ලිංගිකත්වය පිළිබඳව ජවිපෙ කුහකත්වය සහ දෙබිඩි බව - Ideas front වීඩියෝවක්

ලිංගිකත්වය පිළිබඳව ජවිපෙ කුහකත්වය සහ දෙබිඩි බව - Ideas front වීඩියෝවක්

බටහිර සහ ලතින් ඇමරිකාවේ වාමාංශිකයින් ලිංගික ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඉතාම ලිබරල් ආකල්පයක සිට කටයුතු කළ ද අවාසනාවකට ජවිපෙ ලිංගික ක්‍රියාවලිය සම්බන්ධයෙන් දෙබිඩි සහ කුහක පිළිවෙතක් අනුගමනය කරන්නේ යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

ශ්‍රී ලංකාවේ පොලිසිය පුද්ගලයින්ගේ පුද්ගලික ජීවිත තුළට ඇතුළු වීම වැළැක්වීම සඳහා මෙතෙක් පැවති කිදසිම ආණ්ඩුවක් එඩිතර නොවුණ බව ද දීප්ති මෙහි දී සිහිපත් කළේ ය.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ස්පා යනාදියෙහි සේවයට කාන්තාවන් පැමිණ සිටින්නේ විනෝදාස්වාදයට නොව ඔවුනොවුන්ට තිබෙන ආර්ථික ප්‍රශ්න හේතුවෙන් බවයි.

එමෙන් ම උතුරේ සිට දකුණ දක්වා මිනී කඳු ගොඩගැසූ මේ රටෙහි අන්‍යන් ගේ ලිංගික ක්‍රියා සම්බන්ධයෙන් තවකකුට මැදිහත්වීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නොමැති බව ද විපුල පැහැදිලි කළේ ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

සටහන - ජයසිරි අලවත්ත

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න