දෙරට අතර ගැටුම් තීව්‍ර කරමින් ඉරාන විදේශ අමාත්‍ය මොහොමඩ් ජාවඩ් ෂරීෆ්ට එරෙහිව අමෙරිකාව සම්බාධක පනවා තිබේ.
ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනිගේ නොසැළකිලිමත් න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම හේතුවෙන් ඔහුට එරෙහිව මෙම සම්බාධක පැන වූ බව අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
තමාට එරෙහිව සම්බාධක පනවා ඇත්තේ තම ක්‍රියාපටිපාටියෙන් තර්ජනයක් විය හැකි බවට අමෙරිකාව තුළ මතුව ඇති භීතිය හේතුවෙන් බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඉරාන විදේශ අමාත්‍යවරයා සඳහන් කළේ ය.
ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් පසුගිය වසරේ අමෙරිකාව ඉවත් වීමත් සමග දෙරට අතර ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය විණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
