රාජපක්ෂ පාලනය විසින් යුද්ධය අවසන් කරනු ලැබූව ද උතුරු නැගෙනහිර ජනතාව ගේ ප්‍රශ්නය සඳහා තිරසාර විසඳුමක් ලබා දෙන්නට අපොහොසත් වූයේ යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
රාජපක්ෂලා යුද්ධයෙන් අනතුරුව කළ යුතුව තිබුණේ උතුරු නැගෙනහිර ජනතාවට දේශපාලන ව්‍යුහයක් සකසා දීම වුව ද එය කිරීම සඳහා ඔවුන් නොපෙලඹුණේ යැයි දීප්ති වැඩි දුරටත් පැවසී ය.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ලංකාවේ පවතින එක ම දේශපාලන සංස්කෘතිය රාජපක්ෂ දේශපාලන සංස්කෘතිය බවයි.
මේ වන විට මාලිමා ආණ්ඩුව ද එම දේශපාලන සංස්කෘතිය ම අනුගමනය කරමින් යන බව ද හෙතෙම අවධාරණය කළේ ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
සටහන - ජයසිරි අලවත්ත

