වර්තමාන රජය පච ආකරයක් බවත් ටොම් පච කියා රටේ ජනතාව අන්දවා අද වන විට ජනතාව ලබා දුන් කතිරයෙන් රජ වී ඇත්තේ ජනතාව නොව බොරුව සහ අසත්ය බවත් මේ අවස්ථාවේ බොරුකාර පචකාර දේශපාලනයෙන් ඉවත්වී රජය ජනතාව සමඟ ඇති කර ගත් සමාජ ගිවිසුම ක්රියාත්මක කරවන ලෙස ඉල්ලා සිටින්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්රේමදාස පැවසීය.
විසිඑක්වන සියවසේ සන්නිවේදන තාක්ෂණයේ දියුණුවත් සමග මිනිස් චින්තනය ශීඝ්රයෙන් වෙනස් වෙමින් පවතී. එවැනි යුගයක, හුදෙක් විශ්වවිද්යාල කාමරවලට පමණක් සීමා වී තිබූ දර්ශනවාදය (Philosophy) නූතන සමාජයේ සැබෑ ප්රශ්න සමග බද්ධ කරමින් ලෝකයේ අවධානය දිනාගත් තරුණ දාර්ශනිකයකු ලෙස ඔලූෆෙමි ඕ. තායිවෝ හැඳින්විය හැකි ය.
දැනට ඇමරිකාවේ ජෝර්ජ්ටවුන් විශ්වවිද්යාලයේ (Georgetown University) දර්ශනවාදය පිළිබඳ මහාචාර්යවරයකු ලෙස කටයුතු කරන තායිවෝ: නූතන දේශපාලන ක්රමය, සමාජ සාධාරණත්වය සහ දේශගුණික විපර්යාස දෙස නව මානයකින් බැලීමට ලෝකයාට බල කරමින් සිටී.
මේ මොහොත වන විට රටක් ලෙස අපි: රටේ ආර්ථික සහ දේශපාලනික ස්වෛරීත්වය අහිමි කරගෙන වහල් රටක් ලෙස ක්රියා කරමින් ඇතැයි ශ්රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්රධාන ලේකම් වෛද්ය ජී. වීරසිංහ පැවසී ය.
සමාජ මාධ්ය භාවිතය තුළදී කුඩා දරුවකු, අසරණ වූවකු හෝ කාන්තාවක ඉලක්ක කරගනිමින් සිදුවන ඇතැම් ප්රකාශ දෙස බලන විට සංස්කෘතික මිනිසකු ගේ අවශ්යතාව මැනවින් පැහැදිලි වන බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.
පසුගිය මාසය කිහිපයක කාලය තුළ ශ්රී ලංකාව තුළ පරිගණක හා සන්නිවේදන ක්ෂේත්ර, ගෙවීම් පද්ධති සම්බන්ධ අපරාධ සීඝ්ර ලෙස වර්ධනය වීමක් නිරීක්ෂණය විය. මෙහි ප්රතිඵලයක් ලෙස මහා භාණ්ඩාගාරයට ඩොලර් මිලියන 2.5ක් අහිමිවීම, රජයේ තැපැල් දෙපාර්තමේන්තුවට ඩොලර් මිලියන 6 අහිමිවීම, රජයේ බැංකුවකට සහ සේවක අර්ථසාධක අරමුදලට කොටස් හිමි වාණිජ බැංකුවක රුපියල් බිලියන 13 ක් අහිමිවීම, තවත් වාණිජ බැංකුවක වෙබ් අඩවියට සමාන වෙබ් අඩවියක් යොදාගෙන ගනුදෙනුකරුවන්ට වංචා සිදු කිරීම,පසුගිය කාලසීමාව තුළ වඩාත් අවධානය යොමු වූ සිදුවීම් විය.
වර්තමාන රජය බලයට පත්වීමෙන් පසුව ශ්රී ලංකා වරාය අධිකාරියේ කළමනාකාර අධ්යක්ෂ ධුරයෙන් ඉවත් කළ ප්රභාත් මලවිගේ මහතා පෙත්සම් විභාගය අවසන් වන තෙක් එම අධිකාරියේ අතිරේක කළමණාකරණ අධ්යක්ෂ (මෙහෙයුම්) තනතුරේ පිහිටුවා තිබෙන බව නීතිපතිවරයා විසින් අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ.
ශ්රී ලංකා වරාය අධිකාරියේ විධායක නිලධාරීන්ගේ සංගමය එහි සාමාජිකයන්ගේ දරුවන් ඇගයීම වෙනුවෙන්, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්ය අනුර කරුණාතිලක මහතා ඇතුළු වරාය බලධාරීන්ගේ ප්රධානයෙන් පසුගියදා පැවැත්වූ ත්යාග හා සහතික පත් ප්රදානය කිරීමේ උත්සවයක් පිළිබඳව වරාය විශේෂ විමර්ශන ඒකකය විමර්ශනයක් ආරම්භ කර ඇති බව වරාය අධිකාරියේ නිලධාරීහු පවසති.
කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු ප්රමාදවීම සම්බන්ධයෙන් කෝප් කමිටුවේ අවධානය යොමු වී ඇත.
ඊයේ (26) සමගි ජන බලවේගය විසින් පවත්වන ලද මාධ්ය හමුවකදී වරුණ රාජපක්ෂ නැමැත්තා විසින් සිදු කොට ඇති බරපතළ සාවද්ය ප්රකාශයක් පිළිබඳව කරුණු ජනතා විමුක්ති පෙරමුණ නිවේදනයක් නිකුත් කර ඇත.
පෞද්ගලික රෝහල් සහ රසායනාගාර මගින් සිදුකරනු ලබන Full Blood Count (FBC) රුධිර පරීක්ෂා සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනවා ඇති පාලන මිල (උපරිම ගාස්තුව රු. 400/-) ඉක්මවා මුදල් අය කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත යටතේ නිකුත් කර ඇති විධාන අංක 67 උල්ලංඝනය කළ වවුනියාව, රෝහල් පාරේ පිහිටි “අබිෂා හොස්පිට්ල් (Abisha Hospital Pvt Ltd)” ආයතනයට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වවුනියාව දිස්ත්රික් විමර්ශන නිලධාරීන් වවුනියාව මහෙස්ත්රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ යෝෂිත රාප්පක්ෂට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව අද (17) කොළඹ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබුවා.
පළාත් සභා මැතිවරණය පැවැත්වීම වසර 11ක් පුරා පැහැර හැර ඇති බවට පාර්ලිමේන්තුවේදී අද (19) බරපතල චෝදනාවක් එල්ල විය.
හිටපු පොලිස්පති සී.ඩී. වික්රමරත්න ගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙස වසර 16කට අධික කාලයක් තමා රාජකාරි කළ බවත්, මෙම කාලය තුළ කිසිදු දිනයක තම පිස්තෝලය හිටපු පොලිස්පතිවරයා තමා ගෙන් ඉල්ලා නැති බවත්, එහෙත් මියගිය දිනයේ පමණක් පරීක්ෂා කිරීමට බව පවසා තම පිස්තෝලය සහ ඊට යොදන ජීව උණ්ඩ ඉල්ලා සිටි බවත්, හිටපු පොලිස්පති සී.ඩී. වික්රමරත්න ගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරිවරයා ලෙස රාජකාරි කළ ප්රභූ ආරක්ෂක අංශයේ පොලිස් සැරයන් ඊ.එම්. ප්රසන්න අධිකරණය හමුවේ කියා සිටියේ ය.
ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා යටතේ දැඩි ඒකාධිපති පාලනයක් ගොඩනැගෙමින් තිබූ පසුබිමක 1983 කළු ජූලිය නිර්මාණය කර, අහිංසක දෙමළ පුරවැසියන් දහස් ගණනක් මරා දමා දේපොළ කොල්ලකා ගිනිබත් කර, වසර 43ක් සම්පූර්ණ වී තිබේ.
තම රජය පොරොන්දු වූ ආකාරයට ම වසර 03ක් ඇතුළත විදුලිබිල 30%කින් අඩුකිරීමට කටයුතු කරන්නේ යැයි බලශක්ති අමාත්ය කුමාර ජයකොඩි පැවසී ය.
2017 වසරේ අප්රේල් 14වන දින මීතොටපුල්ලෙහි කුණ කන්ද නාය ගොස් ගමේ මිනිස්සු තිස් දෙකක් කුණුකන්දට යට වී මිය ගිය බවත්, ගෙවල් 300ක් විනාශ වූ බවත්, දහම්පුර, පන්සල්හේන යනාදි ගම්, ගම්පිටින්ම නාය ගොස් ඒ ගම් සුසාන භූමි බවට පත්වූ ආකාරය ලංකාවේ ජනතාවට මතක දැයි අවිශ්වාස ය.
සමහරු වසාදමා තිබෙන නිවස්වලටත් වන්දි ඉල්ලන බවත් එයින් ගෙවීම් කටයුතු ප්රමාද වන බවත් එය රාජ්ය නිලධාරීන්ගේ වරදක් නොවන බවත් වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමැති වසන්ත සමරසිංහ පැවැසීය.
පවතින වටපිටාව එතරම් යහපත් නොවන බැවින් නොපමාව පෞද්ගලික මට්ටමින් හෝ ආරක්ෂාව සපයාගන්නයි විදෙස් තානාපති නිලධාරීන් කිහිපදෙනෙකුම හිටපු මහජන ආරක්ෂක අමාත්ය ටිරාන් අලස් වෙත දැනුම්දී ඇතැයි වාර්තාවේ.
වත්මන් රජය දිගින් දිගටම මහා සංඝරත්නය ප්රමුඛ ආගමික නායකයන්ට හිරිහැර කරන, අඩත්තේට්ටම් කරන, පීඩනයට ලක් කරන, රටාවක් වැඩපිළිවෙළක් ක්රියාත්මක කරන්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්රේමදාස පැවසී ය.
2014 වසරේ සංචාරක ප්රවර්ධන කාර්යාංශයේ මිලියන 7.8 ක මුදලක් භාවිතා කළ සිද්ධියට හිටපු සංචාරක ඇමැති බැසිල් රාජපක්ෂ යන අය වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන නියෝග කළේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර

