එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සමග යළි එක්වීමට අමෙරිකාවේ නව ජනාධිපතිවරයා වන ජෝ බයිඩන් තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ සමානාත්මතාවය ප්‍රමුඛ රකරගත් විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම සඳහා කැපවීමේ පියවරක් ලෙස මානව හිමිකම් කවුන්සිලය සමග වහාම ශක්තිමත් ලෙස නැවත සම්බන්ධ වන ලෙස අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්, රාජ්‍ය දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදුන් බව රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් සිදුකළ ප්‍රකාශයක් උපුටා දක්වමිනි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ක්‍රියාකාරීත්වය විවේචනය කරමින් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාව ඉන් ඉවත් කර ගත්තේ ඉකුත් 2018 වසරේදීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
