Language Switcher

V2025

බින් ලාඩන්ගේ පුත් හම්සා ගුවන් ප්‍රහාරයකින් මරුට?

අල්-කයිඩා හිටපු නායක ඔසාමා බින් ලාඩන්ගේ පුත්‍රයා ලෙස සැලකෙන හම්සා බින් ලාඩන් එක්සත් ජනපද ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව බුද්ධි තොරතුරු මත අනාවරණය වෙයි.

කෙසේ වෙතත්, මෙම ප්‍රහාරය කවදා, කොතැන සිදුවූවා දැයි පැහැදිලි නැති අතර, පෙන්ටගනයද මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදුනොකළ බව විදෙස් වාර්තා පවසයි.

හම්සා වයස අවුරුදු 30ක් පමණ වන්නට ඇතැයි විශ්වාස කරන අතර, ඔහු වරින් වර එක්සත් ජනපදයට සහ අනෙකුත් රටවලට පහරදෙන ලෙස ඉල්ලමින් විඩියෝ සහ හඬපට නිකුත් කර තිබුණි.

මේ අතර, පසුගිය පෙබරවාරි මාසයේදී එක්සත් ජනපදය විසින් ඔහු පිළිබඳ ඔත්තුවක් සඳහා ඇ.ඩො.මිලියනයක ත්‍යාගයක් ලබාදෙන බව නිවේදනය කළේය.

කෙසේ වෙතත්, ඔහු ජීවිතක්ෂයට පත්ව ඇතැයි යන පුවත ඇමෙරිකාවේ එන්.බී.සී. පුවත් සේවය, නිව්යෝක් ටයිම්ස්, සී.එන්.එන්. ආදී මාධ්‍ය ආයතන වාර්තා කර තිබුණේ නම සමඳහන් නොකළ බුද්ධි නිලධාරීන්ගේ තොරතුරු මත පිහිටමිනි.

කෙසේ වෙතත්, ඔහුගේ මරණය සම්බන්ධයෙන් හෝ මෙම පුවත සම්බන්දයෙන් අල්-කයිඩා සංවිධානයෙන්ද මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදු නොකෙරුණු බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.

අද