බ්‍රිතාන්‍ය මැතිවරණයෙන් කොන්සවෙටිව් පක්ෂය ජය

බ්‍රිතාන්‍ය මැතිවරණයෙන් කොන්සවෙටිව් පක්ෂය ජය

බ්‍රිතාන්‍ය මහ මැතිවරණයෙන් කොන්සවෙටිව් පක්ෂය සමස්ත බහුතර ජයග්‍රහණයක් හිමි කරගෙන තිබේ.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ආසන 650ක් වෙනුවෙන් මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීම සඳහා බ්‍රහස්පතින්දා මහ මැතිවරණය පැවැත්විණි.

මහ මැතිවරණයෙන් සමස්ත බහුතරය දිනා ගත හැක්කේ, ආසන 326ක් ජය ගන්නා පාර්ශවයටය.

මේ වන විට ආසන 649ක ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශයට පත් කර ඇති අතර ඉන් ආසන 364ක් කොන්සවේටිව් පක්ෂයට හිමි වී තිබේ.

මෙම ප්‍රතිඵලය තුළින් බ්‍රිතාන්‍යය ලබන මාසයේදී යුරෝපා සංගමයෙන් ඉවත් කර ගැනීම සඳහා තමන්ට ජන වරමක් හිමි වන බව අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවසයි.

මීට පෙර 2015 සහ 2017 වසරවලදී ද එක්සත් රාජධානියේ මහ මැතිවරණය පැවැත්විණි.

 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න