V2025

පුවත්

ගුරු සේවයත් සංවෘත සේවාවක් වෙයි

ශ්‍රී ලංකා විදුහල්පති සේවය, ගුරු උපදේශක සේවය හා ගුරු සේවය සංවෘත සේවාවන් 03 ක් බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ තිබේ.

ඒ, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරාගේ අත්සනින් යුතුවයි.

2021 අගෝස්තු මස 30 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම සේවාවන් සංවෘත සේවාවන් ලෙස ක්‍රියාත්මක බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන් ය.

උසස් කිරීම්, පත් කිරීම්, විනය, ස්ථාන මාරු හා අනෙකුත් ආයතන කටයුතු සම්බන්ධයෙන් වන බලතල හා විධිවිධාන ඒ ඒ සේවා සඳහා දැනට ක්‍රියාත්මක අයුරින්ම ඉදිරියටත් බල පැවැත්වෙන බව අදාළ ගැසට් නිවේදනයේ දක්වා ඇත.

එක් එක් සේවාවට අනන්‍ය වූ විශේෂිත වැටුප් ව්‍යුහයන් පිළිබඳ අදාළ බළධාරීන් විමසා සුදුසු පරිදි සංශෝධනය කර ගත යුතු වේ.

නිවේදනය මෙතනින් බලන්න

'රටෙන් අපට කියලා හිතනවට වඩා, අපෙන් රටට කියලා හිතලා වැඩ කරමු' - හිටපු අගවිනිසුරුවරිය

''අපේ අපේක්ෂාවන්, අපේ හැකියාවන් වගේම අපේ දිරිසම්පන්න කම විය යුත්තේ, රටෙන් අපට කියලා හිතනවට වඩා අපෙන් රටට කියලා හිතලා වැඩ කිරීම'' බව තමාගේ හැඟීම යයි හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක පවසන්නීය.

රට යළි නගා හිටුවන්නට ශ්‍රී ලාංකීය තරුණ පරපුරේ කැපවීම මෙන්ම දරු පරපුර නංවාලීමත් අතීශයෙන්ම වැදගත් බව ඇය අවධාරණය කර සිටියි.

හිටපු අගවිනිසුරුවරිය අද (14) එබව කියා සිටියේ, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ගේ චරිත කතාව එළිදැක්වීමේ උත්සවයේ මුඛ්‍ය දේශනය සිදුකරමිනි.

මෙම උත්සවය අද පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා ලෝටස් ශාලාවේ දී පැවැත්විණ. දේශපාලනඥයින් මෙන්ම විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීනයින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියේය.

සරසවි ප්‍රකාශකයෝ විසින් මුද්‍රණය කර ප්‍රකාශයට පත්කර ඇති මෙම කෘතියේ කතුවරයා වන්නේ තරිඳු තොටවත්ත යි.

හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක විශ්‍රාම ගැනීමෙන් පසුව මෙවැනි ප්‍රසිද්ධ වේදිකාවට එක්වූ පළමු අවස්ථාව මෙයවීම සුවිශේෂී කාරණයකි.

WhatsApp Image 2022 01 14 at 5.25.22 PM 3චන්ද්‍රිකා කෘතියේ කතුවරයා චන්ද්‍රිකා සහ ශිරාණි සමග..

උත්සව සභාව අමතමින් හිටපු අගවිනිසුරුවරිය මෙසේද පැවසුවාය.

''අපි දේශයක් විදියට ගමන් කරමින් ඉන්නේ අතීශය දුෂ්කර මාර්ගයක''

''අපි දේශයක් විදියට ගමන් කරමින් ඉන්නේ අතීශය දුෂ්කර මාර්ගයක. ගෙවමින් ඉන්නේ හිතාගන්න දරාගන්න බැරි ප්‍රශ්න ගණනාවකුත් එක්ක.

පහුගිය දවසක විශාල ප්‍රචාරයක් දී තිබුණා විදේශ ගමන් බලපත්‍ර ලබා ගන්න ආගමන විගමන කාර්යාලයේ දීර්ඝ පෝලිම් දකින්නට තිබුණා කියලා. මේ වගේ අවස්ථාවක ගමන් බලපත්‍රයක් ලබා ගන්නේ පෞද්ගලික විදේශ සංචාරයක යෙදෙන්නට වඩා එක්කෝ උසස් අධ්‍යාපනය වෙනුවෙන් විදේශ ගත වෙන්න. එහෙමත් නැත්නම් රැකියාවකට වෙනත් රටකට යන්න.

විදේශ රැකියා සඳහා යන ලාංකිකයින්ගෙන් අපේ රටට විදේශ විනිමය ගලා එන බව ඇත්ත. නමුත් ඒත් එක්කම සිදුවන්නේ බුද්ධි ගණනය. දැනටමත් අපේ රටේ හැකියාවන් ඇති බොහෝ දෙනෙක් මේ රටින් පිටවී ගිහින් අවසානයි. මම දකින විදිහට ඒක අපේ රටේ සම්පත් අපට නැතිවීමක්. අපි රටක් වශයෙන් නැගී සිටීම මේ වගේ දුෂ්කර සන්දිස්ථානයකදී අත්‍යවශ්‍ය අවශ්‍යතාවයක්.

අපේ අපේක්ෂාවන්, අපේ හැකියාවන් වගේම අපේ දිරිසම්පන්න කම විය යුත්තේ රටෙන් අපට කියලා හිතනවට වඩා අපෙන් රටට කියලා හිතලා වැඩ කිරීම බව මගේ හැඟීම වෙනවා. මේ තත්වය නගා හිටුවන්නට අපේ තරුණ පරපුරේ කැපවීම වගේම දරු පරපුර නංවාලීමත් අතීශයෙන්ම වැදගත් වෙනවා. ........

දරුවන් මූලික කරගත් අධ්‍යාපන ක්‍රමවේදයක් රටකට අත්‍යවශ්‍ය බව අමුතුවෙන් සඳහන් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. තමන්ගේ රට නංවාලන්න ඇපකැප වී සේවය කිරීමේ අවශ්‍යතාවය ගැන හදවගේ සනිටුහන් වෙන පණිවුඩයක් තියන්න පුළුවන් වෙන්නේ දරුවෙකුගේ කුඩා අවධියේ ඉඳලයි. ''

ccc

කොරෝනා මරණ 15,190ක් දක්වා ඉහළට

කොරෝනා ආසාදිත වූ තවත් රෝගීන් 16 දෙනකු ඊයේ (13) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (14) තහවුරු කළේය.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 15,190 දක්වා ඉහළ ගොස් ඇත.

මිය ගිය අය අතර වයස අවුරුදු 60 ට වැඩි 10 දෙනකු, අවුරුදු 30 ත් 59 ත් අතර 5 දෙනකු සහ අවුරුදු 30ට අඩු එක් අයෙක් ද වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ දැක්වේ.

එමෙන්ම පිරිමි අය 08 දෙනකු සහ කාන්තාවන් 08 දෙනකු මියගිය පිරිසට ඇතුළත් බව ද එම වාර්තාවේ සඳහන් වේ.

දුම්රිය යළිත් ලෙඩ වෙයි

ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ඊයේ ක්‍රියාත්මක කළ සංඛේත වැඩ වර්ජනය අවසන් කර පැය කිහිපයක් ගතවීමට පෙර නැවතත් හදිසි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.

එම සංගමයේ උප සභාපතිවරයාගේ වැඩ තහනම් කිරීමට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා කටයුතුකර ඇති බවට චෝදනා කරමින් මෙලෙස නැවත වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ .

ඒ අනුව දුම්රිය ස්ථානාධිපතිවරුන් අද දහවල් හදිසියේ රාජකාරීවලින් ඉවත්වී තිබේ.

එම සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර  අප කළ විමසීමකදී පැවසුවේ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා විසින් අත්තනෝමතික ලෙස තම සංගමයේ උපසභාපතිවරයාගේ වැඩ තහනම් කිරීමට විරෝධය පලකරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වූ බවය.

බොරු නොකර යුනිෆෝම් එක ගලවලා ගෙදර යන්න - කාදිනල් හිමි

බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයෙන් අත්බෝම්බයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය නිවැරදි විමර්ශනයක් සිදුකර නැති බව අගරදගුරු අතිඋතුම් මැලිකම් කාදිනල් රංජිත් හිමි පැවසූහ.

උන්වහන්සේ මේ අදහස් පළකළේ, අද (13) කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමිනි.

අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්,

"අපේ පල්ලියේ අවුරුදු ගාණක් වැඩකරපු 4 දෙනෙක්ව පොලීසියට කැඳවාගෙන ගියා. පස්සේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ ප්‍රකාශයේ සඳහන් වුණා බෝම්බය තබාගියේ 'මුනි' කියන කෙනා කියලා."

"පොලීසිය අපිට කිව්වේ හවස 3න් පස්සේ CCTV දර්ශන නැරඹුවාම ඇති කියලා. නමුත් අපි මේ CCTV දර්ශන හොඳින් නැරඹුවා. උදේ වරුවේ සිට."

"ඒ අනුව අපිට පේනවා.. එදා උදේ 9.52ට පුද්ගලයෙක් දේවස්ථාන භූමියට ඇතුළුවෙනවා."

"අපිට පේනවා මේ සිද්ධියේ ඇත්ත හොයාගෙන යනවාට වැඩිය.. කතන්දරයක් ගොතන්නට හදන වැඩක් හැටියට."

"ඒ නිසා අපි පොලීසියේ මේ ක්‍රියාදාමය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. අවංකකම නැතිව දේශපාලන ලෝකයේ නායකයන්ට ගැතිකම් කරන්න නොවෙයි පොලීසිය තියෙන්නේ."

"ඒ නිසා කරුනාකරලා බොරු කරන්න එපා. ඔය යුනිෆෝම් එක ගලවලා දාලා ගෙදර යන්න."

සිද්ධිය වූ දිනයේ සී.සී.ටී.වී. දර්ශන සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානය විසින් අද මාධ්‍යයට නිකුත් කර තිබුණි.

එම දර්ශනවලට අනුව බෝම්බය තැබූ සැකකරු බෑගයක් අතැතිව 9.52ට පමණ දේවස්ථානයට ඇතුළු වෙයි.

බොරැල්ල ආනන්ද රාජකරුණා මාවතේ පිහිටි සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයෙන් ජීව අත්බෝම්බයක් හමුවූයේ පසුගිය 11 වැනිදාය.

බොරැල්ල පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරකට අනුව සොයාගන්නා ලද එම අත්බෝම්බය පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් එදිනම නිෂ්ක්‍රීය කරනු ලැබීය.

පසුව සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනුණි.

විමර්ශනවලදී හෙළිවූයේ සැකකරුවන් අතර සිටින 56 හැවිරිදි අයෙකු 13 හැවිරිදි දරුවෙකු ලවා අත්බෝම්බය සුරුවම මත තබා තිබූ බවය.

පසුගිය මාස 9ක කාලයක සිට එම සැකකරු දේවස්ථානයේ නේවාසිකව සිට ඇති අතර බෝම්බය ඇටවීම සඳහා යොදාගත් ද්‍රව්‍ය ඔහුගේ කාමරයේ තිබී සොයාගැනීමට ද පොලීසියට හැකිවුණි.

දෙරණ=

කොවිඩ් මරණ 15,174ක් දක්වා ඉහළට

තවත් කොවිඩ් මරණ 11ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (12) තහවුරු කර ඇති බවය.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 15,174කි.

ඩොලර් මිලියන 134 ක ; සහල් ආනයනය කිරීමට තීන්දුවක් !

රටේ සමස්ත සහල් අවශ්‍යතාවයෙන් සති 6කට ප්‍රමාණවත් මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් ආනයනය කිරීම සඳහා ඩොලර් මිලියන 133.7ක් වැය කිරීමට පසුගිය සඳුදා කැබිනට් අනුමැතිය ලබාදී තිබේ.

මෙලෙස සහල් ආනයනය කිරීමට සිදුවී තිබෙන්නේ 2020 වර්ෂයේදී මෙරට සහල් නිෂ්පාදනය මාස 17කට ප්‍රමාණවත් වන සේ තිබියදී ජනාධිපතිවරයා විසින් හිටි හැටියේම රසායනික පොහොර තහනම් කිරීමේ ප්‍රතිවිපාකයක් ලෙස ය.

රසායනික පොහොර ආනයනය සඳහා 2020 දී ඩොලර් මිලියන 259ක මුදලක් වැය කර තිබූ අතර කෘෂිකාර්මික අපනයනවලින් පමණක් ඩොලර් මිලියන 2400කට ආසන්න විදේශ විනිමය ආදායමක් එම වසරේදී උපයා ගැනීමට සමත් විය. නමුත් හිටි හැටියේ රසායනික පොහොර තහනම් කිරීමෙන් එක් වරකදී සහල් ආනයනයට පමණක් ඩොලර් මිලියන 134කට ආසන්න මුදලක් වැය කිරීමට සිදුවී තිබේ.

ආණ්ඩුවට ගහපු සුදාට : CIDයෙන් කැඳවීමක් !

සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකාරී සුදන්ත තිලකසිරි මහතා හට පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් (CID) වෙතින් කැඳවීමක් කර ඇත.

ඒ එහි පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් සිදු කරන විමර්ශනයකට අදාළව සිදුකරන බව කියන පරීක්ෂණයකට අදාළවය.

අද (13) දින පෙ. ව. 9.30ට ඒ සඳහා සුදන්ත තිලකසිරි මහතාට පැමිණෙන ලෙස දන්වා එවා ඇත්තේ පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ, පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ, සමාජ මාධ්‍ය ඒකකයේ ස්ථානාධිපතිවරයා විසිනි.

සුදන්ත තිලකසිරි මහතාට පැමිණෙන ලෙස දන්වා ඇත්තේ කොළඹ කොටුවේ, නව මහලේකම් ගොඩනැගිල්ලේ පිහිටි එම කාර්යාලය වෙතය.

පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දැක්වූ කලාකරුවන් යොදාගනිමින් ‘අසිරිමත් මිනිසා’ ප්‍රචාරක වීඩියෝව නිර්මාණය කළ අය වන අතර පසුව දැඩිව ආණ්ඩුව විවේචනය කරන සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කරන අයෙකි.

WhatsApp Image 2022 01 13 at 9.50.44 AM

-mawrata

බැසිල්ට එරෙහිව විජේදාස අභියාචනාධිකරණයේ !

ඇමරිකානු නීතිය හා මෙරට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ දිවුරුම් ලබාදී පුරවැසි භාවය ලබාගත් ඕනෑම අයෙකු අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී ආයුධ අතට ගෙන රට වෙනුවෙන් ඕනෑම රටක් සමග කටයුතු කිරීමට බැඳී සිටින බැවින් එලෙස දිවුරුම් ලබාදී ඇති බැසිල් රාජපක්ෂ  ශී‍්‍ර ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ කටයුතු කරනුයේ කෙසේ දැයි විමසා බැලිය යුතු බව ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ  අභියාචනාධිකරණයට පෙන්වා දුන්නේය.

පුරවැසි පනත අනුව මෙරට කිසිදු සම්පත් දැරීමට සුදුසුකම් නොමැති අයකු වන බැසිල් රාජපක්ෂ  මුදල් ඇමැතිවරයා ලෙස කටයුතු කිරීම නීති විරෝධී මෙන්ම ශී‍්‍ර ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් යැයි ද ජනාධිපති නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේය.

බැසිල් රාජපක්ෂ  පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු හා මුදල් ඇමැතිවරයා ලෙස පත්වීම දිවුරුම්දීම හා කටයුතු කිරිම බලරහිත කරන ලෙස ඉල්ලා උලපනේ සුමංගල හිමියන් ඇතුළු තිදෙනකු විසින් ගොනුකර තිබූ රිට් ආඥා පෙත්සම කැඳවූ අවස්ථාවේදී ජනාධිපති නීතිඥවරයා එලෙස අධිකරණයට පෙන්වා දුන්නේය.

එම පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවිණි. ඇමරිකානු පුරවැසියකු ලෙස දිවුරුම් ලබාදී ඇති බැසිල් රාජපක්ෂ  ශී‍්‍ර ලංකා පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රවරයකු ලෙස හා මුදල් ඇමැතිවරයා ලෙස කටයුතු කිරීම නීති විරෝධී මෙන්ම එය රටට ඉතා අගතිදායක වන්නේ යැයි ද විජයදාස රාජපක්ෂ  අධිකරණයට පෙන්වා දුන්නේය.

පෙත්සම්කරුවන් අධිකරණය නොමඟ යවමින් කරුණු ඉදිරිපත් කර ඇති බවත්, ජනාධිපතිවරයා විසින් පත්කළ පත්වීමකට එරෙහිව නියෝග දීමේ බලයක් අධිකරණයට නොමැති බවත් අධිකරණයට කියා සිටි නීතිපතිවරයා හා පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් මෙරින් පුල්ලේ මහතා මුල් අවස්ථාවේම එම පෙත්සම ප‍්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා සිටියේය.

එම පෙත්සම සලකා බැලීම සඳහා ලබන පෙබරවාරි 07 වැනිදා යළි කැඳවීමට නියෝග කළ විනිසුරු මඩුල්ල පෙත්සමේ වගඋත්තරකරු ලෙස පෙනී සිටි බැසිල් රාජපක්ෂ  වෙනුවෙන් නීතිඥ නියෝජනයක් නොතිබීම නිසා ඔහුට නොතිසි දන්වා යැවීමට පියවර ගන්නා ලෙසට පෙත්සම්කාර පාර්ශ්වයට නියෝග කළහ.

ඒ.ජේ.ඒ. අබේනායක – දිවයින

රට පුරා සටන් කර දිනාගත් ගුරු වැටුප උතුරට නොලැබීමේ අනතුරක්

දින එකසිය විස්සකට වැඩි කාලයක් දීප ව්‍යාප්තව ගෙන ගිය අඛණ්ඩ අරගලයකින් පසු වැටුප් විෂමතාව ඉවත් කරගනිමින් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් වැඩි කරගත් වැටුප උතුරු පළාතට අහිමිවීමේ අනතුරක් මතුව තිබේ.

වැටුප් අරගලයේ ප්‍රමුඛතම නියමුවකු වු ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම්වරයා පෙන්වා දෙන්නේ, එම වැඩිවු මුදල ජනවාරි මස වැටුප සමග 20 වැනිදා ලබා දීමට දිවයිනේ සියළුම කලාප කාර්යාල වල කටයුතු සිදු කරමින් පැවැතියද උතුරු පළාතේ මේ වන තෙක් එයට අදාල කටයුතු ආරම්භ කර නොමැති බවයි.

''අපි දිගින් දිගටම කියපු දෙයක් තමයි ආණ්ඩුව අපේ චක්‍රලේඛය ප්‍රමාද කරන කොට ඔබ ජනවාරි මාසේ 5 වැනිදා චක්‍රලේඛය නිකුත් නොකළොත් 20 වැටුප ගන්න බෑ. මොකද සාමාන්‍යයෙන් දින 15 ට කලින් වැටුප් සකස් කිරීම් සිදු වෙනවා. ''

උතුරු පළාතේ ගුරුවරුන්ට සිදුවන අසාධාරණය ඉවත් කිරීමට වහාම පියවර ගන්නා ලෙස වෘත්තිය සමිති නායකයා පළාත් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ ජනවාරි 11 වැනි සදුදා කොළඹදී මාධ්‍ය හමුවක් කැදවමිනි.

එම තත්වය සම්බන්ධයෙන් පළාත් ආණ්ඩුකාරවරයාට ලිඛිතවම දන්වා ඇති බවත් ජෝසප් ස්ටාලින් ගුරු සංගම් නායකයා එහිදී සදහන් කළේය.

රාජ්‍ය සේවා හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ගුරු – විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීමට අදාළ චක්‍රලේඛය පසු ගිය සතියේ නිකුත් කර තිබුනි.

එහි දැක්වෙන්නේ ගුරු – විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීම සම්බන්ධයෙන් පසුගිය වසරේ අගෝස්තු 30 වැනි දින සහ මේ වසරේ ජනවාරි තුන් වැනි දිනයන්හිදී පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීම්වල දී ගනු ලැබූ තීරණවලට අනුව එම චක්‍රලේඛය නිකුත් කර ඇති බවයි.

මේ වසරේ ජනවාරි මස පළමු වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇති අතර ඊට ජාතික වැටුප් කොමිෂන් සභවේ සහ මුදල් අමාත්‍යාංශයේ ද එකඟතාව හිමිව තිබේ.

දුම්රිය ස්ථානාධිපතිවරු වැඩ වර්ජනයක

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ඊයේ (12) මධ්‍යම රාත්‍රියේ සිට පැය 24ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

දුරගමන් සේවා කලින් ආසන වෙන්කළ දුම්රියන් නොදන්වා අවලංගු කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න සඳහන් කරයි.

"දිගින් දිගටම අපේ සාමාජිකයින්ගේ ප්‍රශ්න විසඳිලා නෑ. ඒ වගේම දුම්රිය කාලසටහන යතාවත් කරනවා කියලා, දුම්රිය සාමාන්‍යයෙන් ධාවනය කරන්න යෝජනා කරලා, ආසන වෙන්කිරීමේ කටයුතු සිද්ධකරලා ඉවර වුණාට පස්සේ, දුම්රිය ධාවනය වෙන්න පැය කිහිපයකට කලින් දුම්රිය අවලංගු කරනවා. මේක හිතාමතා කරන දෙයක් පාලනාධිකාරිය. දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ අනුදැනුම මත ක්‍රියාත්මක වෙනවා කියන සැකය අපිට තියෙනවා. තෝරාගත් වෘත්තීය සමිති කිහිපයකට කේවල් කිරීම මත අවශ්‍ය පහසුකම් ලබාදෙමින් මගීන්ගේ සහ දුම්රිය සාමාන්‍යාධිකාරීවරුන්ගේ පහසුකම් සියල්ල පසෙකලා කටයුතු කිරීමට විරෝධතාවය පළ කිරීමක් වෙනුවට අකමැත්තෙන් වුවත් පැය 24ක වෘත්තීය ක්‍රියාමාර්ගයක අපි නිරතවෙනවා."

කොවිඩ් මරණ 15,163ක් දක්වා ඉහළට

කොරෝනා ආසාදිතව තවත් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තිබේ. පිරිමි පුද්ගලයින් 07 දෙනෙකු හා කාන්තාවන් 07 දෙනෙකු ඊට ඇතුළත් ය.

මියගිය පිරිස අතරින් 11 දෙනෙකුම අවුරුදු 60 හෝ ඊට වැඩි පුද්ගලයින් වේ.

ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 15,163 කි.

තැන තැන කියවන්නේ නැතුව : ශ්‍රීලනිපය එළියට බැහැලා යන්න - නාමල්

තැන් තැන්වල ආණ්ඩුව විවේචනය නොකර අවශ්‍යනම් ආණ්ඩුවෙන් ඉවත්වන ලෙස ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පවසයි.

අමාත්‍යවරයා මෙසේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටියේ මාධ්‍යවේදීයෙකු විසින් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.

“ඕනෑම මැතිවරණයකට පොදුජන පෙරමුණ සූදානම්. මාධ්‍යයේ මම දැක්කා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නායකයින් නොයෙක් මත ප්‍රකාශ කරනවා. ඉතින් මම හින්නේ තැන තැන කියවන්නේ නැතිව පක්ෂනායක රැස්වීමේ කියලා ගියොත් හොඳයි, ජනතාව අපහසුතාවයට පත් කරන්න ඕනේ නැහැනේ. ජනතාව එදා ඔවුන්ටත් ඡන්දය දුන්නේ මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න. ඉතින් අවසානයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොකර ඒ අයත් කැබිනට් මණ්ඩලයේ ඉන්නවනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අපේ කැබිනට් මණ්ඩලය නියෝජනය කරනවා. රාජ්‍ය අමාත්‍යවරු ඉන්නවා. ඒ වගේම ආණ්ඩුව නියෝජනය කරනවා. ඒ අය හිතනවා නම් යම් යම් තීන්දු තීරණවලට ඒ අය වගකිව යුතු නෑ අනිත් අය විතරයි වගකියන්න ඕනේ කියලා, එහෙම වෙන්නේ නෑ. මේ ආණ්ඩුවේ හැම තීරණයකට ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වගකියන්න ඕනේ සහ සන්ධානය වගකියන්න ඕනේ. ආණ්ඩුවක් විදියට සාමුහික වගකීමක් තියෙනවා. යම් හෙයකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ප්‍රතිපත්ති හරියන්නේ නැත්නම්, ඒ අය ඉල්ලන්නේ, වෙන ප්‍රතිපත්ති නම් තැන් තැන්වල කියවන්නේ නැතුව පක්ෂ නායක රැස්වීමේ දී කියලා ගෞරවාන්විතව එළියට ගියා නම් හොඳයි.”

පරදින බව දන්න නිසා ජන්දය කල්දාලා - රෝහණ ලක්ෂ්මන්

මැතිවරණයක් පැවැත්වුවහොත් ආණ්ඩුව අන්ත පරාජයට පත් වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස සඳහන් කරයි.

පළාත් පාලන මැතිවරණය පැවැත්වුවහොත් ආණ්ඩුව අන්ත පරාජයකට ලක් වන නිසා එම ඡන්ද විමසීම කල් දමා ඇතැයිද ඔහු පැවසීය.

ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන්නේ නම් කළ යුත්තේ ඡන්දය පවත්වා මහජන මතය පරීක්ෂාවට ලක් කිරීම බවත් ඔහු පවසයි.

වැලිකඩ ඝාතනය : හිටපු බන්ධනාගාර කොමසාරිස්ට මරණ දඬුවම !

හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවාට කොළඹ මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබේ.

ඒ 2012 වැලිකඩ බන්ධනාගාරයේ කෝලාහල නඩුවට අදාළව අද ලබාදුන් නඩු තීන්දුව මගිනි.

එහිදී පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළේය.

රට බංකොලොත් වෙන තැනක නෑ : ආර්ථික වර්ධනය ඉහළට - කබ්‍රාල්ගෙන් සහතිකයක් !

ඇතැම් පාර්ශ්වයන් පවසන ආකාරයට ශ්‍රී ලංකාව බංකොලොත් වීමේ ආසන්නයට පත්වී නැතැයි මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සඳහන් කරයි.

මෙරටට අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟතාවයක් ඇති නොවන ලෙස කටයුතු කරන බවද පැවසූ ඒ මහතා සංචාරක කර්මාන්තය තවත් මාස දෙකකින් පමණක් හොඳ තැනකට එනු ඇති බවද පැවසීය.

ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් ශ්‍රී ලංකාව පහත හෙළීම සම්බන්ධයෙන් කණගාටුවට පත්වන බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

මහ බැංකු අධිපති මේ බව කියා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (12) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙම වසරේ මෙරට ආර්ථික වර්ධන වේගය 5.5%ක තෙක් ඉහල නගිනු ඇති බවත් ඔහු තව දුරටත් එහිදී පැවසීය.

“මෙතන වෙලා තියෙන්නේ සමහරක් ඉන්ටනෙට් එක බලන ආර්ථික විශේෂඥයින් පිරිසක් ඉන්නවා. ඒ ගොල්ලෝ ගණන් හදනවා. ගණන් හදලා කියනවා මේක නැහැ, මේක නැහැ කියලා. ඒ වුණාට ඒක කිරීම සඳහා මහ බැංකුවේ මුදල් අමාත්‍යාංශයේ දක්ෂ නිලධාරීන් ඉන්නවා. ඒ අයටත් ඔය ඉන්ටර්නෙට් එකේ පෙනෙන එක්ස්රේ එක පේනවා. අපි දන්නේ නැතුව නෙමෙයිනේ. බිලියන 6.9 ක් ගෙවන්න තියෙනවා කියලා අපි තේරුම් ගත්තාම අපි නිදා ගෙන ඉන්නේ නැහැ. ඒ ගොල්ලෝ එකපාරටම කියන්න පුළුවන් මෙන්න මෙච්චරක් තියෙනවා කියලා. ඒක අපිත් දන්නවා. දන්න නිසා ඒකට අවශ්‍ය වන කටයුතු කරගෙන යනවා. ඒ පිළියම් හරිගස්සගෙන යනවා. 2022 ජනවාරි 18 වෙනිදා ගෙවන්න තියෙනවා කිව්ව මිලියන 500 ගෙවන්න බැහැ කියලා ඉන්ටර්නෙට් කට්ටිය කිව්වා. දැන් අපි ගෙවනවා නේ. ඒකෙන්ම තේරෙනවානේ ඒගොල්ලොන්ගේ මතයෙයි ඇත්ත වශයෙන්ම කෙරෙන්න යන දේයි අතරේ ලොකු වෙනසක් තියෙනවා කියලා.

විවිධ පැතිවලින් මුදල් ලබා ගන්න අපි කටයුතු කරනවා. ඒ හරහා මේ ණය ගෙවීම සඳහා අවශ්‍ය කෙරෙන බිලියන 6.9 කර ගන්න පුළුවන්. ඒ සඳහා අපිට පිටට ගෙවන්න තියෙන මුදල් බිලියන 1.5 ක් පමණයි. ඒ තමයි ස්වෛරී බැඳුම්කරවලට අපි ගෙවන්නට බලාපොරොත්තු වන මුදල. ඊට අමතරව දේශීය වශයෙන් බිලියන 2.5 ක් පමණ මුදලක්, එය අපට rollover කරගන්න පුළුවන්. භාණ්ඩාගාර බිල්පත් බැඳුම්කර rollover කරනවා වගේම ඕනම රටක ඒ විදියට rollover කරගන්න පුළුවන්. දැන් ඒක කරගෙන යනවා. ඒ නිසා එතන තියෙන අවදානම හුඟාක් අඩුයි. ඒ වගේම ජාත්‍යන්තර ආයතන සමඟ අපිට තිබෙන ගනුදෙනු හරහා ඒ ගෙවීම් කරන මුදල්වලට සාපේක්ෂව ඒ වගේම මුදලක් අපිට එන්නත් තියෙනවා. ඒ තුළත් අපිට තියෙන පීඩනය අඩුයි.

මේ රට බංකොලොත් වෙනවා කියන කතාව 2020 දීත් කිව්වා. 1970 දීත් කියලා තියෙනවා ශ්‍රී ලංකාව බංකොලොත් වෙනවා කියලා. යම්කිසි කණ්ඩායමක් ඉන්නවා මේ රට අමාරු තත්ත්වයකට වැටෙනවා කියලා නිතර නිතර කියන. මෙතනදී බොහොම පැහැදිලිව කියන්නට අවශ්‍යයි, පසුගිය මාස 06 තුළ දී එක කණ්ඩායමක් කෑගගහා හිටියා අපේ රටේ තියෙන සංචිත මදි, ඒ සංචිත මදිකම නිසා අපිට ණය ගෙවාගන්න බැරිවෙයි කියලා, 2022 ජනවාරි මාසයේ ගෙවන්න තියෙන මිලියන 500 අපිට ගෙවාගන්න බැරිවෙයි කියලා විවිධ කතන්දර කිව්වා. එහෙම කියද්දී අපි මොනවාද කිව්වේ. අපි කිව්වා අපි මේක ගෙවනවා, අපි බිලියන 3 ක් බවට අපේ සංචිත පත්කරගන්නවා කියලා පැහැදිලිව කිව්වා 2021 ඔක්තෝබර් මාසයේදී. මම හැමෝගෙන්ම ඉල්ලීමක් කරනවා. අපේ ආර්ථිකය පිළිබඳ විශ්වාසය තබා ගෙන යන්න. තවදුරටත් මේකට අකුල් හෙළන්න එපා.“

සමාගම්වලින් වැඩි මිලට පොහොර : දැන් වකුගඩු ආරක්ෂිතද ? තිසාහාමි

මිනිස්සු ලෙඩ වෙනවා කියලා ආන්ඩුවෙන් බෙහෙත් පොහොර ගේන එක නැවැත්තුවා. අද වෙන කොට රට පුරා සමාගම් වලින් විශාල මුදල් අය කරමින් ගොවි ජනතාවට පොහොර අළවි කරනවා. ආන්ඩුවෙන් පොහොර දෙන කොට විතරද මිනිසුන්ගේ වකුගඩු නරක් වෙන්නේ, සමාගම් වලින් දෙනකොට වකුගඩු අමාරු ඇති වෙන්නේ නැද්ද? ආදිවාසී නායක ඌරුවරිගයේ වන්නිලා ඇත්තන් ඊයේ (11දා) දඹාන කොටබකිණිය ගම්මානයේදී පැවසීය.

වැඩිදුරටත් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් වන්නිලා ඇත්තන්, කාබනික පොහොර වගා සංකල්පය රටේ ආම්භ කරන්න ඉක්මන් උනා වැඩියි කියලයි මම හිතන්නේ. ජනාධිපතිතුමාගේ සංකල්පය අත්‍යවශ්‍ය එකක්.හැබැයි මේ වගේ හදිසියෙන් ක්‍රියාත්මක කළ යුතු එකක් නෙවෙයි කියලයි මම හිතන්නේ. අවරුදු 30-40ක් කෘමිනාශක දාලා පසේ සාරවත් භාවය, ජීවි බව විනාශ කරලා තියෙන්නේ. ඒ නිසා වගාවට ඉතාමත් සුදුසු තත්වයට කාබනික පොහොර යොදලා ඉක්මනින් පත්කර ගත හැකි තත්වයක දැන් මේ රටේ මහපොළව නෑ. ක්‍රම ක්‍රමයෙන් කෘමිනාශක නතර කරන්නයි තිබුනේ. ක්‍රමානුකූලවයි රට ඒ තැනට ගෙනියන්න තිබුනේ. දැන් වෙනකොට ගොවියා කබලෙන් ලිපට ඇද දාලා,පරිසරය ආරක්ෂා කර ගන්න ඕන අනිවාර්යෙන්ම. හැබයි ඒ සදහා ක්‍රමාණුකූල වැඩ පිළිවෙලක් සැලසුමකට අනුව ක්‍රියාත්මක කරන්න ඕන.රටේ දේශපාලකයන්ගේ බොරු බේගල් කථාවලට හැමදාම ඡන්ද දායකයෝ රැවටෙනවා.රටේ විවිධ ප්‍රදේශ වලින් දිනපතා පිරිස් මාව හම්බවෙන්න එනවා. ඒ අයත් කියන්නේ මේපාර ගොවිතැන් අසාර්ථකයි කියලා. ඒ විතරක් නෙවෙයි මගේ මේ ප්‍රදේශයෙත් ගොඩක් ගොවිතැන් අසාර්ථක වෙලා මට පේන්න තියෙනවා යැයි ආදිවාසී නායක ඌරුවරිගයේ වන්නිලා ඇත්තන් පවසා සිටියේය.

mawrata

ශ්‍රී ලංකා නීතිඥ සංගමය : සභාපති සහ ලේකම් නිතරගයෙන් පත්වෙති !

2022 / 2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා නීතිඥ නීතිඥ සංගමයේ සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සහ ලේකම්වරයා ලෙස නීතිඥ ඉසුරු බාලපටබැඳි නිතරගයෙන් පත්ව තිබේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ රජිව් අමරසූරියගේ ධූර කාලය අවසන් වීමෙන් අනතුරුව එහි ලේකම් තනතුර සඳහා ඉසුරු බාලපටබැඳි පමණක් ඉල්ලුම් කිරීමේ හේතුවෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම් ධුරයට ඔහු නිතරඟයෙන් පත්ව ඇත.

Page 310 of 392