ඕස්ට්‍රේලියාවේ නව අගමැති : ස්කොට් මොරිසන්

ඕස්ට්‍රේලියාවේ නව අගමැති : ස්කොට් මොරිසන්

ඕස්ට්‍රේලියාවේ නව අගමැතිවරයා ලෙස ස්කොට් මොරිසන් ඊයේ (24) දිවුරුම් දී තිබේ.
 
විදෙස් මාධ්‍ය සඳහන්කර ඇති ආකාරයට ඕස්ට්‍රේලියාවේ අග්‍රාමාත්‍ය ධූරය සහ පක්ෂ නායකත්වය හෙබවූ මැල්කම් ටර්න්බුල් වෙත පක්ෂ අභ්‍යන්තරයෙන් එල්ල වූ චෝදනා හේතුවෙන් පක්ෂ මන්ත්‍රීවරු මැදිහත් වී  ඉවත් කළ අතර නව නායකත්වයට පත්ව ඇත්තේ ස්කොට් මොරිසන්ය.
 
පසුගිය දා පක්ෂ නව නායකත්වය සඳහා පැවැත්වූ ඡන්ද විමසීමේදී ස්දේශ කටයුතු අමාත්‍යවරයාව සිටි පීටර් ඩටන් පරදා ස්කොට් මොරිසන් ඡන්ද 40-45ක් ලෙස ජය හිමිකර ගෙන තිබේ.
 
ඉදිරියේ මැතිවරණ පැවැත්වීමට නියමිත වාතාවරණයක් තුළ රජයේ අපේක්ෂිත ඡන්දවල ඇති අඩුව සහ මෑතක පැවැත්වූ අතුරු මැතිවරණවලින් ලද පරාජයන් හේතුවෙන් පක්ෂ නායකත්වය අලුත් විය යුතු බවට මන්ත්‍රීවරු කියා සිටි අතර දශකයක් තුළ පක්ෂ මන්ත්‍රීවරු මැදිහත් වී ඉවත්කළ සිව්වැනි අග්‍රාමාත්‍යවරයා බවට පත්කරමින් ටර්න්බුල් පක්ෂ නායකත්වයෙන් ඉවත් කරනු ලැබීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න