V2025

පුවත්

අන්තර්කාලීන ආණ්ඩුවේ නම වෙනස් වෙයි : අලුත් එක මෙන්න !

ඉදිරියේදී බිහිකරන ආණ්ඩුව ‘ජාතික එකඟතා ආණ්ඩුව’ ලෙස නම් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර පවසයි .

මාධ්‍යය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පවසා සිටි ආකාරයට සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුව යන නම ගැලවී ඉවත් වනු ඇත.

මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා ජාතික එකඟතා ආණ්ඩුව ඉක්මනින්ම පිහිටුවීම සඳහා පාර්ලිමේන්තුවේ සෙසු පක්ෂ සමඟ සාකච්ඡා කිරීමට අදාළ කමිටුව නම් කර මේ වන විට ජනාධිපතිවරයාට යොමු කිරීමෙන් පසු අනුමැතිය ලැබී ඇති බවත් අනාවරණය කළේය.

එසේ දේශපාලන පක්ෂ සමග අන්තර්කාලීන ආණ්ඩුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නම් කර ඇත්තේ නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා, විමල් වීරවංශ, උදය ගම්මන්පිල හා ටිරාන් අලස් යන මන්ත්‍රීවරුන් පිරිසය.

මේ අතර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුව වෙනුවට ජාතික එකඟතා ආණ්ඩුව එන්නේ , ඉදිරි මහ මැතිවරණයක් එන තෙක් ආණ්ඩුව පවත්වා ගෙන යාමට බවයි.

ඒ අනුව නියමිත කාලයට පෙර මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා සූදානමක් නැත.

ශ්‍රීලනිප යේ දරුණු බෙදීමක් : දුමින්ද මහින්ද හමුවෙන්න ගිහින් !

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කැඳවූ, අර්බුදය විසඳීම වෙනුවෙන් වන , සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වූ සාකච්ඡා සභාවට සහභාගීවීම සම්බන්ධයෙන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අභ්‍යන්තරයේ බරපතළ බෙදීමක් සිදුව ඇති බව වාර්තා වෙයි .

මේ අතර ජනාධිපති ගැන කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි බව පවසමින්, අදාළ සාකච්ඡා සභාව වර්ජනය කළ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක සහ ,අගමැති මහින්ද රාජපක්ෂ අතර හමුවක් සිදුව ඇත්තේ තත්ත්වය තවත් උනුසුම් කරමින් ය.

විශ්වාසවන්ත ආරංචි මාර්ග දක්වන තොරතුරු අනුව , අප්‍රේල් 29 වනදා ජනාධිපතිවරයා කැඳවූ සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වන සාකච්ඡා සභාවට, පෙර දින , එනම් අප්‍රේල් 28, ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම රැස්ව තිබෙනවා. ඒ ශ්‍රීලනිප සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ නිවසේදී ය.

එහිදී ජනාධිපති ගෝඨාභය සිදුකර ඇති ආරාධනය පිළිගන්නවාද නැද්ද යන්න සම්බන්ධයෙන් මතුව ඇත්තේ විවාදකාරී තත්ත්වයකි .

ඊට හේතුව පිරිසක් ජනාධිපති ආරාධනය පිළිගැනීමට පක්ෂ වන විට, ශ්‍රීලනිප ජාතික සංවිධායක දුමින්ද දිසානායක ඇතුළු පිරිසක් ජනාධිපතිව විශ්වාස කළ නොහැකි බැවින් අදාළ සාකච්ඡා සභාව වර්ජනය කිරීමට යෝජනා කිරීමයි.

මෙහිදී දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා අදහස් දක්වමින් පවසා ඇත්තේ, මීට පෙර ශ්‍රීලනිප යෝජනාවක් අනුව කැඳවනු ලැබූ සර්ව පාක්ෂික සමුළුව සඳහා ඉදිරිපත් කළ යෝජනා 21න් එකඳු යෝජනාවක් හෝ ඉටුකිරීමට ජනාධිපති ගෝඨාභය කටයුතු කර නැති බවයි.

එසේම එකඟතා මධ්‍යයේ කටයුතු කිරීමට නියමිතව තිබියදී පක්ෂයේ දෙදෙනෙකු කැඳවා රහසේ අමාත්‍ය ධූර ලබාදීමට කටයුතු කිරීමත් ජනාධිපති ගේ ආරාධනය ප්‍රතිකේෂ්ප කිරීමට හේතු වන බවයි.

ඒ තත්ත්වය නොසලකා කටයුතු කළහොත් පක්ෂ නායකත්වය මෙන්ම සමස්ථ පක්ෂයත් හෑල්ලුවට ලක්වන බවත් දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා පෙන්වා දී තිබේ .

කෙසේ වුවත් බහුතර මතය ලෙස ගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපති කැඳවූ සාකච්ඡා සභාවට සහභාගී වුණා. එහිදී ශ්‍රීලනිප නියෝජිතයන් ලෙස මෛත්‍රීපාල සිරිසේන, නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, දයාසිරි ජයසේකර, ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්පකුමාර, ඊට එක්වුහ.

නව අග්‍රාමාත්‍යවරයකු සහ අමාත්‍ය මණ්ඩලයක් යටතේ අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ එකඟ වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසුවේද මේ සාකච්ඡාවෙන් පසුවයි.

එම නව ආණ්ඩුවට අවශ්‍ය උපදෙස්දීම සඳහා ජාතික සභාවක් පත්කිරීමට ද ජනාධිපතිවරයා කැමැත්ත පළ කළ බව හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය .

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ බව සඳහන් කර සිටියේ ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ය.

අරලිය ගහ මන්දිරය සහ ජනාධිපති මන්දිරය : ෆේස් ටු ෆේස් ගේමක !

ජනාධිපති මන්දිරයේ සහ අරලිය ගහ මන්දිරයේ එකිනෙකාට එරෙහි දේශපාලන මෙහෙයුම් දෙකක් දියත්ව ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට , ජනාධිපති මන්දිරය ආශ්‍රිත මෙහෙයුම වර්තමානයේ පැනනැගුණු අර්බුදය විසඳීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට ය.

එහිදී අගමැති මහින්ද රාජපක්ෂ සහ වත්මන් අමාත්‍ය මණ්ඩලය ඉල්ලා අස්වීම සහ ඒ වෙනුවට අලුත් අගමැතිවරයකු ඇතුළු අමාත්‍ය මණ්ඩලයක් පිහිටුවීම ඇතුළු පසුගියදා ජනාධිපති කැඳවූ සාකච්ඡා සභාවේ තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමට උත්සාහ දරමින් තිබේ.

ඒ වෙනුවෙන් ජනාධිපති මන්දිරයේ කටයුතු සම්බන්ධීකරණය හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ භාරගෙන තිබේ.

ඊට ප්‍රතිවිරුද්ධ අරලිය ගහ මන්දිරයේ මෙහෙයුම අගමැති මහින්ද රාජපක්ෂ දිගටම ධූරයෙ තබා ගැනීම ය. ඒ හරහා කල්ගතව හෝ යළිත් බලය තහවුරු කර ගැනීමය.

ඊට හිටපු අමාත්‍යවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු , රෝහිත අබේගුණවර්ධන සහ පවිත්‍රා වන්නිආරච්චි මැදිහත්ව ඇති බව වාර්තා වෙයි.

එසේම ඒ වෙනුවෙන් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ආරක්ෂා කර ගැනීමේ වගකීම බැසිල් රාජපක්ෂ ඇතුළු පක්ෂයේ නිලධාරීන් භාරගෙන ඇති බවත් වාර්තා වෙයි.

 

ඉන්ධන ප්‍රවාහන බවුසර් රථ හිමියන්ගෙන් : ඇමති කාංචනට අභියෝගයක් !

දිවයින පුරා ඉන්ධන ප්‍රවාහනය කරන බවුසර් රථ හිමියන් ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයට එරෙහිව විෂය භාර අමාත්‍ය කාංචන විජේසේකර ගෙන ඇති තීන්දුවට බරපතළ අභියෝගයක් එල්ලවී ඇත.

අමාත්‍යවරයා ගනුලැබූ තීන්දුව වන්නේ ඉන්ධන ප්‍රවාහනය නොකරන බවුසර් හිමියන්ගේ බලපත්‍ර අහෝසි කර නව බලපත් නිකුත් කිරීමය.

එහෙත් එය අඅභියෝගයට ලක්කර පෞද්ගලික ඉන්ධන ටැංකි රථ හිමියන්ගේ බලපත්‍ර හැකිනම් අහෝසි කර පෙන්වන ලෙස අභියෝග කරන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසා ඇත .

ඒ අනුව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ඩී. වී. ශාන්ත සිල්වා අද (1) මාධ්‍ය හමුවකදී පවසා සිටියේ බලශක්ති අමාත්‍යවරයාගේ තර්ජනවලට බිය නොවන බවත්
නව බලපත්‍ර ලබාදෙන්නේ යැයි කියන සුරංගනා කථාවලට ටැංකි රථ හිමියන් බිය නොවන බවත් නව බලපත්‍රයක් ගෙන ටැංකි රථයක් ධාවනයට එක්කිරීමට අඩුම තරමින් මාස හයක්වත් ගතවන බවත් ය.

ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරීන් ඇමතිවරයාව නොමඟ යවා තිබීම නිසා එතුමා ගැන කණගාටු වන බව කී ශාන්ත සිල්වා ටැංකි රථ හිමියන් සියලු දෙනා බපත්‍රය විකුණා මුදල් බැංකුවේ තැම්පත් කර ජීවත්වීමට සූදානම් බව ද සඳහන් කර ඇත .

ඉන්ධන මිල වැඩීමත් සමඟ ඉන්ධන ටැංකි රථ ගාස්තු වැඩි කිරීමේ මිල සූත්‍රයට අනුව කටයුතු කළේ නම් කිසිඳු ප්‍රශ්නයක් නොමැති බවත් ආණ්ඩුව මර්දනය තෝරාගන්නේ ටැංකි රථ හිමියන් 6 වැනිදා පවත්වන දැවැන්ත වර්ජනයට එකතු වන බවත් ශාන්ත සිල්වා වැඩි දුරටත් මාධ්‍ය හමුවේ පවසා ඇත .

ආණ්ඩුව අනාථයි : මැයි දිනයේත් තහවුරුයි !

අදට (මැයි 01) යෙදී ඇති ජාත්‍යන්තර කම්කරු දිනයේ දී ශ්‍රී ලංකාවේ ආණ්ඩු බලය හොබවන ප්‍රධානම පක්ෂ වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිල වශයෙන් මැයි දින රැලියක් පැවැත්වීමට නොහැකි තැනට අසරණ වී ඇත.

ඒ වෙනුවෙන් පැවැත්වීමට යෝජිතව ඇත්තේ " මහින්ද වෙනුවෙන් නුගේගොඩ ට එන්න " යනුවෙන් පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති කිහිපයක් එක්ව පවත්වන රැස්වීමකි.

මීට පෙර ආණ්ඩුව ප්‍රචාරය කර සිටියේ ඉතිහාසයේ පවත්වන විශාලතම මැයි දින රැලිය ගෝල්ෆේස් පිටියේ පවත්වන බවය.

එහෙත් ඊට පෙර පසුගිය අවුරුදු 2 තුළ ආණ්ඩුවේ වැරදි ආර්ථික ප්‍රතිපත්තිය හේතුවෙන් රට බංකොලොත් වී ඇති අතර ඊට වගකිවයුතු ජනාධිපති සහ අගමැති ගෙදර යන ලෙස අරගලයක් ගෝල්ෆේස් පිටිය ඇතුළු රට පුරා දියත් විය.

ලොක්කන්ගේ අණට මයිනාගෝගම අට්ටාල කැඩූ පොලිස් පොඩ්ඩන්ට ඇඬෙයි ! (වීඩියෝ )

අරලිය ගහ මන්දිරය ඉදිරිපිට සංවිධානය කළ ‘මයිනාගෝගමේ’ සවි කර තිබූ අට්ටාලයක් අද (01) අලුයම පොලිස් නිලධාරීන් විසින් ඉවත් කිරීමට කටයුතු කර ඇත.

මේ අමානුෂික කටයුත්ත සිදුවූයේ අරලිය ගහ මන්දිරයේ අධි තාක්ෂණික ශබ්ද විකාශන හරහා දමා ඇති පිරිත් දේශනා මධ්‍යයේ ය.

කෙසේ වුවත් පොලිසිය සිදුකළ මේ ක්‍රියාව හේතුවෙන් , එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති අතර විරෝධතාකරුවන් ඊට දැඩි විරෝධය පළ කර ඇත.

එහිදී පොලිසිය කිහිපදෙනෙකු ට පහරදී ඇති බව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කෙරිණ.

එහිදී විරෝධතාකරුවන් හඳුනාගත් පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු වෙත ඒ සම්බන්ධයෙන් චෝදනා කරනු දකින්නට ලැබිණ.

ඒ අවස්ථාවේ පොලිස් කොස්තාපල්වරයකුට සිදුවීම ගැන පසුතැවිල්ලෙන් හැඬෙන ආකාරයත් වීඩියෝ හරහා දකින්නට ලැබිණ.

SWRD ගේ ඇස් වැසීම !

“කුමන අඩුපාඩුකම් තිබුනත් බණ්ඩාරනායක 1956 දී කළේ ඒ මොහොතේ දී කළ යුතුව තිබුණු ප්‍රගතිශීලීම වැඩකි. එහි තිබුණු එකම අඩු පාඩුව වන්නේ, සිංහල හා දෙමළ යන භාෂා දෙකම රාජ්‍ය භාෂා කිරීම වෙනුවට සිංහල භාශාව පමණක් රාජ්‍ය භාෂාව කිරීමයි” අනුරුද්ධ ප්‍රදීප් කියයි. Anuruddha Pradeep Karnasuriya

ඇත්තටම මේවා විහිළු සහගත ප්‍රකාශය. ඉතිහාසය බිංදුවක් දන්නා යමෙක් මෙවැනි මුග්ධ තර්ක ඉදිරිපත් නොකරනු ඇති. අපි ගතු කියන්නේ බණ්ඩාරනායකගේ මේ අඩුව පිලිබඳවය. ඒ අඩුවට මග කියූ සහ එය විසින් ශ්‍රී ලංකා දේශපාලනයට, සමාජයට අත් පත් කර දුන් හින්සනීය උරුමය පිලිබඳවය. ප්‍රදීප්ලා විසින් පසු කාලීනව මුලිකත්වය දී පෝෂණය කල ඒ හින්සනීය ඉතිහාසයේ අර්බුදය පිළිබඳවය.

බණ්ඩාරනායකට ඇති විවේචනය “ඉංග්‍රීසි භාෂාව අහිමි කිරීම පිළිබඳව පැමිණිල්ලකි” හෝ “යටත් විජිතයට එරෙහි නොවිය යුතුව තිබුණාය” වැනි මුග්ධ තර්කවලට ඌනනය කිරීම ප්‍රදීප්ලාගේ දේශපාලන තක්කඩි කමකි.

බණ්ඩාරනායකලා “ප්‍රගතිශීලින්” ලෙස අර්ථ දක්වන්නේ ප්‍රදීප්ලා සිය විලි වසා ගැනීම සඳහාය. හරියට මේ කියන්නේ එකළ තිබු එකම කතිකාව යටත් විජිත භාෂාවෙන් රට බේරා ගැනීම වැනිය. මේ භාෂා පනතට පමණක් නොව බණ්ඩාරනායක හාමුදුරුවරු සමග රට ජාතිවාදයේ දිශාවට දැක්කීමට එරෙහිව විශාල කතිකාවක් තිබුණි. බණ්ඩාරනායකලා තඹ සතයකට එම විරෝධයන් මායිම් කලේ නැත.

ඒ නිසා අපි කලබල විය යුත්තේ මේ තක්කඩි ලිබරල් ආස්තානවලින් “ප්‍රග්තිශීලීත්වය” මනින ප්‍රදීප්ලාගේ දේශපාලනය පිළිබඳවය. ඔවුන් සිය ජාතිවාදී දේශපාලනය අත් හරින්නට ඇති අකමැත්ත මේ මගින් පෙන්වා දෙයි. මන්ද ඔවුනට සිය දේශපාලනය කිරීමේ “චින්තන අවකාශය” තනා දුන්නේ බණ්ඩාරනායකලාගේ ජාතිකවාදී දේශපාලන කතිකාව විසිනි. එම කතිකාව පොහොසත් කිරීමත් ඒ හරහා රට ලේ විලක් කිරීමත් සුවපත් නොවන තුවාල සහිත දෙමළ සිංහල බෙදීම් ඇති කරමින් රට ආගාධයට දියත් කිරීමත් හැරුණු කොට ප්‍රදීප්ලාගෙන් රටට වූ තඹ දොයිතුවක වැඩක් නැත. වැඩක් තිබෙන බවක් පෙනෙන්නටද නැත.

ඒ නිසා ප්‍රදීප්ලා කල යුත්තේ ඉතිහාසයේ කුණු බක්කිවල අත පත ගෑම නොව අලුතෙන් චින්තන සිතිජයක් සොයා ගැනීම වෙනුවෙන් මහන්සි වීමය.

ගීතිකා ධර්මසිංහ ගේ ෆේස්බුක් ගිනුමෙනි .

අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය තැබූ ෆේස්බුක් සටහන පහත දැක්වෙයි .

FB IMG 1651347203258

FB IMG 1651271144818

රාජපක්ෂ පවුලේ අවුල : සෝභිත හිමි එළියට දායි !

මහ නාහිමියන් ඇතුළු ආගමික නායකයන්ගේ උපදෙස් ජනාධිපතිවරයා විසින් පිළිගෙන අගමැතිවරයා ඉවත් විය යුතු බවට ජනාධිපතිවරයා තීරණය කර ඇති නමුත් අගමැතිවරයා මහ නාහිමිවරුන්ගේ මතය නොසලකා හැරි තත්ත්වයකට පත්ව ඇතැයි ඕමල්පේ සෝභිත හිමි පවසයි.

මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් සෝභිත හිමි මේ බව පැවසූ අතර අගමැති මහින්ද රාජපක්ෂ ධුරයෙන් ඉවත් විය යුතු බවට මහ සඟ සමුළුවක් කැඳවා සංඝ සම්මුතියක් නිකුත් කරන බවත් පැවසීය.

එමෙන්ම මේ සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීමට සියලුම පක්ෂ නායකයන් කැඳවා ඇති බව ද කී සෝභිත හිමියන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පමණක් ඒ සඳහා සහභාගී වීම ප්‍රතික්ෂේප කර ඇතැයි ද පවසයි.

අද මේ වන විට දැන් රාජපක්ෂ පවුල තුළ ද්වන්ධ සටනක් බල අරගලයක් ඇති වී තිබෙන බවත් උන්වහන්සේ පැවසීය.

නවසීලන්තයෙන් ණයට කිරිපිටි ඉල්ලයි !

මෙරටට කිරි හා සත්ත්ව නිෂ්පාදන සහනදායී ණය ක්‍රමයකට ලබාදීමට නවසිලන්තයේ එකගතාවය පලකර ඇති බව වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් නවසීලන්ත මහ කොමසාරිස්වරයා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අතර සාකච්ඡාවක දී මෙම එකඟතාවයට පැමිණ තිබේ.

දෙරට අතර පවතින ආර්ථික හා සංවර්ධන සබඳතා වර්ධනය කිරීම පිළිබඳව මෙහිදී අවධානය යොමු වූ බවත් අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.

මහින්ද අගමැති පිරිත් අවභාවිතා කරලා : භික්ෂූ විරෝධයක් !

මහින්ද රාජපක්ෂට අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් වන ලෙසට බල කරමින් අරලිය ගහ මන්දිරය ආසන්නයේ කඳවුරු බැඳගෙන සිටින විරෝධතාකරුවන්ට බාධා වන අයුරින් මහ හඬින් පිරිත් දමා තිබීම පිළිබඳව කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි දැඩි විරෝධය පළ කරයි.

උන්වහන්සේ මේ ක්‍රියාව හඳුන්වා සිටියේ පිරිත් අවභාවිතයක් ලෙස වන අතර ඒ කොළඹදී පැවති සර්ව ආගමික නායකයින්ගේ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ය.

එහිදී උන්වහන්සේ වැඩිදුරටත් මෙසේද පැවසීය.

“අරලිය ගහ මන්දිරය ඉදිරිපිට විශාල පිරිසක් ඒකරාශී වෙලා කඳවුරු බැඳගෙන ඉන්නවා අගමැතිවරයාට ගෙදර යන්න කියල. ඔවුන්ට බාධා කරන්න අද පාර දිගේ දෙපැත්තෙ පේව්මන්ට්වල බස් නවත්තලා, ඒ වගේ ම පිරිත අවභාවිතයට පත් කරලා තියෙනවා. ඒක විශේෂයෙන් අපි සඳහන් කරන්න නේ. මෙතෙක් කාලයක් අරලිය ගහ මන්දිරයෙන් කොළඹට නෑසුණු පිරිත්, දැන් විශේෂයෙන් පිරිත බාධාවක් බවට පත් කරලා අප්‍රසන්න කරලා ඒක ආයුධයක් බවට පත් කරලා තියෙන එක ගැන මහා සංඝ රත්නයේ විරෝධය ජාතිය ඉදිරියේ තබන්නට බලාපොරොත්තු වෙනවා.”

අනාථයි : ඖෂධ වර්ග 60 ක මිල : 40% කින් ඉහළට !

ඖෂධ වර්ග 60 ක මිල 40% කින් ඉහළ දැමීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව පැරසිටමෝල් පෙත්තක් රුපියල් 4.61 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය චන්න ජයසුමන විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයක මේ බව දැක්වෙයි.

මෙම ගැසට් නිවේදනය ඊයේ (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක ය.

එළවනතුරු නොසිට යන්න : ශ්‍රීලනිපය මහින්දට දන්වයි !

අගමැති ධුරයෙන් ගෞරවාන්විතව ඉල්ලා අස්වන වන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවතත් ඉල්ලීමක් සිදුකර ඇත.

ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් , දයාසිරි ජයසේකර විසිනි.

එහිදී ඔහු සඳහන් කර සිටින්නේ විශ්වාස භංගයකින් ඉවත් කරන තෙක් බලා නොසිට ගෞරවාන්විතව ඉල්ලා අස්වන්නැයි අවස්ථා කිහිපයකදීම අගමැති මහින්ද රාජපක්‍ෂගෙන් ඉල්ලා සිටි බවත් නමුත් එය නොතකා තවදුරටත් ධුරයේ රැඳී සිටින්නේ නම් විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමට සිදුවන බවය.

මේ බව රජයට දැනුම් දුන් බව ද ඔහු පැවසීය.

විශ්වාසභංගක් මගින් ධුරයෙන් ඉවත් කිරීම අගමැති මහින්ද රාජපක්ෂ වැන්නකුට නොගැලපෙන නිසා ඊට පෙර ඉවත් වන්නැයි ගෞරවාන්විතව ඉල්ලා සිටි බවද ශ්‍රීලනිප මහ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය.

අද මධ්‍යම රාත්‍රියේ සිට බවුසර් හිමියන් සේවාවෙන් ඉවතට

ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව ප්‍රවාහන මිල ගණන් ඉහළ නොදැමීමට එරෙහිව අද(30) මධ්‍යම රාත්‍රියේ සිට ධාවන කටයුතුවලින් ඉවත් වීමට ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

එහි සම ලේකම් ශාන්ත සිල්වා පැවසුවේ, ඒ සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයා සමග ඊයේ පැවැති සාකච්ඡාව ද විසඳුමකින් තොරව අවසන් වූ බවය.

ලොව බලන්නට දෑස් දුන් පියාගේ දෑස් අන්ධ කිරීම !

තරුණයින්ගේ අරගලය ගැන චන්ද්‍රිකා කිව්වේ මේ අරගලයට මට කොච්චර යන්න ඕන වුණත් මට එතැනට යන්න බෑ මටත් හූ කියයි. ඇය ඉතාම සාධනීය දේවල් ගැන වගේම තරුණයින්ගේ අරගලය සහ ඔවුන් ඉල්ලා සිටින දේ ගැන කතා කරනවා. ඒ වෙනස්කම් සිදුකීරීමට තිබෙන සීමා වගේම ව්‍යවස්ථාවෙන් ඉඩක් තිබේද කියන එකත් අවධාරණය කරනවා සිරසේ වසන්තත් එක්ක කරපු සාකච්ජාවේදී.

මේ තියෙන්නේ අරගලකරුවන් බණ්ඩාරනායක ආක්‍රමණය කිරීම. ඒ වගේම ඔහුගේ මතවාදය ආක්‍රමණය කිරීමයි. සිංහල භාෂා පනත හදුන්වාදුන් බණ්ඩාරනායකට ඊළඟට ඇති වූ දේශපාලපන ප්‍රශ්න රාශියක් වටේ බණ්ඩාරනායක දෘෂ්ටිවාදය සෙවැනැල්ල සේ සිටීම. අපිට සිංහල ඉගැන්වූ බණ්ඩාරනායක ඔහුගේ ඉංග්‍රිසි ප්‍රංශ කතා කරන දුව චන්ද්‍රිකා මේ දේශපාලන ක්‍රියාදාමය තුළ ඉන්නේ ඊට වඩා වෙනස් ස්ථාවරයක. ඇය සෑම විටම සංහිඳියාව වෙනු වෙන් පෙනී සිටියා. තාත්තාගේන් මුළු රටටම දැමු අඳුර පලවා හරින්නට හැකි පමණ උත්සාහ කලා.

අරගලකරුවන් ආක්‍රමණය කරන බණ්ඩාරනායකින් මතුවන්නේත් එදා රාජ්‍ය භාෂා පනතට විරුද්ධ වූ තරුණ වාමාංශිකයින් විසින් ප්‍රතිකේෂ කිරීමට සමාන ප්‍රතිචාරයක්. විවිධත්වය පිළිබඳ නොසලකා ජාතික රාජ්‍ය නැමැති බාල දරුවා ඉපද්දවීම. ඒ අඳුර කවදාවත් මේ රටින් මැකෙන්නේ නෑ. මේකට ප්‍රතිචාර දක්වා තිබුණු බොහෝ අයගේ මතය දිහා බැලුවාම පේන්නේ ඒකයි. දේශපාලනික තරුණ අරගලකරුවන්ගේ මේ රට වසාගෙන තිබෙන අඳුර පලවා හැරීමේ දී නැවත නැවත අපි උගත් පාඩම් දිහා බැලිය යුතුයි. මට හිතෙන්නේ එහෙමයි. මුන්ව විවේචනය කරද්දි හෙට වෙනකොට තවත් නිර්මාණයක් මුන් එළියට දානවා. අපි හිතිය යුත්තේ අපිට ඇස් පනාපිටම පේන විවිධ දක්ෂතා තිබෙන තරුණයින්ගෙන් වැඩක් ගැනීම නොවේද? ඔවුන්ගේ අදහස් කුඩූ කරන්නේ නැතුව. මේ අරගලයේ තිබෙන සුවිශේෂිත්වයම තමයි අපි බදාගෙන ඉන්න මනෝරාජ්‍ය සංකල්පය බිඳ දැමීම. නැත්නම් චන්ද්‍රිකාලාට ඉංග්‍රිසි උගන්වලා අපිට සිංහල උගන්වන්නේ නෑ. බණ්ඩාත් ප්‍රභූ දේශපාලනයම මේන්ටෙන් කරපු එක කලේ. දැනටමත් ඉතුරු වෙලා ඉන්න පවුල් දේශපාලනය තුළ විමුක්ති කුමාරතුංගගේ ආගමනයත් එපා කියන සංඥාව තමයි මේකෙන් දෙන්නේ.

අපිට රටක් විදිහට ලෝකය දකින්න දෑස් දුන්න පියා බණ්ඩාරනායක තමයි. ඒ නිසා තමයි අපි ඉගෙන ගන්නේ සිංහල භාෂාවෙන්. ඒ නිසා තමයි 1971 සහ 88/89 වගේම අවුරුදු 30ක් යුධ ගිණි ඇවිලුනේ. හැබැයි ඒ දෑස් දුන්නේ විවෘතව පුළුල්ව ලෝකයක් දකින්න බැරි සංවෘත හිතන්නෝ ටිකක් එක්ක. දේශපාලන වහලුන් බිහි කරීම. ඒ නිසා තමයි රාජපක්ෂලා මෙච්චර හොකම් කරද්දි ඇස් කන් පියාගෙන හිටියේ ඒ නිසා තමයි.

බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම ක්‍රියාත්මක කරන්න බැරි වෙන්නෙත් මම දකින්නේ එයාම හදපු මතය විසින්ම එයාම ගිල ගැනීමක් විදිහට මට හිතෙන්නේ.

අපිට ලොවක් දකින්න දෑස් දුන්න පියාගේ දෑස් අන්ධ කිරීමේ ආක්‍රමණත්වය මම දකින්නේ මේ විදිහේ ප්‍රතිවිරෝධ එක්ක. අපේ හිතේ තියන විශාලා පිළිම කැඩිලා යන්නේ නිකම්ම නෙමෙයි කියන එක තමා මේකෙන් මතුවෙන්නේ. ඒවාට විවිධ හේතු තියනවා.

බණ්ඩාරනායකගේ මතවාදයයි නිදහස් අධ්‍යාපනයේ අන්තර්කරණ සංකල්පයයි එකිනෙකට ගැටෙන්නේ මේ නිසායි. ඒ නිසා තමයි අපි තවමත් වඳ කොත්තු වඳ බ්‍රේසියර් ඇහෙන්නේ. රටක පසුගාමීත්වය ඇඳ දැමීමේ පාපයෙන් බණ්ඩාරනායකට ගැළවීමක් නෑ. එදා තරුණ වාමාංශිකයෝ විරුද්ධ වුණා වගේම අලුත් පරපුර අලුතින් හිතනවා. අලුත් ජීවිතයක් ඉල්ලා සිටිනවා. ඒ ඉල්ලා සිටීම ඇතුලේ නැවුම් ඉල්ලීම තියනවා. එක එක නම් දාගෙන ආවා සංහිඳියා ව්‍යාපෘති වෙනුවට මොවුන් ප්‍රායෝගික පිළිගත හැකි වැඩපිළිවෙලක් ඉල්ලා සිටිනවා. ඒ යුක්තිය වෙනුවෙන් පෙනී සිටීමේ වරද කිම. ලොව දකින්නට දෑස් දුන් පියාගේ ඇස් අන්ධ වෙන්නේ මේකත් එක්ක කියලා මට හිතෙන්නේ.

රටක තිරසාර හෙටක් සඳහා මේ සංකේතාර්ථය ගැඹුරින් වටහා ගැනීම අප කාගේත් වගකීමක්.

අරගලයට ජය

චන්දිමා ජයසේන ගේ ෆේස්බුක් ගිනුමෙනි

FB IMG 1651296363630

සර්ව පාක්ෂික ආණ්ඩුව සූදානම් : ජනාධිපති නිල නිවේදනයක් : කවුද අගමැති ?

රජයේ ක්‍රියාදාමය ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ජාතික එකඟතා ආණ්ඩුවක් සැකසීමේ අවශ්‍යතාව හා එහි මූලික පියවර ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් ජාතික සභාවක් පත්කරගැනීම කෙරෙහි අවධානය යොමු කෙරිණ.

පක්ෂවල නියෝජිතයන් ඉදිරිපත් කළ පොදු යෝජනාවලියේ වූ කරුණු සඳහා සියලු දේශපාලන පක්ෂ සහාය දක්වන්නේ නම් තමා ඊට එකඟතාව පළ කරන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් සැකසීම සඳහා වූ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට සාකච්ඡාව සඳහා සහභාගී වු නියෝජිතයන්ගෙන් පස්දෙනෙකු නම් කිරීමට ද තීරණය කරනු ලැබීය.

පොදුජන පෙරමුණ ඇතුළුව පාර්ලිමේන්තුව නියෝජනය කරන සෙසු දේශපාලන පක්ෂ අදහස් ලබාගැනීමෙන් පසු ක්‍රමවත් වැඩපිළිවෙළක් සකසා ගැනීම පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, නිමල් සිරිපාල ද සිල්වා, සුසිල් ප්‍රේමජයන්ත, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, මහින්ද අමරවීර, අනුර ප්‍රියදර්ශන යාපා, විජේදාස රාජපක්ෂ, තිස්ස විතාරණ, ඩබ්.ඩී.ජේ. සෙනවිරත්න, දයාසිරි ජයසේකර, පූජ්‍ය අතුරලියේ රතන හිමි, ලසන්ත අලගියවන්න, නිමල් ලංසා, ජයන්ත සමරවීර, ජයරත්න හේරත්, ටිරාන් අලස්, ජගත් පුෂ්පකුමාර, නලීන් ප්‍රනාන්දු, එම්.එම්. අතාවුල්ලා, ගෙවිඳු කුමාරතුංග, වීරසුමන වීරසිංහ සහ අසංක නවරත්න යන මහත්වරු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

අලුත් අගමැති නෑ !

කෙසේ වුවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ නව අගමැතිවරයකු පත්කිරීම සඳහා එකඟව නැති බවය.

දින 04ක දීර්ඝ නිවාඩුවක් !

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ​විසින් එළැඹෙන 02 වැනි සඳුදා රජයේ නිවාඩු දිනයක් බව නිවේදනය ඇත.

ඊට හේතුව වී ඇත්තේ ජාත්‍යන්තර කම්කරු දිනය වන මැයි මස පලමුවැනිදා ඉරිදා නිවාඩුවක් වීමය.

අගහරුවාදා රාමසාන් දිනය යෙදී තීබීම මත දින හතරක දීර්ඝ නිවාඩුවක් ලැබී ඇත.

සාමාන්‍ය පෙළ විභාගයට දින නියම වෙයි !

අර්බුදකාරී පරිසරය නිසා පැවැත්වීමට නොහැකි වූ 2021 වර්ෂයට අදාළ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය එළැඹෙන මැයි මස 23 සිට ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සහ විභාග දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සහ ඉදිරි විභාග කටයුතු මැයෙන් ඊයේ (28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මේ බව පැවසුවේ ය.

උසස් අධ්‍යාපන ක්‍රියාවලිය අර්බුදකාරී වාතාවරණය මධ්‍යයේ වුවද පවත්වාගෙන යන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා කීය. විශ්ව විද්‍යාල ස්වාධීන කිරීම, උපාධිධාරීන්ගේ විෂය පථය ගැඹුරු කිරීම, උපාධිධාරීන්ගේ විෂය පථය ශ්‍රී ලංකා සමාජයට හා සෙසු ලෝකයට යෝග්‍ය පරිදි වෙනස් කිරීම යන නව යෝජනා උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට හඳුන්වාදීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය බලාපොරොත්තු වේ.

ඉදිරි කාලය තුළ පාසැල් අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන යාමට අධ්‍යාපන අමාත්‍යාංශය සැළසුම්කර ඇත. වාර 3ම ආවරණය වන පරිදි අධ්‍යයන කටයුතු කිරීමට නියමිත ය. මෙම වසරේ ඔක්තෝබර් 16 පහ වසර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමටත් ඔත්තෝබර් 17 සිට නොවැම්බර් 12 දක්වා අ.පො. ස උසස් පෙළ විභාගය පැවැත්වීමටත් නියමිතය.

නිරායුද ජනඅරගලයේ මරණයට සාධාරණ ඉටුකරනු : එජාපය රඹුක්කන සත්‍යග්‍රහයක !

රඹුක්කන නගරයේ දි පැවති සාමකාමි විරෝධතාවට එල්ලවූ පොලීස් වෙඩි ප්‍රහාරයේදී පසුගියදා ජිවිතක්ෂයට පත් චමින්ද ලක්ෂාන් ට වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය ඊයේ (28) රඹුක්කන නගරයේ දි සත්‍යග්‍රහයක් සිදු කෙරිණ .

පක්ෂයේ නියොජ්‍ය නායක රුවන් විජෙවර්ධන ,මහා ලෙක්ම් පාලිත රංගේ බංඩාර ,ජාතික සංවිධායක සාගල රත්නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංන්දිත සමරසිංහ ඇතුළු
විශාල පිරිසක් ඊට එක්ව සිටියහ.

නිරායුද ජනඅරගලයේ මරණයට සාධාරණ ඉටුකරනු එහි තේමාව විය.

IMG 20220429 WA0000

IMG 20220429 WA0002

IMG 20220429 WA0001

 

 

Page 250 of 377