අලුත් ආණ්ඩුවේ ඇමතිකමට කොළඹ කොටස් තැරැව්කාරයන්ගේ සංගමයේ පැසසුමට !

අලුත් ආණ්ඩුවේ ඇමතිකමට කොළඹ කොටස් තැරැව්කාරයන්ගේ සංගමයේ පැසසුමට !

අක්‍රීයව පැවති දේශීය ආර්ථික කාර්යයන් නව අමාත්‍ය මණ්ඩලය පත්කිරීම තුලින් සක්‍රීය කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් කොළඹ කොටස් තැරැව්කරුවන්ගේ සංගමය (CSBA) ආග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ නව රජයටත්, අභිනව මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රජ්‍ය ව්‍යාවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ගරු අජිත් නිවාඞ් කබ්රාල් මහතා වෙතත් සිය උණුසුම් සුබපැතුම් පුදකර සිටී.

ශ්‍රී ලාංකීය ඉතිහාසය තුළ සුවිශේෂී කඩඉමක් සනිටුහන් කරමින් වෙළෙඳපොළ කාර්යයන් ඉලක්ක කර ගනිමින් ඒ සඳහාම වූ අමාත්‍යවරයකු පළමුවරට පත්කිරීම සම්බන්ධයෙන් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා වෙත විශේෂ ස්තුතියක් එම සංගමය විසින් ප්‍රදානය කරන අතර, මෙහිදී මූල්‍ය සහ රාජ්‍ය ව්‍යවසාය මෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, ආර්ථික කටයුතු පිළිබඳ අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක වැනි ක්‍ෂේත්‍රයන් රැසක බහුල අත්දැකීම් ඇති අජිත් නිවාඞ් කබ්රාල් මහතා වැනි අයෙකු රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් පත්කිරීම පැසසුම් ලැබියයුතු කාර්යයකි. කොළඹ තැරැව්කරුවන්ගේ සංගමය පසුගිය වසර කිහිපය තුල සුවිසල් අභියෝග රැසකට මුහුණ දුන් අතර, සංගමයක් ලෙස දේශීය ආර්ථිකයේ වර්ධනය සඳහා සිය දායකත්වය ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක විය.

අභිනවයෙන් පත්වූ මෙම නව රජය සමඟ සංගමයක් ලෙස සමීපව කටයුතු කිරීමට යොමුවන්නේ එමගින් විදේශීය ආයෝජක ඉල්ලීම් වර්ධනය කිරීම හා සමගාමීව ශ්‍රී ලාංකීය ජනතාවගේ නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමේ මූලික අරමුණ පෙරදැරි කර ගනිමිනි. මෙහිදී CSBA හි සභාපති කෝසල ගමගේ මහතා අදහස් දක්වමින් “පොදුවේ රටක් විදිහට පසුගිය වසර කීපය මුළුල්ලේ අපට අති විශාල අභියෝග රැසකට මුහුණ දීමට සිදුවිය.

නමුත් එම තත්ත්වය වෙනස් වෙමින් පත්වූ මෙම නව අමාත්‍ය මණ්ඩලය යටතේ අපට අපේක්‍ෂා සහගත අනාගතයක පෙරනිමිති පහළ වී ඇත. විශේෂයෙන් සංගමයක් විදිහට අපි මෙම ක්‍ෂේත්‍රයේ වර්ධනය අපේක්‍ෂා කරමින් ගරු රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඞ් කබ්රාල් මහතා සමඟ සමීපව කටයුතු කිරීමටත්, එතුමන්ගේ සංවර්ධන කාර්යයන් වෙනුවෙන් සංගමයක් ලෙස අප සහාය දැක්විමටත් අපේක්‍ෂා කරනු ලබන අතර, එමඟින් නැවත වරක් ශ්‍රී ලංකාව සමෘද්ධිමත් ජාතියක් බවට පත්කිරීමේ දී සුවිශේෂී කාර්යභාරයක් ඉටු කිරීමට අප බලාපොරොත්තු වෙමු.

”ශ්‍රී ලංකාවේ සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව මගින් බලපත්‍ර ලබා දී නියාමනය කරනු ලබන කොටස් තැරැව්කාර සමාගම් නියෝජනය කරනු ලබන ප්‍රමුඛතම සංගමය වන කොළඹ කොටස් තැරැව්කරුවන්ගේ සංගමය, 1995 වසරේදී පිහිටුවා ගනු ලැබූවකි. ශ්‍රී ලාංකිය ආර්ථිකයේ වර්ධනය අපේක්‍ෂාවෙන් සක්‍රීය කාර්යයක නිරතවෙමින් වර්තමානය වන විට සමාගම් 18 ක් මෙම සංගමයේ සාමාජිකත්වය ලබා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න