කුරුළු උණ ව්‍යාප්තවීමේ අවදානම හේතුවෙන් ස්පාඤ්ඤයේ සියලු කුකුළු ගොවිපළ වහා වසා දමන ලෙස එරට කෘෂිකර්ම අමාත්‍යංශය අද (13) නියෝග කළේය.
කුරුළු උණ රෝගය හේතුවෙන් එරට ඇතැම් ප්‍රදේශවල කුකුළු ගොවිපොළ සංවෘත්තව පවත්වා ගන්නා ලෙස ඉකුත් සතියේ නිවේදනය කෙරිණි.
මේ වන විට, යුරෝපය පුරා සීග්‍රයෙන් කුරුළු උණ රෝගය ව්‍යාප්ත වෙමින් පවතී. ජුලි මස සිට, ඒ සම්බන්ධ සිද්ධීන් 139ක් වාර්තා වී තිබේ. ඉන් 14ක් ස්පාඤ්ඤයෙනි. ඉකුත් සතියේ සිට එරට කුරුළු උණ රෝගය උත්සන්න වෙමින් තිබේ.
නව නියෝග, කාබනික සහ කුඩා පරිමාණ ගොවිපළ ඇතුළු සියලු කුකුළු ගොවිපළ වෙත අදාළ වේ. සංචාරක පක්ෂීන්ගෙන් ගොවිපළ සතුන් ආරක්ෂා කර ගැනීම එහි එක් ප්‍රධාන අරමුණකි. තාරාවුන් හා පාත්තයින් අනෙකුත් ගොවිපල පක්ෂීන් හා මුසු ව තබා ගැනීම, පිරිපහදු නොකළ ජල සංචිත භාවිතය සහ කුරුළු පොළ හා ප්‍රදර්ශන ද තහනම් කර තිබේ.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
11/13/2025
Spain orders to lock down all poultry due to risk of bird flu

