එල්සාගේ පැමිණීමෙන් 05ක් මරුට

එල්සාගේ පැමිණීමෙන් 05ක් මරුට

ස්පාඤ්ඤය හා පෘතුගාලය හරහා හමාගිය එල්සා සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයන් පස්දෙනකු මරුමුවට පත්වී ඇතැයි වාර්තා වේ.

කුණාටුවෙන් ඇතිවූ තද වැසි මගින් ගංවතුර තත්ත්වයක් ද හටගෙන තිබෙන බව බලධාරීහු පවසති.

ගස් හා විදුලි කණු කඩා වැටී ඇති අතර ප්‍රදේශයේ ගොඩනැගිලි බොහොමයකට හානි සිදුවී ඇති බව සඳහන් වේ.

කාලගුණ අංශ පවසන්නේ එල්සා කුණාටුවට පසු ෆේබියන් නම් තවත් කුණාටුවක් ප්‍රදේශය හරහා හමා යනු ඇති බවයි.

එමගින් කාළගුණ තත්ත්වය තවත් නරක අතට හැරෙනු ඇති බවට ඔවුහු අනතුරු අඟවති.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න