පර්වේස් මුෂාරෆ් මරණ දඬුවම නියම වෙයි

පර්වේස් මුෂාරෆ් මරණ දඬුවම නියම වෙයි

පකිස්ථාන හිටපු ජනාධිපති පර්වේස් මුෂාරෆ් (76)ට මරණ දඬුවම නියම කර ඇතැයි වාර්තා වේ.

ඉස්ලාමාබාද් විශේෂ අධිකරණයක් විසින් සිදු කරනු ලැබූ නඩු විභාගයකින් අනතුරුව විනිසුරුවන් තිදෙනෙකුගෙන් යුත් විනිසුරු මඩුල්ල හිටපු ජනාධිපතිවරයා සිදු කළ රාජ්‍ය ද්‍රෝහීක්‍රියාවන්ට වරදකරු කරමින් මෙම දඬුවම නියම කර ඇත.

ජෙනරාල් පර්වේස් මුෂාරෆ්ට හමුදා කුමන්ත්‍රණයක් මගින් 1999 වසරේදී පාකිස්ථානයේ රාජ්‍ය බලය අල්ලා ගත් අතර 2001 වසරේ සිට 2008 දක්වා ජනාධිපති ධුරයේ කටයුතු කළේ ය.

2007 වසරේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අත්හිටුවීම, ධුර කාලය දීර්ඝ කර ගැනීම සඳහා හදිසි නීතියක් පැනවීම ආදී චෝදනා හිටපු ජනාධිපතිවරයාට එරෙහිව එල්ල වී තිබිණ.

මුෂාරෆ් මහතා, 2016 මාර්තු මාසයේ සිට පාකිස්ථානයෙන් බැහැරව ඩුබායිහි වාසය කරන අතර, වෛද්‍ය ප්‍රතිකාර සඳහා එහි රැඳී සිටි බව පැවසේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න