පුරවැසි පනතට එරෙහිව ඉන්දියාව පුරා විරෝධතා

පුරවැසි පනතට එරෙහිව ඉන්දියාව පුරා විරෝධතා

අනවසර සංක්‍රමණිකයන් සම්බන්ධ නව නීතියට එරෙහිව ඉන්දියාවේ දිල්ලි අගනුවර මෙන්ම මුම්බායි, හයිද්‍රාබාද් සහ කොල්කටා යන නගරවල ද පස් වෙනි දිනයේත් ප්‍රචණ්ඩ ක්‍රියා හා දැවැන්ත විරෝධතා දියත්වෙමින් පවතී.

ඊයේ ( 15) උද්ඝෝෂකයින් බස් රථවලට ගිනි තබමින් මාර්ග අවහිර කළ අවස්ථාවේ ඔවුන් පලවා හැරීම පිණිස කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ පොලිසිය උද්ඝෝෂකයින් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.

කලාපයේ මුස්ලිම් බහුතරයක් ඇති ප්‍රධාන රටවල් තුන වන පාකිස්තානය, බංග්ලාදේශ් හා ඇෆ්ඝනිස්තානයේ සිට පැමිණි මුස්ලිම් නොවන සංක්‍රමණිකයන්ට ඉන්දියාවේ පුරවැසිභාවය ලබාගැනීමට නව පනත මගින් අවස්ථාව සැලසේ.

පුරවැසිභාවය පිළිබඳව පනතට ඉන්දියාව තුළ එල්ල වන ජන විරෝධය හමුවේ තව ත් පියවරක් පසුපසට තැබීමට ඉන්දීය රජය සූදානම් වෙයි.

පුරවැසිභාවය පිළිබඳව සංශෝධිත පනත පසුගිය දා එරට පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනුණේ එල්ල වෙමින් පවතින ජන විරෝධය ද නොතකමිනි.

කෙසේවෙතත් අදාළ පනතේ නව වෙනස්කම් කිහිපයක් කළ හැකි බව ඉන්දීය අභ්‍යන්තර කටයුතු අමාත්‍ය අමිත් ශා අද ප්‍රකාශ කළේ ය.

ඒ, අදාළ පනතට එරෙහිව ඇසෑම් ඇතුළු ඊසානදිග ඉන්දීය ප්‍රාන්ත රැසක තවදුරටත් විරෝධතා වර්ධනය වෙමින් පවතින පසුබිමකයි.

ඇසෑම් ප්‍රාන්තයේ වර්ධනය වන විරෝධතා හේතුවෙන් මිය ගිය ගණන මේ වනවිට 03 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඇසෑම් සහ බටහිර බෙංගාල ප්‍රාන්තවල දුම්රිය ගමනාගමනයට ද බාධා මතුව තිබේ.

විරෝධතා හේතුවෙන් ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය සර්බනන්දා සෝනෝවාල්ට සිය කාර්යාලයෙන් පිටතට පැමිණීමට නොහැකිව සිරවී සිටි බව ඉන්දීය වාර්තාවන්ගේ සඳහන් ය.

ජන විරෝධය නොතකමින් පනත සම්මත කර ගැනීමත් සමග අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නායකත්වය දරන භාරතීය ජනතා පක්ෂය සමග සිටි කිහිපදෙනෙකුම මේ වනවිට ඉන් ඉවත් වෙමින් සිටි.

ඇසෑම් ප්‍රාන්තයේ ජනප්‍රිය නළුවකු වූ රවී ශර්මා, භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයකු වූ ජගදීෂ් භූයන් යන අය ඒ අතර විශේෂයි.

පනතට සිය සහයෝගය දැක් වූ ඇසෑම් ගානා පරිශාද් පක්ෂය ද මේ වනවිට පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කිරීමට සූදානම් වන බව ඉන්දිය මාධ්‍ය වාර්තාවන්ගේ සඳහන් විය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න