තලේබාන්වරුන් බලය බෙදා ගන්න සාකච්ඡා කරන අතරතුර ඇෆ්ගනිස්ථාන ජනතාව ජීවිතය බේරගන්න රටින් පැන යාමට මහත් වෙහෙසක් දරමින් සිටී.
ඔවුන් ගුවන්යානාවල එල්ලී ඇෆ්ගනිස්ථානයෙන් පිට වීමට උත්සහ දරමින් සිටින්නේ, ජීවිත ද පරදුවට තබමිනි.
කාබුල් ගුවන්තොටුපළ කඩිගුලක් ලෙස ඇවිස්සී තිබිණ.
කිසිදු බලාපොරොත්තුවක් නැති ඇෆ්ගන් ජනතාව දකින දකින ගුවන්යානයේ නැගී රටින් පිටවීමට උත්සහ කළ අතර එලෙස ගුවන් යානයකට ගොඩ වූ දෙදෙනෙකු යානයෙන් බිමට පතිත වන දර්ශන පෙළක් ද අද විදෙස් මාධ්‍ය ප්‍රචාරය කර තිබිණ.
ගුවන් තොටුපළේ පවතින තදබදය හේතුවෙන් පස් දෙනෙකුවත් මිය යන්නට ඇති බවට අනුමාන කෙරේ.
ඇමරිකාව බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් හැටක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටින්නේ රටින් යන අයට නිදහසේ යාමට ඉඩ හරින ලෙසයි .
එමෙන්ම පාරවල් දේශ සීමා සහ ගුවන්තොටුපළ විවෘතව තබන ලෙසත් ඉල්ලීමක් කර තිබේ.
බල හුවමාරුව පිළිබඳ සාකච්ඡාවේ අවසන් අදියරේ සිටින තලේබාන්වරුන් ජනාධිපති මන්දිරය රිසිසේ භුක්ති විඳින අයුරු ද අද මාධ්‍ය හරහා ප්‍රචාරය විය.
තලේබාන් දේශපාලන කාර්යාලයේ ප්‍රකාශක මොහොමඩ් නයිම් ප්‍රකාශ කළේ , පැවති රජයට හා හමුදාවට උදව් කළ කිසිවකුට හානියක් සිදු නොකරන බවයි.
newsfirst
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
