සජිත් ගැන හරියට ම නොදන්නා නලින්ද - Ideas front වීඩියෝවක්

සජිත් ගැන හරියට ම නොදන්නා නලින්ද - Ideas front වීඩියෝවක්

පවතින අධ්‍යාපන ක්‍රමයෙන් බිහිවන්නේ සජිත් බඳු පුද්ගලයින් යැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද පැවසුව ද සජිත් ප්‍රේමදාස මෙරට අධ්‍යාපනය නොලද පුද්ගලයෙක් යැයි දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

සැබෑ ලෙස ම විමසා බැලුව හොත් ලංකාවේ විවේචනාත්මක මනසක් (Critical Mind) සහිත පුද්ගලයින් නොමැති බවත්, එබඳු පුද්ගලයින් සිටියා නම් මැතිවරණ සමයේ මාලිමා පාක්ෂිකයින් (අනුර කුමාර දිසානායක ද ඇතුළුව) පැවසූ අමූලික බොරුවලට රැවටෙන්නේ නැතැයි ද හෙතෙම අවධාරණය කළේ ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න විසිනි.

සටහන - ජයසිරි අලවත්ත

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න