Image

ඕස්ට්‍රේලියාවේ Bargara Sprint Distance Triathlon තුන්ප්‍රයාම තරගයේ රන් පදක්කම ශ්‍රී ලංකාවේ ෂේන් අමරසිංහ දිනා ගනී

ඕස්ට්‍රේලියාවේ Bargara Sprint Distance Triathlon තුන්ප්‍රයාම තරගයේ රන් පදක්කම ශ්‍රී ලංකාවේ ෂේන් අමරසිංහ දිනා ගනී

ඕස්ට්‍රේලියාවේ 2026 -  Bargara Sprint Distance Triathlon තරගය පසුගිය දා Queensland ප්‍රාන්තයේ Bargara නගරයේ දී  පැවැත්විණි. මෙම තරගයේ දී වයස් කාණ්ඩ  25-29 අංශයේ තරග කළ ෂේන් අමරසිංහ රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.

මෙම තරගය සඳහා ඔහු ගේ කාලය පැය 01 විනාඩි 16 තත්ත්පර 10 ලෙස සටහන් විය. මෙම තරගය Age Group World Triathlon Championship තරගය සදහා සුදුසුකම් ලැබීමේ තරගයක් ලෙස පැවතීම විශේෂයත්වයකි.

මෙහි දී ෂේන් අමරසිංහ පිහිණුම් ඉසව්ව කිලෝමීටර් 01KM  විනාඩි 21 කින් ද , කිලෝමීටර් 20KM බයිසිකල් ධාවන ඉසව්ව විනාඩි 36 කින් සහ කිලෝමීටර් 5KM මාර්ග ධාවන ඉසව්ව විනාඩි 18 කින් නිමා කිරීමට සමත් විය. මෙම තරගාවලිය Bargara Triathlon Club  සහ Queensland Triathlon සංගමය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන අතර මේ සදහා ඕස්ට්‍රේලියාවේ සියලු ම ප්‍රාන්ත නියෝජනය කරන ක්‍රීඩකයින් සදහා විවෘත තරගයකි.

සමීර මදුසංක හේවා ගමගේසමීර මදුසංක හේවා ගමගේ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න