V2025

පුවත්

ලංකාවේ තත්ත්වය ඉන්දියාවට වඩා දරුණුයි !

කොරෝනා ආසාදිතයන් හා මරණ සංඛ්‍යාව අනුව ශ්‍රී ලංකාව ඉන්දියාවටත් වඩා ඉතා භයානක තැනකට ගමන් කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

කොළඹ පැවැත්වූ  මාධ්‍ය හමුවකදී එම සංගමයේ උප සභාපති නවීන් ද සොයිසා සඳහන් කර සිටියේ ජනගහනයට සාපේක්ෂව වාර්තාවන ආසාදිතයන් හා මරණ සංඛ්‍යාව සලකා බැලීමේදී ශ්‍රී ලංකාව ඉන්දියාවට වඩා ඉදිරියෙන් සිටින බවයි. අද වන විට ඉන්දියාවේ රෝගීන් වාර්තා වීම මිලියනයකට 80ක් වනවිට ශ්‍රී ලංකාවේ මිලියනයකට 136ක් වාර්තා වෙන බැවින් එය ඉන්දියාවේ මෙන් එකහමාර ගුණයක් ව ඇතැයි ද  ඔහු  පවසයි.

එසේම පසුගිය දිනවලදී සිදු කරනු ලැබූ පී.සී.ආර්. පරීක්ෂණ දත්ත සලකා බැලීමේදී මෙම තත්වයෙහි ඇති බරපතළකම තේරුම් ගත හැකිවේ.

විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශයේ සංඛ්‍යාලේඛන අනුව ජුනි 10 ආසාදිතයින් වාර්තා වී ඇත්තේ 2715 කි. එදින සිදුකරන ලද පී.සී.ආර්. එකතුව 19828 කි.

ඒ අනුව කොරෝනා රෝගීන් හමුවීමේ අගය සියයට 13.69 කි. එනම් ශ්‍රී ලංකාවේ සිදු කරනු ලබන සෑම පී.සී.ආර්. පරීක්ෂණ හතකින් එකක් කොවිඩ් ආසාදිතයකු බවට හෙළිවේ.

කොවිඩ් දත්තවල නිරවද්‍යතාවය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ ඇතුළු බොහෝ පාර්ශවයන්හි විරෝධය එල්ල වෙමින් තිබියදී මෙම තොරතුරු හෙළි වීමද විශේෂත්වයකි.

ඉන්ධන මිල ඉහළ යන අස්සේ ආණ්ඩුවේ කාකොටා ගැනීමුත් ඉහළට !

ඉන්ධන මිල ඉහළ දැමීම තුළ ආණ්ඩුව  සෑම අංශයකින්ම බරපතළ අසමත් භාවයක් පෙන්නුම් කරන අතර ඒ සමග ආණ්ඩු අභ්‍යන්තරයේ කාකොටා ගැනීම්ද යළියළිත් මතුවෙමින් තිබේ.

ආසන්නතම සිදුවීම වන්නේ ජනතාව ආදායම් මාර්ග අහිමිව වැටුප් පවා කප්පාදුවට ලක්ව අති දුෂ්කර තත්ත්වයක පසුවන අවස්ථාවේ ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධව වගකීම මුළුමනින්ම ඛණිජ තෙල් සහ බලශක්ති අමාත්‍ය උදය ප්‍රභාත් ගම්මන්පිල පිටින් යැවීමට ආණ්ඩුවේම පාර්ශ්ව කටයුතු කරමින් සිටීමය.

ඊට නිදර්ශනයක් නම් ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ ෆේස්බුක් ගිනුමේ සටහනක් තබමින් සමාජගත කිරීමට උත්සාහ කරන අදහසයි.

අදාළ සටහන මෙසේය.

රජයේ ආදායම් මාර්ග අඩපණ වීම යන කාරණා පසුබිමෙහි තබාගෙන වුව බලශක්ති ඇමතිවරයාගෙන් පහත ප්‍රශ්න අසන්නේ ඒවාට පැහැදිලි කිරීමක් අපේක්ෂාවෙනි. 

1, ලෝක වෙළඳපලෙහි තෙල් මිළ ඉතා අඩු මට්ටමක පැවති අවස්ථාවේ බලශක්ති අමාත්‍යාංශය ඉදිරියට සැලසුම් කරමින් තෙල් තොග ආනයනය නොකළේ ඇයි?

2, ලංකාවට බොරතෙල් වෙනුවට මිළ අධික පිරිපහදු කළ තෙල් ආනයනය කරන්නේ ඇයි? 

3, අඩුමිළ සහිත ඔපෙක් රටවලින් මිළ දී නොගෙන සිංගප්පූරු වෙළඳපොලින් තෙල් මිළට ගන්නේ ඇයි?

Screenshot 20210612 123746

මේ සම්බන්ධව අදහස් දක්වමින් විචාරකයන් පෙන්වා දෙන්නේ මේ විමල් සහ බැසිල් පාර්ශ්ව ගැටුමක් බවය.

ගම්මන්පිල අමාත්‍යවරයා විමල් පාර්ශ්වය නියෝජනය කරන අතර එනිසා ඔහුගේ ඛණිජ තෙල් විෂය සම්බන්ධව දැක්ම සූක්ෂම ලෙස ප්‍රශ්න කර ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි.

Page 462 of 462