බයිඩ්න් අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වෙයි !

බයිඩ්න් අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වෙයි !

යෝජිත ඇමරිකානු ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වීමට ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් තීරණය කර ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන ආකාරයට ඩිමොක්‍රටික් පක්ෂය තුළින් දිගින් දිගටම එල්ල වූ බලපෑම් හේතුවෙන් තමන් නොවැම්බර් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බවත්, ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස තමන් උප ජනාධිපතිනී කමලා හැරිස් නම් කරන බවත් ජෝ බයිඩ්න් පවසා තිබේ.

වත්මන් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් හට එළැඹෙන ජනාධිපතිවරණය සඳහා වන අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වෙන ලෙස ඩිමොක්‍රටික් පක්ෂය තුළින් විරෝධයක් එල්ල වූයේ, ඔහුගේ වයස සැලකිල්ලට ගනිමිනි. 81 හැවිරිදි බයිඩන් ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්ව සිටින වයස්ගතම පුද්ගලයාය.

ජනාධිපති ධුර අපේක්ෂිකාව ලෙස ඉන්දීය සම්භවයක් ඇති කමලා හැරිස්, නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වී, ප්‍රතිවාදී අපේක්ෂක 78 හැවිරිදි ඩොනල්ඩ් ට්‍රම්ප් පරදා ජයග්‍රහණය කළොත්, ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත්වන පළමු කාන්තාව ඇය වනු ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න