස අද (12) දිවුරුම්දීමට මොහොතක් තිබියදී අනෙක් පක්ෂ සමග සාකච්ඡා නොකළ කොන්දේසි 4 ක් ගෙන අගමැති ධූරය ලබාගන්නට එකඟතාව දැක්වූවද තමන්ට වචනය වෙනස් කිරීමට නොහැකි බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත යොමුකළ ලිපියේ දක්වා ඇත.

ජනාධිපතිවරයා විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත යොමුකළ ලිපිය පහත දැක්වෙයි .

sajith l

සජිත් බලාගෙන ඉන්න : කැප්ටන් වැඩේ බාරගෙන !

කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක ධූරය දැරීමටවත් තරම් පරිණතද යන ප්‍රශ්නය මේ හරහා මතුවෙන බවයි.

රට බරපතළ අර්බුදයකට මුහුණදී රටේ සෑම අංශයක්ම කඩා වැටෙමින් ඇති පසුබිමක රනිල් අගමැති ධූරය භාරන්නා තුරු ඒ සම්බන්ධයෙන් වූ අභියෝගයට මුහුණදීමට නොහැකි නායකයකු ලෙස තමන් විසින්ම අද නැටූ නාඩගම හරහා තහවුරු කළ බවත් විචාරක මතය වී තිබේ.

හොඳම කප්පිත්තා යනු මුහුද නිසොල්මනේ ඇති අවස්ථාවේ එය නියමිත වරායට ගෙන යන්නා නොව , මහා කුණාටු සුළි ඇති පසුබිමක පවා නිරුපද්‍රිතව නැව වරායට පදවන්නා බව සජිත් විපක්ෂ නායක මෙන්ම ඔහුගේ ගෝලයන් රැළත් තේරුම් ගතයුතු බව එක් දේශපාලන විචාරකයකු අවධාරණය කර සිටියේ ය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ අසාර්ථක වුවත් මෙවන් මොහොතක රටේ අභියෝගය භාරගැනීමට සමත් වෙනත් දේශපාලනඥයකු නොමැති තරම් බවත් ය.

 

නව අගමැති ලේකම් : සමන් ඒකනායක !

නව අග්‍රාමාත්‍ය ලේකම්වරයකු අද (12) පත්කර ඇති අතර ඒ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු ලෙස විශ්‍රාමලත් සමන් ඒකනායක ය.

ඔහු අද ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් අතින් අදාළ පත්වීම් ලිපිය ලබා ඇත.

එසේම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ධුරයට පත්වීම ලෝක වාර්තාවක් බව දේශපාලන විචාරකයන් පවසයි .

ඒ රටක 6 වතාවක් අග්‍රාමාත්‍යවරයා වීම නිසාය.

ඇඳිරි නීතිය තවදුරටත් !

දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට (13) උදෑසන 06.00ට ඉවත් කිරීමෙන් පසු නැවත හෙට දිනයේ ම පස්වරු 02.00 යළි පැනවීමට තීරණය කර තිබේ.

එසේ පනවන ඇදරි නීතිය පසුදා එනම් (14) උදෑසන 6.00 ට ඉවත් කරන බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත්කළ නිවේදනය පහත දැක්වෙයි .

13

නව අගමැති රනිල් : ප්‍රමාදය ගැන සජිත් තැවෙයි !

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ , මෙරට නව අග්‍රාමාත්‍යවරයා ලෙස අද (12) සවස දිවුරුම්දී ඇත.

ඒ කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවේය.

ඒ අනුව අග්‍රාමාත්‍යවරයකු ලෙස රනිල් වික්‍රමසිංහ මෙසේ පත්වන්නේ හය වෙනි වතාවටය .

නව අග්‍රාමාත්‍යවරයා වන රනිල් වික්‍රමසිංහ ට පාර්ලිමේන්තුවේ බහුතරය ලබාදීමට ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම සමග සමගි ජනබලවේගය පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් ඉදිරිපත් ව ඇති බවත් වාර්තා වෙයි .

එසේම ඉදිරියේදී සුළු පක්ෂ ද රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීමට නියමිත බවත් දේශපාලන ආරංචි මාර්ග පවසයි .

සජිත් තැවෙයි !

කෙසේ වුවත් මෙම දිවුරුම්දීමත් සමග මෙතෙක් රට අරාජික වන්නට ඉඩහැර බලාසිටි බලවේග කලබල වූ තත්ත්වයක් පෙන්නුම් කරයි.

විශේෂයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉමහත් ශෝකයෙන් මුසපත්ව සිටින බවත්, එසේම තමන්ගේ ප්‍රමාදය සියල්ලට මුල බව හිතවතුන් කිහිපදෙනෙකු වෙත පවසා ඇති බවත් වාර්තා වෙයි

එසේම විපක්ෂ නායක අද හිටිහැටියේ ලිපියකට අත්සන් තබා තමන් කොන්දේසි කිහිපයක් සමග අගමැති ධූරය භාරගන්නට සූදානම් බව සඳහන් කර ඇත .

එහිදී ඔහුගේ නියෝජිතයන් හට ජනාධිපති දන්වා ඇත්තේ , පාර්ලිමේන්තුව තුළ 113 ක බහුතරය පෙන්වා අගමැති ධූරය ලබාගන්නට කටයුතු කරන ලෙසත් , ඒ හැර හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ට ලබාදුන් වචනය වෙනස් කිරීමට නොහැකි බවත් ය.

එසේම අගමැති ධූරය භාරගෙන ආණ්ඩුවක් පිහිටුවීමට තමන් පළමුව ආරාධනා කර සිටියේ ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත බවත් , ඔහු විවිධ කොන්දේසි දමමින් අවස්ථාව ප්‍රතිකේෂ්ප කිරීම සම්බන්ධයෙන් ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එහිදී සිහිපත් කර ඇති බවත් වාර්තා වෙයි .

සෝභිත කාදිනල් විරෝධය !

මේ අතර ඕමල්පේ සෝභිත හිමි සහ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමි අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ ගේ පත්වීමට විරෝධය පලකර ඇත .

රනිල් එන ආරංචියට කොටස් වෙළඳපොල ගොඩ යයි !

රනිල් වික්‍රමසිංහ අගමැති වීමට යන ආරංචියට ශ්‍රී ලංකා කොටස් වෙළඳපොල යළිත් හිස ඔසවන්නට ආරම්භ වී ඇති බව කොටස් වෙළඳපොල විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

අද(12) දිනය අවසන් වනවිට 3.17%ක වර්ධනයක් අත්කර ගැනීමට කොටස්වෙළඳපොල සමත් වී ඇත.

ආර්ථික අර්බුධය සහ දේශපාලන අස්ථාවරභාවය හේතුවෙන් අඩියටම කඩා වැටුණු ශ්‍රී ලංකා කොටස් වෙළඳපොලේ ආයෝජනයෙන් දෙස් විදෙස් ව්‍යාපාරික ප්‍රජාව ඉවත් විය.

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ කඩා වැටුණු ආර්ථිකය යළ පණ ගසා සිටුවන්නට සමත් එකම පුදගලයා ලෙස රනිල් හිතවාදීන් දිගින් දිගටම කියා සිටි රනිල් හිතවාදීන් පවසන්නේ, අද කොටස් වෙළඳපොල වර්ධනය ඊට කදිම සාක්ෂියක් සපයන බවයි.

රනිල් වික්‍රමසිංහ හිටපු අග්‍රාමාත්‍යවරයා ජාත්‍යන්තර විශ්වාසය දිනාගෙන සිටින එකම දේශපාලකයා නිසා ඔහුව විශෟවාස කොට විදේස් ආයෝජන සහ ආධාර රැසක්ද දිගින් දිගටම රට තුළට ගලාගෙන ඒමට නියමිත බව වැඩි දුරටත් ඔවුන් සඳහන් කර සිටියි.

කෙසේ වුවද මේ වන විට රට තුළ පැන නැගී ඇති ඉන්ධන හිඟය, බල ශක්ති අර්බුධය සහ බඩු භාණ්ඩ හිඟයට ඉක්මන් විසඳුම් නොගෙනාවොත් මහජනතාව තවත් ප්‍රකෝපකාරී වෙමින්, මුලු රටම මහා ව්‍යසනයකට ඇදගෙන යනු ඇති බව දේශපාලන සහ ආර්ථික විශ්ලේෂකයින් දිගින් දිගටම අදහස් දැක්වීය.

කිසිම බලාපොරොත්තුවක සේයාවක්වත් නැති එවන් තත්ත්වයක් තුළ අද කොටස් වෙළඳපොලේ නැගිටීම මහජනාතාව සහ ව්‍යාපාරික ප්‍රජාව තුළ අපේක්ෂාවන් ජනිත කරවමින් ඇත.

Page 252 of 385