රෝහණ බණ්ඩාර මන්ත්රීවරයාට ලබා දිය යුතු ආරක්ෂාව තවදුරටත් ක්රියාත්මක නොවන බැවින් ඒ සම්බන්ධයෙන් රජය අවධානය යොමු කළ යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්රේමදාස පැවසී ය.
රුපියල් කෝටි 2500ක් පමණ වටිනා බවට සැලකෙන රන් ආලේපිත පෞරාණික හනුමන්තා පිළිමය දමා ඇති බව කියන ජාඇල ප්රදේශයේ ස්ථානය ලබන 03 වනදා පරීක්ෂා කිරීමට අවශ්ය සහාය දෙන ලෙස කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන පුරාවිද්යා දෙපාර්තමේන්තුවට සහ විශේෂ පොලිස් විශේෂ කාර්ය බළකායට අද (30) නියෝග කළේ ය.
ආණ්ඩුක්රම ව්යවස්ථාවෙන් පවා අධ්යාපනයට කුඩම්මා ගේ සැලකිල්ල දී ඇති බැවින් ව්යවස්ථා සංශෝධනයක් හරහා අධ්යාපනය මූලික අයිතිවාසිකමක් විය යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්රේමදාස පැවසී ය.
විගණකාධිපතිවරයා පත් කිරීමේදී ව්යවස්ථාදායක සභාව රාජ්ය යාන්ත්රණය කඩාකප්පල් කිරීම සඳහා පටු අරමුණු මත රැඳෙමින් තම සීමාව ඉක්මවා කටයුතු කර ඇතැයි කැබිනට් ප්රකාශක, අමාත්ය නලින්ද ජයතිස්ස පවසයි.
මහනුවර දිස්ත්රික්කයේ: ගම්පළ නගරය, සරසවිගම, දෙල්තොට, දොලුව ආදි ප්රදේශවල සුළි සුළඟින් සහ නාය යෑම්වලින් විපතට පත් ජනතාව පොලියට ණය ලබාදෙන පුද්ගලයින් ගෙන් මුදල් ලබාගැනීමටත් කටයුතු කර තිබෙන බවත්,
ව්යාජ පිස්තෝලයක් සමග අවිස්සාවේල්ල මහෙස්ත්රාත් අධිකරණයට ඇතුළුවීමට උත්සාහ කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නොවැම්බර් 4 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
පලෙයි රක්ෂිතයේ එල්.ටී.ටී ත්රස්ත සංවිධානයට අයත් කඳවුරක් ඇති බවට ව්යාජ පුවතක් ජනගත කිරීමේ සිද්ධියට අදාළව පොලිස් ත්රස්ත විමර්ශන කොට්ඨාය විසින් අත්අඩංගුවට ගන්නා ලද සංගීත් ජයසේකර නමැති පුද්ගලයා ලබන 16වන දා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන අද (3) නියෝග කළා.
ශ්රී ලංකාවේ ප්රමුඛතම ව්යාපාරික නායකයෙකු වන දේශමාන්ය හැරී ජයවර්ධන අභාවප්රාප්ත වී තිබේ.
කලක සිට රෝගාතුරව සිටි ඔහු මිය යන විට 82 වන වියේ පසු විය.
දොන් හැරල්ඩ් ස්ටැසන් ජයවර්ධන හෙවත් හැරී ජයවර්ධන මහතා 1942 අගෝස්තු 17 වැනි දින ජා-ඇළ ප්රදේශයේ දී උපත ලබා ඇත.
2008 වසරේදී ශ්රී ලංකාවේ පොහොසත්ම පුද්ගලයා ලෙස ලැයිස්තු අතරට එක්ව ඇති එතුමා මෙරට ඩෙන්මාර්කය සඳහා ගරු කොන්සල් ජනරාල්වරයෙකු ලෙසද කටයුතු කර ඇත.
ප්රසිද්ධ කර්මාන්තකරුවෙකු මෙන්නම ප්රබල ව්යාපරිකයෙකු වූ ජයවර්ධන මහතා මිය යන විට මෙල්ස්ටාකෝප් පීඑල්සී හි සභාපතිවරයා ලෙස මෙන්ම ඩිස්ටිලරීස්, ශ්රී ලංකා පීඑල්සී, ලංකා බෙල් සහ එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී යන සමාගම්වල ද සභාපතිත්වය දැරීය.
මෙරට නිදහස් සෞඛ්ය සේවාවේ මානව සම්පත ශක්තිමත් කරමින් ජනතාවට වඩාත් ගුණාත්මක සහ කාර්යක්ෂම සෞඛ්ය සේවාවක් ලබාදීමට සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශය සැලසුම් සහගත වැඩපිළිවෙළක් මේ වනවිට ක්රියාවට නංවා ඇත.
2025 වර්ෂයේ වාහන ආනයන බදු මගින් අපේක්ෂිත ආදායමට වඩා රුපියල් බිලියන 100කට වැඩි ආදායමක් උත්පාදනය වී ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනයක දැක්වෙයි.
වාහන ආනයන බදු මත රජය විසින් හෙට (15) දිනය දක්වා පනවා තිබූ 50%ක අධි භාරය ලබන දෙසැම්බර් දක්වා දීර්ඝ කර තිබේ.
කාන්තාවක් විසින් පැදවූ මෝටර් රථයක ගැටී වීථි සුනඛයෙකු මියයෑමේ සිදුවීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු දෙසැම්බර් මස 09 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හෝමාගම මහේස්ත්රාත් රජින්ද්රා ජයසූරිය ඊයේ (25) දින නියෝග කළාය.
2026 වසරේ මේ දක්වා වැටලීම් 119කින් අටපිරිකර විවෘත කර සිදු කළ පරීක්ෂාවලදීත් අක්රමිකතා අනාවරණය වූ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
මාලිමා ආණ්ඩුව තෝරා ගත්තේ ජනතාව වුව ද, මාලිමා කණ්ඩායමට කිසිවක් කළ නොහැකි බව මේ වන විට එම ජනතාව තේරුම් ගෙන ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසී ය.
වර්තමාන පුනරුද ආණ්ඩුව බලයට පත්වීමට පෙර ජනතාවට බොරු කියමින්, ඔවුන් තුළ දහසකුත් එකක් බලාපොරොත්තු මෝදු කරමින් ජනතාවට ලබා දුන් බොරු පොරොන්දු සියල්ල අද “බියකරු මායාකාරී සිහින” ලෙස බිඳවැටී ඇති බවත්, වැඩ බැරි “ජනාධිපති සහ ආණ්ඩුව” අද වන විට හොරකමින්, අල්ලසෙන්, දූෂණයෙන් සහ නාස්තියෙන් පිරි තම අසාර්ථක පාලන ක්රමය ගොඩ ගැනීමට විපක්ෂයේ සහාය යදිමින් සිටින බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ පැවසී ය.
වැඩබලන අගවිනිසුරු ලෙස ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු ඇන්තනි ලලිත් ශිරාන් ගුණරත්න ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම් දුන්නේය.
වත්මන් ආණ්ඩුව ශාපලත් වසර 76ක් පිළිබඳව පැවසුව ද මෙතෙක් කලකට වසරක් දෙකක් ඇතුළත මෙපමණ දුප්පතුන් ප්රමාණයක් බිහි කළ ආණ්ඩුවක් ඉතිහාසයේ ම නැතැයි ආචාර්ය දයාන් ජයතිලක පැවසී ය.
ලංකා ඉතිහාසයේ ජනාධිපතිවරණ අපේක්ෂකයකු විදිහට වැඩිම බොරු පොරොන්දු දී ජනතාව රැවටූ නායකයා වෙන කිසිවකු නොව වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක යැයි නව ජනතා පෙරමුණ පක්ෂ නායක සුගිෂ්වර බණ්ඩාර පැවසී ය.
ලබන මාසයේ සිට පොදු ප්රවාහන වියදම තව වැඩිවෙන බවත් එම මුදල පියවා ගැනීමට සිදුවන්නේ ද කෑම පිඟානෙන් යැයි පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ අධ්යාපන ලේකම් පුබුදු ජයගොඩ සඳහන් කරයි.
ක්ලීන් ශ්රී ලංකා කොච්චර ක්ලීන්ද යැයි පවසන්නේ නම් ඉතිහාසයේ වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා වී තිබෙන්නේ මේ වසරේ යැයි ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ පැවසී ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර

