පුරවැසිභාවය පනතට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව

පුරවැසිභාවය පනතට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව

පසුගිය සතිය පුරාවට ආන්දෝලනයකට තුඩුදුන් පුරවැසිභාවය පිළිබඳ පනත ක්‍රියාත්මක කිරීම අත්හිටුවන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

මේ තුළින් අසල්වැසි රටවල මුස්ලිම් නොවන පුද්ගලයින්ට ඉන්දියානු පුරවැසිභාවය ලබා ගැනීමට ඉඩ සැලසෙනු ඇත.

මෙම නීතිය අභියෝගයට ලක් කරන පෙත්සම් 2020 ජනවාරි 22 වැනිදා සලකා බලන බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේය.

එමෙන්ම මෙය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක නොවන බවත්, ඊට අදාළ මග පෙන්වීම් ලැබී නොමැති බවත් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේ ය.

අලුතින් සම්මත වූ මෙම නීතියට එරෙහි උද්ඝෝෂණ ඇසෑම් ඇතුළු ප්‍රාන්ත ගණනාවක ක්‍රියාත්මක වූ අතර, මේ වනවිට ඒවා තවදුරටත් ව්‍යාප්තව ඇතැයි ඉන්දීය වාර්තාවල සඳහන් ය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න