දකුණු කොරියාවට එරෙහිව උතුරු කොරියාවෙන් මිසයිල

දකුණු කොරියාවට එරෙහිව උතුරු කොරියාවෙන් මිසයිල

ඇමෙරිකාව හා දකුණු කොරියාව එක්ව දකුණු කොරියාවේදී පවත්වනු ලැබූ යුද අභ්‍යාසවලට එරෙහිව උතුරු කොරියාව විසින් මිසයිල දෙකක් අත්හදා බලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මීට පෙරද මෙවන් මිසයිල් අත්හදා බැලීමක් උතුරු කොරියාව විසින් සිදු කළ අතර මෙවර එම අත්හදා බැලීම පිළිබද මේ වන විටත් උතුරු කොරියාව විසින් කිසිදු ප‍්‍රකාශයක් නිකුත් කොට නොමැත.

එහෙත් දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කර තිබුණේ උතුරු කොරියාව විසින් බැලැස්ටික් මිසයිල දෙකක් අත්හදා බලා ඇති බවත් මෙම මිසයිල මීට පෙර මිසයිල වලට වඩා වෙනස් බවත්ය.

එම මිසයිල හොඩෝ අර්ධද්වීපයේ සිට දියත් කර ඇති අතර දකුණු ජපාන මුහුදට පතිත වූ බව දකුණු කොරියානු හමුදා වාර්තා සදහන් කරයි.

දියත්කළ ස්ථානයේ සිට කිලෝ මීටර් 250ක් දක්වා දුරින් පතිත වූ මිසයිල දෙක කිලෝමීටර් 30ක උපරිම උසක් අත්පත්කරගත් බවද එම වාර්තා සදහන් කර සිටියි.

කෙසේ වුවද ජපානය සදහන් කරන්නේ තමන්ගේ දේශ සීමාව තුළට කිසිදු මිසයිලක් ඇතුලු නොවූ බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න