ලෙකිමා සුළි කුණාටුව ජීවිත 18ක් බිලිගනී

ලෙකිමා සුළි කුණාටුව ජීවිත 18ක් බිලිගනී

අධික සුළං සමඟින් චීනය වෙත ඇතුලු වූ ලෙකිමා සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයින් 18 දෙනෙක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ හේතුවෙන් ගුවන්ගමන් වාර රැසක් අවලංගු කිරීමට බලධාරීන් කටයුතු කර ඇති බවද වාර්තා වෙයි.

ලෙකිමා සුළි කුණාටුව චීනයේ නැගෙනහිර ජීජෑන්ග් ප්‍රාන්තයෙන් ගොඩබිමට ඇතුලු වී ඇති අතර, පැයට කිලෝමීටර් 187ක වේගයෙන් හමා ආ කුණාටුව ෂැන්හන් නුවර වෙත ඇදී එමින් පවතින බව විදෙස් වාර්තා සදහන් කරයි.

මේ අතර අවදානම් කලාපවල වාසය කළ ලක්ෂයකට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකිරීමට බලධාරීන් කටයුතු යොදා ඇති බවත්, පවතින අයමපත්ත කාලගුණ තත්ත්වය සලකා ප්‍රාන්තයේ සියලු ගුවන්තොටුපොළ වසා දමා ඇති බවත් එම වාර්තාවල සදහන් වේ.

 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න