ඉස්ලාමාබාද් හිදී සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයෙන් පසු ශ්රී ලංකා ක්රිකට් ක්රීඩකයන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා පාකිස්තාන හමුදාව සහ පැරාමිලිටරි හමුදා යොදවා ඇති බව පාකිස්තාන අභ්යන්තර කටයුතු අමාත්ය මෙන්ම එරට ක්රිකට් සභාපතිවරයාද වන මොහ්සින් නක්වි පවසයි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ සිනමා කලා හා විද්යා ඇකඩමිය (Academy of Motion Picture Arts and Sciences) විසින් පවත්වනු ලබන ලෝක ප්රකට ඇකඩමි (ඔස්කාර්) සම්මාන උළෙල සඳහා ශ්රී ලංකාවේ නිල නියෝජනය තීරණය කිරීම වෙනුවෙන් පත්කරන ලද 2027 ශ්රී ලංකා ජාතික ඔස්කාර් තේරීම් කමිටුවේ සාමාජිකයින්ගේ නාමලේඛනය නිල වශයෙන් ප්රකාශයට පත් කර ඇත.
රුපියල් මිලියන 12,000ක් වැය කරමින්, අතිනවීන පහසුකම්වලින් සමන්විත මහල් 16කින් යුත් දැවැන්ත හෘද ප්රතිකාර මධ්යස්ථානයක් ජාතික රෝහල් පරිශ්රය තුළ ස්ථාපිත කරන බවත්, එහි ඉදිකිරීම් මෙම වර්ෂයේ දී ආරම්භ කිරීමට නියමිත බවත්, වසර තුනක් තුළ එහි ඉදිකිරීම් අවසන් කිරීමට සැලසුම්කර ඇති බවත් සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස පැවසී ය.
ශ්රී ලංකා ජාතික රෝහලේ (NHSL) රුපියල් මිලියන 99ක් වැය කර පූර්ණ ප්රතිසංස්කරණයකින් පසු පිහිටුවන ලද "ස්නායු රෝග විද්යා ආයතනය" (Institute of Neurology) සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්රධානත්වයෙන් සහ සෞඛ්ය නියෝජ්ය අමාත්ය වෛද්ය හංසක විජේමුණි මහතාගේ සහභාගිත්වයෙන් අද (ජුනි 01) පෙරවරුවේ ජනතා අයිතියට පත් කළේ ය.
මෙරට සෞඛ්ය සේවා පද්ධතියේ රෝග විනිශ්චය සහ ප්රතිකාර සේවා කාර්යක්ෂම විධිමත් කිරීම උදෙසා සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස ගේ උපදෙස් සහ මග පෙන්වීම යටතේ නව වැඩපිළිවළක් මේ වන විට ක්රියාත්මකව පවති.
ශ්රී ලංකා ටෙස්ට් ක්රිකට් කණ්ඩායමේ නව නායකයා ලෙස කුසල් මෙන්ඩිස් නම් කිරීමට ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටුව අද (08) පස්වරුවේ තීරණය කළේය.
ශ්රී ලංකා දන්ත වෛද්ය සංගමයේ (SLDA) 93වන සභාපතිවරයා පත්කිරීම මෙන් ම හඳුන්වා දීම වෙනුවෙන් විශේෂ උත්සවයක් පසුගිය දා සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස ගේ ප්රධානත්වයෙන් කෝට්ටේ සෝලීස් හෝටලයේ දී පැවැත්විණි.
අදහස් දක්වමින් ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැලිය ''දූෂිත ආණ්ඩුවට එරෙහිව ජන බලයක්'' යන මෙයින් කොළඹ කැම්බල් පිටියේදී මැයි මස 01 වන දින පස්වරු 1.00 ආරම්භ වීමට නියමිත බවත්, එහි සංවිධාන කටයුතු යි මේ වන විටත් සූදානම් කරමින් ඇති බවත් ශ්රී ලංකා නිදහස් පක්ෂ සභාපති නීතිඥ නිමල් සිරිපාලද සිල්වා පැවසී ය.
පළාත් පාලන ආයතනවල මෙවර අයවැය ඡන්ද විමසීමේ දී ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මතයට විරුද්ධව යමින් ජාතික ජන බලවේගයට ඡන්දය ප්රකාශ කළ පළාත් පාල මන්ත්රීවරුන්ට එරෙහිව විනය ක්රියාමාර්ග ගැනීම අද සිදුකෙරිණ.
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ 76 වැනි සංවත්සරය පැවැත්වීමට සූදානම් වී සිටින බවත්, ශ්රී ලංකා නිදහස් පක්ෂයේ 76 වැනි සංවත්සරය යනු පක්ෂයේ සාමාජිකයන්ට පමණක් නොව, මේ රටේ සමස්ත ජනතාවට ම වැදගත් අවස්ථාවක් යැයි ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක පැවසී ය.
පාර්ලිමේන්තු වරප්රසාද අවභාවිත කරමින් මහජනතාව නොමග යැවීම සඳහා ශ්රී ලංකා නීතිඥ සංගමයේ (BASL) සභාපති නීතිඥ රජීව් අමරසූරියට එරෙහිව ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්රී අසිත නිරෝෂණ එගොඩවිතාන විසින් ඊයේ පාර්ලිමේන්තුවේ දී සිදුකරන ලද ප්රකාශය සම්පූර්ණයෙන්ම පදනම් විරහිත සහ ද්වේෂසහගත එකක් බවට විශ්වාස යැයි දිනන දකුණ සාමූහික සදහන් කරයි.
ශ්රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයා වහා ඉල්ලා අස්විය යුතු යයි පවසමින් කොළඹ අලුත් කඩේ නීතිඥ සංගම් මූලස්ථානය ඉදිරිපිට කිහිපදෙනෙකු පැවැත්වූ විරෝධතාව දැඩි පිළිකුලින් යුතුව හෙළා දකින බව ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරයි.
ශ්රී ලංකා පොත් ප්රකාශකයන්ගේ සංගමයේ 39 වන වාර්ෂික මහා සභා රැස්වීම 2026-06-13 දින කොළඹ ටාජ් සමුද්ර හෝටලයේ දී උත්සවශ්රීයෙන් පැවැත්විණි.
හිටපු සබරගමු පළාත් සභාවේ ප්රධාන අමාත්යය, දිවංගත මොහාන් එල්ලාවල ගේ පුත්රයකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්රී අකිල එල්ලාවල අද ශ්රී ලංකා නිදහස් පක්ෂයේ රත්නපුර දිස්ත්රික්කයේ බලංගොඩ ආසන සංවිධායක ලෙසත්, රත්නපුර දිස්ත්රික්කයේ නායකයා ලෙසත් ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ගෙන් අදාළ පත්විමි භාරගත්තේ ය.
ශ්රී ලංකා පොලීසිය ඉතාමත් ගෞරවාන්විත සේවාවක් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් නිසි උසස්වීම් ක්රමවේදයක් සකස් කරන බවත්, ලබන වසරේ මැද පමණ වන විට අලුත් නිල ඇඳුමක් ලබා දීමට අපේක්ෂා කරන අතර, පොලීසියේ සියලු නිලධාරීන්ට අවදානම් දීමනාවක් ලබා දීමට මෙන්ම අවශ්ය යටිතල පහසුකම් සංවර්ධනය සහ මානව සම්පත බඳවා ගැනීමට අවශ්ය පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසී ය.
ශ්රී ලංකා මලල ක්රීඩා සංගමයේ නව සභාපති ලෙස බිමල් විජේසිංහ, අද තේරී පත් විය.
ශ්රී ලංකා රේගු දෙපාර්තමේන්තුව මෙම වසරේ මේ දක්වා වූ කාලය තුළ රුපියල් බිලියන 1373.7ක ආදායමක් උපයා ගැනීමට සමත්ව තිබෙන බව වාර්තා වෙයි.
මෙරට මාධ්ය ක්ෂේත්රයේ වෘත්තීයභාවය තවදුරටත් ඉහළ නංවමින්, මාධ්ය වෘත්තිකයින් සඳහා පිළිගත් වෘත්තීය ප්රමිතීන් ස්ථාපිත කිරීමේ අරමුණින් සකස් කරන ලද ශ්රී ලංකා වරලත් මාධ්ය වෘත්තිකයන්ගේ ආයතන පනත් කෙටුම්පත සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා විසින් අද (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
ශ්රී ලංකා වරලත් මාධ්ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීම මැයෙන් ආණ්ඩුව පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර ඇති අතර එය මේ වනවිට පාර්ලිමේන්තුවේ න්යාය පත්රයට ඇතුළත් කර ඇත. ඒ අනුව එය සම්මත වීමෙන් පසු රටේ නීතියක් බවට පත්වනු ඇත. එම නීතිය සංශෝධනය කිරීමේ හා එම නීතිය යටතේ රීති හැදීමේ බලය බලයේ සිටින ආණ්ඩුවලට හිමිවනු ඇත.
ශ්රී ලංකා වෘත්තීය ජනමාධ්යවේදීන්ගේ සංගමයේ 2026/2027 කාලය සඳහා නව නිලධාරී මණ්ඩලයක් තෝරා පත්කර ගැනීමේ නිලවරණය සඳහා නාමයෝජනා ක්රියාවලිය අවසන් වීමෙන් පසු නව නිලධාරී මණ්ඩලය සහ කමිටු සාමාජිකයින් නිතරගයෙන් පත් වුණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර

