කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිර යාම හමුවේ ඉතාලියේ සියලුම පාසල් වසා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කොරෝනා වෛරසයේ දැඩි බලපෑම් එල්ලවන ඉතාලියේ සියලු පාසල් අද සිට දින 10 ක කාලයක් වසා දැමීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉතාලියේ සියලුම වෘත්තීමය තරගාවලි ද මාසයක් කල් දමා ඇති බව වාර්තා වේ.
කොරෝනා වෛරසයෙන් ඉතාලියේ පුද්ගලයින් 107 දෙනෙකු මේ වනවිට මියගොස් ඇති අතර, යුරෝපයේ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ ඉතාලියෙනි.
ඉතාලියේ පළාත් 20 කින් කොරෝනා අසාධිතයින් 3000 කට අධික පිරිසක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
