මියන්මාර භූ කම්පනයෙන් දැනට මරණ 1600 ක්

මියන්මාර භූ කම්පනයෙන් දැනට මරණ 1600 ක්

මියන්මාරයේ පසුගිය (28) වැනි දින සිදූ වූ භූ කම්පනයෙන් මේ වන විට මිය ගොස් ඇති ප්‍රමාණය 1600 ක් පමණ වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වන විට පුද්ගලයින් 3400 පමණ තුවාල ලබා ඇති අතර තවත් පුද්ගලයින් 139 ක් පමණ අතුරුදහන් වී ඇත.

ලැබෙමින් පවතින තොරතුරු මත මරණ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යා හැකි බව ඉඟි පළවෙමින් ඇත.

භූ චලනයෙන් තායිලන්තයේ පුද්ගල මරණ 17ක් වාර්තාවී ඇති අතර පුද්ගලයින් 83 දෙනෙකු අතුරුදන්ව තිබේ.

එක්සත් ජනපද භූ විද්‍යා සේවයේ ස්වයංක්‍රීය පද්ධතියක් වන පේජර් සඳහන් කරන්නේ මෙම භූමිකම්පාවෙන් පුද්ගලයින් 10,000කට වැඩි පිරිසක් මිය යාමේ හැකියාව ඇති බව ය.

මෙය ඇස්තමේන්තුවක් පමණක් වන අතර එය ගණනය කරනු ලබන්නේ කම්පනයේ තීව්‍රතාවය සහ බලපෑමට ලක් වූ ප්‍රදේශයේ ජනගහනය ඇතුළු අනෙකුත් සාධක මත ය.

භූ කම්පනය තායිලන්තය ඇතුළු අසල පිහිටි රටවල්වලට ද දැනුණු අතර ගලවා ගැනීමේ කණ්ඩායම් මේ වන විට මියන්මාරයේ සහ තායිලන්තයේ කඩා වැටුණු ගොඩනැගිලිවල සුන්බුන් අතර සිටින දිවි ගලවා ගත් අය සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටිති.

මියන්මාරයේ රික්ටර් පරිමාණ ඒකක 7.7ක ප්‍රබලත්වයෙන් යුතු භූමිකම්පාවක් මාර්තු 28 වන දා සිදු විය.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) සඳහන් කළේ, එය එරට වේලාවෙන් දහවල් කාලයේදී සිදු වූ අතර ඉන් පසුව රික්ටර් පරිමාණ ඒකක 4.5 සහ 6.6 අතර පසු කම්පන 4ක් ද එම ප්‍රදේශයේ සිදුව ඇති බව ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න