පුවත්

විදෙස් ශ්‍රමිකයින්ටත් විශ්‍රාම වැටුපක්
විදේශගත ශ්‍රමිකයින් සදහා වන විශේෂිත විශ්‍රාම වැටුපක් හදුන්වා දෙන බවත්, ඉදිරි සති කිහිපය තුළ එම විශ්‍රම වැටුප් ක්‍රමය විදේශ ගත ශ්‍රමිකයින්ට හදුන්වා දෙන බවත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පැවසුවේය.
විදේශගත ශ්‍රමිකයින් සදහා වන විශ්‍රාම වැටුප් ක්‍රමයක් සකස් කිරීම පිළිබද වසර ගණනාවක් තිස්සේ සාකච්ඡාවෙමින් පැවති අතර, වහාම එම විශ්‍රාම වැටුප් ක්‍රමය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ඇමැතිවරයා, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට උපදෙස් ලබාදුන්නේය.
ඒ අනුව ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සහාය ඇතිව මෙම විශ්‍රාම වැටුප් ක්‍රමය හදුන්වා දේ.
නීත්‍යානුකූලව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා විදේශ රැකියා සදහා පිටත්ව යන ශ්‍රමිකයින්ට මෙම විශ්‍රාම වැටුපට හිමිකම්කීමට අවස්ථාව ලැබෙන බවත් අමාත්‍යවරයා සදහන් කළේය.
විදේශ ගත ශ්‍රමිකයින් සදහා වූ විශ්‍රාම වැටුප සදහා, ශ්‍රමිකයින්ට විදෙස් මුදල්වලින් වාරික ගෙවීමට අවස්ථාව හිමිවේ. විශ්‍රාම වැටුප සදහා වන දායක්තව මුදල් ගෙවමින් සිටියදි කිසියම් ශ්‍රමිකයෙක් මිය ගියහොත් අදාල වාරික මුදල ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ගෙවනු ලබයි. ඉන් පසුව ප්‍රතිලාභ අදාල නීත්‍යානුකූල හිමිකරුවන් වෙත ගෙවීමටද කටයුතු කරනු ඇත.
මෙම විශ්‍රාම වැටුප් ක්‍රමවේදය අනුව රුපියල් විසිදහසේ සිට රුපියල් ලක්ෂයක් දක්වා වූ විශ්‍රාම වැටුපක් ලබාගැනීමට විදේශ ගත ශ්‍රමිකයින්ට අවස්ථාව හිමිවේ.
ශ්‍රමිකයින් විදේශ ගත කරනු ලබන විදේශ රැකියා නියෝජිත ආයතන විසින්, ශ්‍රමිකයාගේ විශ්‍රාම වැටුප සදහා වන දායකත්ව මුදලින් සියයට විසිපහක් ලබාදෙන්නේ නම් එම ආයතන සදහා විශේෂිත අවස්ථාවන් ලබාදීමට නියමිතව ඇත.
ඉන්ධන හිගය, ගෑස් හිගය සහ ඖෂධ හිගයට විසදුම් ලබාදීම සදහා මාසිකව ණය නොවන විදේශ විනිමය ලෙස ඇමරිකානු ඩොලර් මිලියන පන්සියයක් ලංකාවට ගෙන්වා ගත යුතු බවද ඒ සදහා විදේශ ගත ශ්‍රමිකයින් සිය පවුල්වලට නීත්‍යානුකූල ක්‍රම ඔස්සේ මුදල් එවිය යුතුව ඇති බවද මනුෂ නානායක්කාර ඇමැතිවරයා සදහන් කළේය. එසේ නීත්‍යානුකුලව මෙරටට මුදල් එවන විදේශ ගත ශ්‍රමිකයින් වෙනුවෙන් රජයෙන් කළ යුතු වගකීමක් ලෙස මෙම විශ්‍රාම වැටුප් ක්‍රමය හදුන්වාදෙන බවද වැඩිදුරටත් අදහස් දැක්වු ඇමැතිවරයා සදහන් කළේය.

කැසිනෝවලට ගහනකොට ධම්මිකට රිදෙන්නේ ඇයි ? රංගේබණ්ඩාර
බදු නොගෙවන කැසිනෝ සහ සූදූ ව්‍යාපාරිකයින්ගෙන් බදු අයකර ගැනීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පියවර ගැනීමට යන විට අමාත්‍ය ධම්මික පෙරේරාට රිදී ඇත්තේ මන්දැයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර ප්‍රශ්න කරයි.
එජාප මහ ලේකම්වරයා මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් මෙසේ ප්‍රශ්න කරනු ලැබීය.
කැසිනෝ සහ සූදූ ව්‍යාපාරිකයින් රජයේ බදු ගෙවීම පැහැර හරිමින් ගෙන ගිය ජාවාරම මැඬලීම සඳහා කැසිනෝ සහ සූදූ ආඥා පනත යාවත්කාලීන කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මුදල් ඇමතිවරයා වශයෙන් පසුගිය සඳුදා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීම නිසා සූදූ සහ කැසිනෝ ව්‍යාපාරිකයින්ට මෙලෙස රිදී තිබෙන බවද එජාප මහ ලේකම් රංගේ බණ්ඩාර එහිදී අවධාරණය කර සිටියේ ය.
ඇමති ධුරයේ දිව්රුම් දී සතියක් යන්නට මත්තෙන් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ට මුදල් අමාත්‍ය ධුරයෙන් ඉවත් වන ලෙස පැවසීමට ධම්මික පෙරේරාට ඇති පදනම කුමක්දැයි විමසූ එජාප මහ ලේකම්වරයා , අගමැතිවරයා රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන විට යම් යම් අයගේ යටි බලාපොරොත්තු සුන් වී කොනිත්තන්නට හදන බවද පැවසීය .

8 සහ 9 අරගලයට දාපු : පොලිස් බාල්දිය ව්‍යර්ථ වෙයි !
ජූලි 08 සහ 09 ගෝල්ෆේස් අරගලකරුවන් ප්‍රමුඛ ජනතාව කොටුව ජනාධිපති මන්දිරය පිහිටි ප්‍රදේශයට උද්ගෝෂණකරුවන් ඇතුළු වීම වැළැක්වීමේ නියෝගයක් ලබාගන්නට පොලිසිය දැරූ උත්සාහයක් ව්‍යර්ථව ඇති බව වාර්තා වෙයි .
වාර්තා වන ආකාරයට මේ වෙනුවෙන් කොටුව පොලිස් ස්ථානාධිපති විසින් කරන ලද ඉල්ලීමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
අපරාධයක් සිදු වූවොත් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට බලතල තිබෙන හෙයින් අදාල ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව එහිදී අධිකරණය සඳහන් කර ඇති බවත් වාර්තා වෙයි .

DP දොට්ට දාන්න : අගමැති ජනාධිපතිට දන්වලා ?
කැබිනට් සම්ප්‍රදායන් කඩකරමින් හැසිරෙන කුලප්පුආරච්චිගේ දොන් ධම්මික පෙරේරා වහාම අමාත්‍ය ධුරයෙන් ඉවත්කළ යුතු බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දැඩි ස්ථාවරයක සිටින බව ආණ්ඩුවේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි .
අග්‍රාමාත්‍යවරයාට සමීප ආරංචි මාර්ග අනුව අදාළ හැසිරීම අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ ත්‍රාඩ ජාවාරම්කරුවකුට වන අතර මේ වන විටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තම ස්ථාවරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත දැනුම්දී ඇත .
රටේ ආර්ථික අර්බුදය විසඳීමට නිසි සැලැස්මක් නැති රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍ය ධුරයෙන් ඉවත්විය යුතු බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා ඊයේ (ජුලි 06) ප්‍රකාශ කළේය.
අදාළ මාධ්‍ය හමුවේදී ඇමති ධම්මික පෙරේරා විසින් , අග්‍රාමාත්‍යවරයා , මුදල් අමාත්‍ය වශයෙන් රටේ ඩොලර් ආදායම් ව්‍යාපෘති සියල්ල නවත්වන බව, ඔහුට රට පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීමට සැලසුමක් නොමැති බව, ඔහු මුදල් ඇමතිවරයා ලෙස කරන එම සෙල්ලම නතර කරන බව ඇතුළු බරපතළ ප්‍රකාශ රැසක් සිදුකර තිබිණ .
කෙසේ වුවත් මේ වන විට ඇමති ධම්මික පෙරේරා ගේ අදහස් දැක්වීම , පොදුජන පෙරමුණ ආණ්ඩුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මදුර විතානගේ , වසන්ත බණ්ඩාර , නාලක ගොඩහේවා විසින් බරපතළ ලෙස ප්‍රසිද්ධියේ විවේචනය කර ඇත.

අරගලකරුවන්ට පොලිස්පතිගෙන් දැනුම්දීමක් !
අදහස් ප්‍රකාශ කිරීම ඇතුළු අයිතිවාසිකම් මුවාවෙන් සාමකාමී බව බිඳ වැටෙන ආකාරයට ප්‍රචණ්ඩකාරී ලෙස කටයුතු කරමින් රාජ්‍ය සහ පුද්ගලික දේපළවලට හානි කරමින් සිදු කරනු ලබන නීති විරෝධී ක්‍රියාවලින් වැළකී සිටින ලෙස පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහ ජනතාවගෙන් ඉල්ලා සිටියි.
නිවේදනයක් නිකුත්කරමින් පොලිස්පති ඉල්ලා සිටින්නේ මූලික අයිතිවාසිකම් භුක්ති විඳන අවස්ථාවලදී ඉතා වගකීමෙන් යුක්තව කටයුතු කරන ලෙසය.
එම අවස්ථාවේදී නීත්‍යානුකූල ලෙස සේවයේ යොදවා සිටින රජයේ සහ පෞද්ගලික සේවකයින්ට බාධා කිරීමකින් වැළකී නීතිමය රාමුව තුළ එම අයිතිවාසිකම් භුක්ති විඳින ලෙසට පොලිස්පතිවරයා මහ ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත .

ස්ථාවර තැම්පත් සහ පොලී අනුපාත ඉහළට !
ශ්‍රී ලංකාවේ වර්තමාන සහ අපේක්ෂිත සාර්ව ආර්ථික සංවර්ධනයන් සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (06)පැවති රැස්වීමකදී ස්ථාවර තැන්පතු සහ ණය පහසුකම්වල පොලී අනුපාත ඉහළ දැමීමට තීරණය කර ඇත .
ඒ බව අද (07) නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව ප්‍රකාශ කර තිබේ.
ඊට අනූව මහ බැංකුවේ මුදල් මණ්ඩලය ස්ථාවර තැන්පතු පහසුකම් අනුපාතිකය සහ ස්ථාවර ණය පහසුකම් අනුපාතිකය පදනම් අංක 100 කින්, පිළිවෙලින් සියයට 14.50 දක්වා සහ සියයට 15.50 දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇත.
එසේම ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය පවතින සියයට 4 මට්ටමේ පවත්වාගෙන යාමට මුදල් මණ්ඩලය තීරණය කර ඇතිබව මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

කැසිනෝ වෙනුවෙන් නියාමන අලුත් වෙයි : DP දැන් MK ?
සුපිරි කැසිනෝ ශාලා වෙත පිවිසීම සඳහා විදේශ නියෝජිතයන් හරහා ටෝකන් පත් නිකුත් කරන ක්‍රමය වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇති බව වාර්තා වෙයි .
එසේම කැසිනෝ ක්‍රීඩාවේ යෙදෙන විදේශිකයන් මෙරට තුලදී අනිවාර්යෙන්ම විදෙස් මුදල් ඒ සඳහා වියදම් කළ යුතු බවට වන නීතිරීති පැනවීමට ද මුදල් අමාත්‍යාංශය යෝජනා කර ඇති බවත් වාර්තා වෙයි .
ශ්‍රී ලංකාවේ රැඳී සිට කැසිනෝ ක්‍රීඩාවේ යෙදෙන විදේශිකයන්ට විදේශයන්හි සිටින නියෝජිතයන් හරහා ටෝකන් ක්‍රමය නිකුත් කිරීම කාලයක් පුරාවට සිදු කෙරුණු අතර සිය මව් රටේදී මුදල් තැන්පත් කර ශ්‍රී ලංකාවේ දී කැසිනෝ හල්වලට ඇතුළු වීමට මෙමගින් පහසුකම් ලැබි තිබුණි.
මෙම ක්‍රමවේදය නිසා මෙරටට ලැබීමට නියමිත ඩොලර් ,යූරෝ වැනි විදේශ මුදල් විශාල වශයෙන් අහිමිව ගොස් ඇති බවට මුදල් අමාත්‍යාංශය වෙත පැමිණිලි ගණනාවක් ලැබි තිබුනු බව මුදල් අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කර ඇත .
ඇතැම් විදේශිකයන් මේ වනවිට කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් වල රැඳී සිටිමින් ටෝකන් ක්‍රමය යටතේ දිනපතාම කැසිනෝ ක්‍රීඩාවේ යෙදෙන බවට වාර්තා වන බවත් මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි .
මේ තත්ත්වය යටතේ ශ්‍රී ලංකාවට අහිමි වන ඩොලර් ඇතුළු විදේශ මුදල් මෙරටට ලබා ගැනීමේ උපක්‍රමයක් ලෙස කැසිනෝ ටෝකන් පත් ක්‍රමය අහෝසි කරන බව අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි .
මේ අතර පසුගියදා කැසිනෝ නියාමනය ඇතුළු සූදු බදු විධිමත් කිරීමට මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගෙන එනු ලැබූ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවූ අතර එයින් දින 2ක් යන තැන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමේ යෝජනාවක් ඉදිරිපත් විය.
ඒ බැසිල් රාජපක්ෂ ගේ පුරප්පාඩුව වෙනුවෙන් පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට පැමිණි මෙරට අංක එකේ කැසිනෝ ව්‍යාපෘති ලෙස ප්‍රසිද්ධ ධම්මික පෙරේරා විසින් ය.
ඔහු මේ වන විට වත්මන් ආණ්ඩුවේ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කරයි.

තෙල් දෙන සාකච්ඡාවට රුසියාවෙන් එයි : පිළිගන්න විමල් යයි !
ශ්‍රී ලංකාවට රුසියාවෙන් ඉන්ධන ආනයනය කිරීම සඳහා වන සාකච්ඡා සඳහා රුසියානු ඉන්ධන සමාගම් නියෝජිතයින් දෙදෙනෙකු මෙරටට අද (07) පැමිණ ඇති බව වාර්තා වෙයි .
මෙම නියෝජිතයන් පිළිගැනීම සදහා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ තිබූ බවත් වාර්තා වෙයි .
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටීන් අමතා ශ්‍රී ලංකාවට සහනදායි පදනම මත ඉන්ධන ලබා දෙන ලෙස ඉල්ලා සිටින ලදී.
ඒ සම්බන්ධයෙන් පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ට්වීටර් සටහනක් ද තබා තිබිණ .

බැසිල්ගේ ගිනිකෙලි මාතරින් ඇරඹේ : ඩලාට සහ කාංචනට අභියෝගයක් !
පාර්ලිමේන්තුවෙන් ඉවත්ව ගිය පොදුජන පෙරමුණේ ප්‍රධාන සංවිධායක බැසිල් රාජපක්ෂ දේශපාලන පළිගැනීම් සිදුකරන බව මාතර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
වාර්තා වන ආකාරයට ඒ දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සභාපති ධුරය දරන ලද ක‍්‍රිෂාලි මුතුකුමාර වහාම ඉවත්කරන්නට මැදිහත් වෙමිනි.
බැසිල් රාජපක්ෂ ගේ මැදිහත්වීම තුළ අලුතින් පත්වීම ලබා ඇත්තේ අරුණ ගුණරත්න බවත් වාර්තා වෙයි .
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට නව සභාපතිවරයා රාජපක්ෂ පවුලේ ළඟම ඥාතියෙකු වෙයි.
මේ පත්වීම් මාරුවේ දේශපාලන සටන වන්නේ හිටපු සභාපතිව ක‍්‍රිෂාලි මුතුකුමාරණ ධුරයට පත් කිරීම සඳහා නිර්දේශ කර ඇත්තේ හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සහ අමාත්‍ය කංචන විජේසේකරගේ වීමය.
මේ අතර වාර්තා වන්නේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම හා කංචන විජේසේකර ගේ නිර්දේශ මත දකුණු පළාත් සභාවේ තනතුරු වලට පත් කර ඇති සියලු දෙනා වහා ඉවත් කරන ලෙසත් බැසිල් රාජපක්ෂ විසින් දැනුම් දීමක් කර ඇති බවයි.

ආණ්ඩුව ඇතුලෙන්ම DP කිච වෙයි !
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍ය ධූරයෙන් ඉවත් වියයුතු බවට අමාත්‍ය ධම්මික පෙරේරා සිදුකළ ප්‍රකාශයට ප්‍රබල අතුල් පහරක් පොදුජන පෙරමුණ පාර්ශ්වය වෙතින්ම එල්ලවී ඇත.
ඒ ජනාධිපති ගෝඨාභය ගේ වියත්මග සංවිධානයේ ප්‍රබලයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා විසිනි .
එහිදී අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා සිය ට්වීටර් ගිනුමේ සටහනක් තබා ඇති අතර එම ට්වීටර් සටහන පහත දැක්වෙයි .

වැඩි මිලට හෝ තෙල් දෙන්න තීන්දුවක් !
රටේ තිබෙන ඉන්ධන අර්බුදය මඟහරවා ගැනීමට ලබන 22 වැනිදාට පෙර වැඩිමිලට හෝ පෙට්‍රල් නෞකාවක් ගෙන්වා ගැනීමට තීරණය කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (06) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමිනි.
එහිදී වැඩිදුරටත් අමාත්‍යවරයා පවසා සිටියේ එළඹෙන 13 වනදා වනවිට පෙට්‍රල් තොගයක් රැගත් නෞකාවක් මෙරටට ගෙන්වා ගැනීම සඳහා සැපයුම්කරුවෙකු ඉදිරිපත්ව සිටින බවය.

දේශපාලන සංස්කෘතියේ රැඩිකල් වෙනසක් : ජයසූරිය වාර්තාව රනිල්ගෙන් පාර්ලිමේන්තුවට !

ආණ්ඩුව ලේ වැනි කුමන්ත්‍රණයක : අනුරගෙන් බරපතළ චෝදනාවක් !

තෙල් ගන්න ණයක් ගන්න : ගෝඨාභයගෙන් පුටින්ට ඇමතුමක් !
රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් සහ තමන් අතර අද (06) දුරකථන සංවාදයක් පැවැත්වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි .
පවතින ආර්ථික අර්බුදය හමුවේ ඉන්ධන ලබා ගැනීම සඳහා ණය ක්‍රමයක් ලබා දෙන ලෙසට තමන් රුසියානු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවත්, මේ වන විට අත්හිටුවා ඇති ඒරෝෆ්ලෝට් ගුවන් සේවයේ මෙහෙයුම් කටයුතු යළි ආරම්භ කරන ලෙස ද රුසියානු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සඳහන් කර ඇත .
ජනාධිපති ගෝඨාභය මේ බව සඳහන් කර ඇත්තේ සිය ට්විටර් සටහනක් තබමින්ය.
අතීතයේදී රුසියාව විසින් ශ්‍රී ලංකාවට සහය දැක්වූ කරුණු සම්බන්ධයෙන් තමන් ස්තුතිය පළකළ බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත .
සංචාරක, වෙළෙඳ සහ සංස්කෘතිය වැනි අංශවල ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම අපගේ ජාතීන් දෙක අතර පවතින මිත්‍රත්වය ශක්තිමත් කිරීම සඳහා ප්‍රමුඛ වන කරුණු සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ජා කළ බව ජනාධිපතිවරයා සඳහන් කර ඇත .

හිරුණිකා ඇතුළු 12කට පොලිස් ඇප
කොටුව ජනාධිපති මන්දිරය අසල පැවැත් වූ විරෝධතාවයක් අතරතුරදී අත්අඩංගුවට ගත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු 12 දෙනෙකු පොලිස් ඇප මත මුදාහැර තිබේ.
ඔවුන් එලෙස විරෝධතාවයේ නිරත වුණේ, ජනධිපතිවරයාට එරෙහිවයි.
පසුව පොලීසිය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන කොළඹ වරාය පොලිස්ථානයට රැගෙන ගියේ ය.

ධම්මික කිපුණේ : රනිල්ගේ සූදු බදු සංශෝධන යෝජනාව නිසාද ?
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වහාම මුදල් අමාත්‍ය ධුරයෙන් ඉවත්විය යුතු බව අමාත්‍ය ධම්මික පෙරේරා අද(06) පෙරවරුවේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේය
ඔහු මෙහිදී සඳහන් කරන්නේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට ආර්ථිකය ගොඩගැනීම සඳහා කිසිදු සැලැස්මක් නොමැති බවයි.
එවැනි සැලැස්මක් තිබේ නම් තමා සමග විවාදයකට එන ලෙසත් ධම්මික පෙරේරා අමාත්‍යවරයා , අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට අභියෝග කළේය.
ධම්මිකගේ කිපුණේ ඇයි ?
කෙසේ වුවත් දේශපාලන විචාරකයන් පවසන්නේ ධම්මික පෙරේරා අමාත්‍යවරයකු වීමට පෙර අංක එකේ කැසිනෝ ව්‍යාපාරිකයාව සිටි බව අමතක නොකළ යුතු බවයි .
පසුගියදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ශ්‍රී ලංකාවේ කැසිනෝ ව්‍යාපාරයේ නිරත ආයතන නියාමනය කිරීමට සහ ඒවායින් විධිමත් ලෙස නියමිත බදු අයකර ගැනීමට හැකිවන ආකාරයට සූදු බදු පනත සංශෝධනය කිරීමට කැබිනට් යෝජනාවක් ගෙන ආ බවත් ඔවුන් සිහිපත් කරයි.
මෙතෙක් කාලයක් සූදු බදු නිසි ලෙස රාජ්‍ය ආදායමට එක්නොවූ බවත් ඒ ආශ්‍රිතව බදු නොගෙවීම සම්බන්ධයෙන් පවා ව්‍යාපාරිකයන්ට චෝදනා ඇති බවත් ඔවුන් පවසයි .
එසේම මේ මොහොතේ රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් ජනතා අවිශ්වාසය ගොඩනගන්න බැසිල් රාජපක්ෂ ගේ දේශපාලන ව්‍යාපෘතිය විය හැකි බවත් දේශපාලන විචාරකයන් පවසයි .
පසුගියදා බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට සමුදුන් අතර ඔහු වෙනුවට පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් පාර්ලිමේන්තු පැමිණියේ ධම්මික පෙරේරා ය.
රනිල්ගේ යෝජනාව !
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ,අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
ඊට අනුව ,2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර (නියාමනය කිරීමේ) පනත සහ 1988 අංක 40 දරන ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු පනත මඟින් ශ්‍රී ලංකාවේ කැසිනෝ කර්මාන්තය නියාමනය කිරීම සඳහා වන විධිවිධාන පනවා ඇත.
2010 අංක 17 දරන පනත යටතේ ශ්‍රී ලංකාව තුළ කැසිනෝ ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා බලපත්‍ර ලබා දිය යුතු නමුත්, එකී පනතේ විධිවිධාන බලාත්මක කිරීම සඳහා අවශ්‍ය නියෝග මෙතෙක් නිකුත් කර නොමැති වීම හේතුවෙන් මේ දක්වා කිසිදු කැසිනෝ ව්‍යාපාරයකට එකී පනත යටතේ බලපත්‍ර නිකුත් කර නොමැත.
එම තත්ත්වය යටතේ දැනට කැසිනෝ ව්‍යාපාරයේ නිරත ආයතන වෙතින් විධිමත් පරිදි අදාළ බදු අයකර ගැනීමට අපහසු වී තිබේ.
එබැවින්, එවැනි ව්‍යාපාර නියාමනය කිරීමට සහ රජයට අයවිය යුතු නියමිත බදු අයකර ගැනීමේ අරමුණින් 2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර (නියාමනය කිරීමේ) පනත යටතේ නියෝග නිකුත් කිරීමටත්, 1988 අංක 40 දරන ඔට්ටු ඇල්ලීම සහ සුදු බදු පනතට යෝග්‍ය සංශෝධන හඳුන්වා දීම සඳහාත් අවශ්‍ය පියවර ගැනීම පිණිස මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.

ආණ්ඩුවට සැලැස්මකුත් නෑ : මට දෙන්නෙත් නෑ - ගොඩහේවා
ආන්ඩුවට සැලැස්මකුත් නෑ. සැලස්මක් ගැන කතාකරන්න අපිට ඉඩ දෙන්නෙත් නෑ ” ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය නාලක ගොඩහේවා කියයි.
ඔහු මෙසේ පවසා ඇත්තේ තම ෆේස් බුක් ගිනුමේ සටහනක් තබමිනි.
‘ආන්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලයෙන් උදේ කතාකරල මට කියනවා රටේ වත්මන් ආර්ථික අර්බූදය ගැන කතා කරන්න විනාඩි 3 යි දෙන්න පුලුවන් කියලා. විනාඩි 3 කින් මොනවද කියන්න පුළුවන්. එයාල වරු ගනන් කාලය දෙන අය මොනවද කියන රට හදන සැලැස්ම ?
ඊයේ අගමැති තුමා පාර්ලිමේන්තුවේ කල කතාවේ මම නම් දැක්කේ නෑ සැලැස්මක්. ආන්ඩුවට නිසි සැලැස්මක් නැති නිසා තමයි අද IMF එකත් පස්ස ගහන්නේ.
රජය කල යුතු, කල හැකි බොහෝ දේවල් තියෙනවා. උදාහරණයක් වශයෙන් රටේ ආදායම් හා වියදම් කලමණාකරනයේදී රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ අවශ්‍යතාවය ගැන අගමැතිතුමා හෝ එකම කැබිනට් මන්ඩල සාමාජිකයෙක් විවෘතව කතා කරනවා මෙතෙක් මම අහලා නෑ.
පාර්ලිමේන්තුවේ COPE කමිටුවේ විමර්ශණයට ලක්වෙන රාජ්‍ය ආයතන 420 ක් පමන තිබෙනවා. මේ අතරින් මහා භාන්ඩාගාරය අඩුම ගානේ වාර්ෂිකව අධ්‍යයනයක් වත් කරන්නේ ආයතන 52 ක් ගැන පමනයි. ඔවුන් කියනවා මේ ආයතන 52 ක් උපායමාර්ගිකව වැදගත් කියලා. ඒ කියන්නේ ඉතුරු 370 ව උපායමාර්ගිකව කිසිම වැදගත් කමක් නෑ රජයට. ඒවා තියෙන නිසා පවත්වාගෙන යනවා. හැබැයි ඒවා නඩත්තු කරන්න වාර්ෂිකව මේ රටේ ජනතා මුදල් වියදම් කරනවා.
රාජ්‍ය ආයතන වෙනුවෙන් මේ රට විශාල ආයෝජනයන් කොට තිබෙනවා 2021 වන විට ලංකාවේ ප්‍රධානතම රාජය ආයතන 52 පමනක් සතුව තිබෙන සම්පත්වල වටිනාකම රුපියල් ට්‍රිලියන 12.437 එහෙමත් නැත්නම් බිලියන 12,437 ක්. කොටින්ම කියනවා නම් රජයේ අවුරුදු 12 ක විතර ආදායමට සමානයි මේ ආයතන 52 පමනක් තියෙන සම්පත්. මේ වගේම තවත් විශාල සම්පත් ප්‍රමාණයක් රජයේ ඉතුරු ආයතනත් ගත්තොත් තියෙනවා. දැන් අහන්න මේ හා විශාල සම්පත් ප්‍රමාණයක් කලමණාකරනය කරලා මේ රාජ්‍ය ආයතන රජයට වසරකට ගෙවන්නේ කීයද කියල. 2021 වසරේ ගෙවලා තියෙන්නේ රුපියල් බිලියන 30 යි. අර කොරෝනා කාලේ අඩු ආදායම් ලාභීන්ට රුපියල් 5000 දෙනකොට එකවරකට මේ බිලියන 30 ඉවර වෙනවා. ඊටත් වඩා වැදගත් කාරනේ තමයි මේ රාජ්‍ය ආයතන සියල්ල එකතු වෙලා රජයට රුපියල් බිලියන 30 ක් දෙන කොට රජය මේ ආයතන නඩත්තු කරන්න රුපියල් බිලියන 360 භාන්ඩාගාරයෙන් වියදම් කරලා තියෙනවා.
පෞද්ගලික අංශයේ ව්‍යාපාරක කරන කොට අපි return on investment ගැන කතා කරනවා. ඒ කියන්නේ ආයෝජනයට සාපේක්ශව ප්‍රතිලාබ. බැංකුවේ සල්ලි දාල අවුරුද්දට 15 ක් ගන්න පුලුවන්නම් ව්‍යාපාරය කරල අඩුගානේ 25% ක වත් ප්‍රතිලාබයක් තියෙන්න ඕනේ නේද. නමුත් මේ රජයේ ව්‍යාපාර වල return on investment කීයද ? බිලියන 12,000 ට බිලියන 30 කියන්නේ 0.25% ( සීයට දසම 25 යි)
මොන අපරාධයක්ද මේක . මොනවටද මේ ව්‍යාපාර තියන් ඉන්නේ ?
මම මුලින් කියපු රාජ්‍ය ආයතන 52 ක් අවුරුද්දකට 12 % ක ප්‍රතිලාබයක් රටට දුන්නා නම් ඒ කියන්නේ වසරකට රුපියල් බිලියන 1,400 ක්. ඒ කියන්නේ රාජ්‍ය ආදායම දෙගුන කරන්න පුළුවන් මේ උපායමාර්ගිකව වැදගත් කියන රාජ්‍ය ආයතන 52 නිසියාකාරව කලමණාකරනය කිරීමෙන් පමනක්.
ඉතුරු ආයතන 370 නම් තියාගෙන ඉදලා කිසිම වැඩක් නෑ ඒවා අනිවාර්‍යයෙන්ම එක්කෝ වහලා දාන්න ඕනේ නැත්නම් ප්‍රතිව්‍යුහගත කරන්න ඕනේ.
මේ රාජ්‍ය ආයතනවල අති විශාල නාස්ති හා දූෂණයන්ද සිදුවන බව පොදු ව්‍යාපාර පිලිබඳ පාර්ලිමේන්තු කමිටුව හමුවේ නිතර ඔප්පු වෙනවා. මේ නිසා ලාබ ලබන ආයතනවලත් ඒ සම්පත්ම වඩා කාර්‍යක්ෂමව කලමනාකරණය කිරීමෙන් ඊට වඩා ආදායමක් ලබා ගන්නට බැරිද යන ප්‍රශ්ණය ඇසිය යුතුයි. පාඩු ලබනා ආයතන වලත් තත්වය එයමයි. මේ බොහෝ ආයතනවල ඇත්තේ කලමණාකාරීත්ව දුර්වල තාවයයි. රාජ්‍ය ආයතන වල 220,000 සේවකයෝ වැඩකරනවා. මේ අයගෙන් උපරිම ඵලදායිතාව ලබා ගන්න ආන්ඩුව වැඩ කරනවද . ඒ අයට හරි පුහුණුව ලබාදීලා, අතිරික්ත සේවකයන් ඉන්න තැන්වලින් සේවකයන් අඩු තැන් වලට මාරු කරලා, ඉලක්ක ලබා දීලා, නිසි සේවය අගය කරන්නත් බොරු කරන අයට අවස්ථා නොදෙන්නත් පුලුවන් සැලසුම් හදලා මේ ආයතන පාලනය කරන්න ඒ කලමණකාරීත්වයන්ට පුළුවන් වෙන්න ඕනේ.
ඒ නිසා සියල්ලටම පෙර මේ ආයතනවලට ලාබ ඉපයීම සඳහා පැහැදිලි ඉලක්ක ලබා දී ඒ සඳහා දක්ෂ කලමණාකරුවන් පත් කල යුතුයි. ඉලක්ක සපුරා නොගන්නා ආයතන වසා දමනු ලබන බව කල් තබා දැනුම් දී ප්‍රතිපල පෙන්වීමට ඒවාට නිශ්චිත කාල සීමාවක් ලබා දිය යුතුයි.
තව බොහෝ දේවල් තියෙනවා දැන් හරි කරන්න පටන් ගත යුතු.
– මාධ්‍ය ඒකකය

ඇමති නිමල් ඉල්ලා අස්වෙයි !
වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය ධුරයෙන් තාවකාලිකව ඉවත් වීමට නිමල් සිරිපාල ද සිල්වා කටයුතු කර තිබේ.
නම සඳහන් නොකරමින් ජපානයේ සමාගමක් වෙතින් අමාත්‍යවරයකු කොමිස් මුදලක් ඉල්ලීම සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා ඊයේ (05) පාර්ලිමේන්තුවේ දී චෝදනාවක් එල්ල කළේය .
ඒ සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නියෝග කර ඇති බවත් වාර්තා වෙයි .
පරීක්ෂණ කටයුතු නිමවන තෙක් ජනාධිපතිවරයාගේ උපදෙස් මත අමාත්‍යවරයා මෙම පියවර ගෙන ඇති අතර ඊට අදාළ ලිපිය පහත දැක්වෙයි .
Page 307 of 462