ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් මහතා ධුරයෙන් ඉවත් කිරීම සඳහා ගෙන ආ දෝෂාභියෝගය ඇමෙරිකානු නියෝජිත මන්ත්‍රි මණ්ඩලයේදී සම්මත වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බලය අයුතු ලෙස යොදා ගැනීම සහ යුක්රේනය සමඟ සබඳතාවලදී කොංග‍්‍රස් මණ්ඩලයට පටහැනිව කි‍්‍රයා කිරීම යන කරුණු ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගයේදී නගා ඇති චෝදනා වේ.
දෝෂාභියෝගයට පක්ෂව ඡන්ද 230 ක් ලැබී ඇති අතර විපක්ෂව 197 ක් ලැබී තිබේ.
ඇමෙරිකාවේ දෝෂාභියෝගයකට ලක්වු ජනාධිපතිවරුන් අතරින් ඩොනල්ඩ් ට්‍රම්ප් තුන්වැනි ජනාධිපතිවරයා වේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
