ඉන්දියාවේ පුරවැසි පතනට එරෙහි විරෝධතා තවදුරටත්

ඉන්දියාවේ පුරවැසි පතනට එරෙහි විරෝධතා තවදුරටත්

ඉන්දියාවේ පුරවැසි පනතට එරෙහිව විරෝධතාවල නිරත පුද්ගලයින් 1500 කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

දින 10 තුළ තව ත් පුද්ගලයන් 4000 ක් අත්අඩංගුවට ගෙන පසුව මුදා හැර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රචණ්ඩකාරීව විරෝධතාවල නිරතවීම හේතුවෙන් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවත්, විරෝධතා අතරතුර මියගිය පුද්ගලයින් සංඛ්‍යාව ද 19 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් වාර්තාවල සදහන් වේ්‍

ඉන් 15 දෙනෙකු මියගොස් ඇත්තේ ඉකුත් දින දෙක තුළයි.

නව පනතෙන් මුස්ලිම් සංක්‍රමණිකයින්ට අසාධාරණයක් සිදුවන බව විරෝධතාකරුවන් පෙන්වා දෙති.

විරෝධතා උත්සන්නවීම හමුවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ රාම්පූර් ප්‍රදේශයේ අන්තර්ජාල සහ දුරකතන සබඳතා අවහිර කර ඇත.

කාන්පූර්හිදී විරෝධතාකරුවන් පොලිස් ස්ථානයකට ගිනිතබා ඇති අතර රාම්පූර් පොලීසියට ගල් ප්‍රහාර එල්ල කර තිබේ.

අනතුරුව විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇත.

අද පැවැත්වෙන විරෝධතා සඳහා කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි ද සහභාගීවීමට නියමිතයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න