38දෙනෙකු සමඟ චිලී ගුවන් හමුදා යානයක් අතුරුදන්

38දෙනෙකු සමඟ චිලී ගුවන් හමුදා යානයක් අතුරුදන්

ඇන්ටාක්ටිකාව බලා පියාසර කරමින් තිබූ චිලී ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් අතුරුදන්වී ඇති බව චිලී ගුවන් හමුදාව නිවේදනය කරයි.

සී-130 හර්කියුලස් වර්ගයේ ප්‍රවාහන ගුවන් යානයක් වන මෙය චිලි රටේ පුන්ටා අරිනාස් වෙතින් ගුවන් ගතවී තිබේ.

මෙම ගුවන් යානය තුළ පුද්ගලයින් 38 දෙනෙකු සිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සදහන් වේ. අතුරුදහන් වූවන් අතර කාර්ය මණ්ඩලය 17 ක් සහ මගීන් 21 ක් ඇතුළත් වේ.

යානය ඇන්ටාක්ටිකාවේ කිං ජෝර්ජ් දිවයිනේ පිහිටි කඳවුරක් වෙත පියාසර කරමින් තිබී ඇත.

යානය අතුරුදන්වීම ගැන තමා කනගාටුවට පත්ව ඇති බවත් අගනුවර වන සන්තියාගෝ සිට තත්ත්වය නිරීක්ෂණය කරමින් සිටින බවත් චිලී ජනාධිපති සෙබස්තියන් පිනේරා මහතා පවසයි.

අතුරුදන් වූ යානය සහ එහි සිටි පුද්ගලයන් සොයා ගැනීම සඳහා සෝදිසි සහ මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න