සිය දරුවන් දෙදෙනා ඝාතනය කළ දකුණු කොරියාවේ උපන් නවසීලන්ත කාන්තාවක වරදකාරිය ලෙස නම් කරමින්, අද (23) එරට අධිකරණයක් තීන්දුව ප්‍රකාශ කළේය.
ඇය සිය දරුවන් දෙදෙනා ඝාතනය කර 'සූට්-කේසවල' බහා, අත්හැර දැමූ ලොකරයක සඟවා තිබියදී සොයා ගැනිණි.
හැක්යුන් ලී (Hakyung Lee) නම් එම කාන්තාව විසින් ඝාතනය කර ඇත්තේ, වයස අවුරුදු 8 සහ 6 වයස් හි පසුවූ දරුවන් දෙදෙනෙකි. සිය මන්ද මානසික තත්ත්වය හේතුවෙන් එම ඝාතනයන්ට වරදකාරිය නොවන බව ඇය අධිකරණයේදී පවසා සිටියාය.
2018 වර්ෂයේදී වෛද්‍ය නිර්දේශිත ඖෂධ අධි මාත්‍රාවක් ලබා දීමෙන් ඇය විසින් එම මරණ සිදු කර තිබේ. අනතුරුව දරුවන් දෙදෙනාගේ මළ සිරුරු ප්ලාස්ටික් ඇසුරුම්වල බහා 'සූට්-කේස' තුළ අසුරා ලොකරයක සඟවා ඇත.
එම දරුවන්ගේ පියා 2018 වසරේ දී, පිළිකාවක් හේතුවෙන් මරණයට පත්ව තිබේ.
2022 වසරේ, මාර්ග-ගත වෙන්දේසියකින් එම ලෝකරය මිලදී ගත නවසීලන්ත පවුලක්, එහි ලාච්චු පිරික්සීමේදී දරුවන්ගේ මළ සිරුරු සහිත 'සූට්-කේස' හමු වී ඇත.
ඒ අනුව, ඝාතන පිලිබඳ විමර්ශන ආරම්භ කළ එරට පොලිසිය, 2018 වසරේ යළි දකුණු කොරියාව බලා ගොස් සිටි දෙදරු මව, ආපසු ගෙන්වා ගැනීමට පියවර ගත්තේය.
නවසීලන්ත අධිකරණයේ පෙනී සිටීමට 2022 වසරේ ඇයව දකුණු කොරියාවෙන් පිටුවහල් කෙරිණි.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
9/23/2025
New Zealand woman convicted of murdering her two children and hiding bodies in suitcases