#lk#srilanka#newstube

  • විහාරමහාදේවි උද්‍යානයේ සත්‍යග්‍රහයට දුන් ආඥාව වෙනස් කළ නොහැකියි – කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්

    කොළඹ විහාර මහාදේවි උද්‍යානයේ පැවැත්වෙන සත්‍යග්‍රහයේ නිරත භික්ෂුන් වහන්සේලා ඇතුළු පිරිසටඉවත් වෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඊයේ  ලබා දී තිබු  ආඥාව වෙනස් කළ නොහැකි බවත්, අදාළ ආඥාවට එරෙහිව යම් දෙයක් සිදු වුවහොත්දණ්ඩනිතිසංග්‍රහයෙන්අවශ්‍යපරිදිනීතිමයක්‍රියාමාර්ගගැනීමටපොලිසියටහැකිබවකොළඹප්‍රධානමහේස්ත්‍රාත්අසංගඑස්බෝදරගමඅද (23)නියෝගකළේය.

    දෙපාර්ශ්වයෙන්ම මෝසම් පත්‍ර දෙකක්  

    අදාළ ආඥාව පිළිබඳව විහාර මහා දේවී උද්‍යානයේ උද්ඝෝෂණය සිදුකරන පිරිස සහ  නිතීපතිවරයා විසින් අද දින මෝසම් පත්‍ර දෙකක් ගොනු කර තිබුණා.

    ඉන් උද්ඝෝෂණය නිරත පිරිස සිය මෝසම් පත්‍රය ගොනු කරමින් ඊයේ දින අධිකරණයෙන් ලබා දුන් ආඥාව ඉවත් කිරීමට හෝ වෙනස් කිරීමට මෙලෙස ඉල්ලා තිබුණා.

    වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි  

    නිතිපතිවරයා වෙනුවෙන් ඉල්ලා තිබු මෝසම් පත්‍රය මගින් දක්වා තිබුණේ ඊයේ දින අධිකරණයෙන්  ලබා දුන් නියෝගය කියවා දුන් පසුත් එම ප්‍රදේශයේ රැදි සිටි පිරිස අත්අඩංගුට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලෙසයි.

    එම අවස්ථාවේදි මහේස්ත්‍රාත්වරයා වරෙන්තු නිකුත් කිරීමට තරම් දෙයක් එම ස්ථානයේ සිදු වී නොමැති බව පවසා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළා.

    මෝසම ඉදිරිපත් කරමින් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න පවසා සිටියේ විරෝධතාවය පළ කිරීම මූලික මිනිස් අයිතිවාසිකමක් බවයි.

    සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් මෝසම ඉදිරිපත් කරමින් ජනාධිපති නීතිඥවරයා මෙලෙස පවසා සිටියා.

    “ස්වාමීනි, විහාර මහාදේවී උද්‍යානයේ බුදුපිළිම පර්යන්තයේ තමයි අපි රැඳිලා ඉන්නේ පොදු දේපළ කිසිම දෙයකට හානියක් කරලා නැහැ. දවස් හතක් එක දිගට ඉන්නවා ඒක මූලික මිනිස් අයිතිවාසිකමක් විරෝධතාවය පළ කිරීම, නීතියට අවනතව අපි කටයුතු කරනවා.

    එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි රජයේ නීතිඥ කලණ බුද්ධදාස පවසා සිටියේ මෙම උද්ඝෝෂණය සම්බන්ධයෙන් ඊයේ දින 106 වගන්ති ප්‍රකාරව ආඥාවක් නිකුත් කර ඇති බවයි.

    රජයේ නීතිඥ කලණ බුද්ධදාස වැඩිදුරටත් අධිකරණයට මෙලෙස කරුණු දැක්වූවා.

    ඊයේ දින 106 වගන්තිය ප්‍රකාරව ආඥාවක් නිකුත් කරලා තිබෙනවා. මෙම සිද්ධියට අනුව පැමිණිල්ල ඇවිල්ල තියෙන්නෙ නාගරික කොමසාරිස්වරයාගෙන්. පැමිණිල්ලේ මුල් පිටපතක් ද අධිකරණයට ඉදිරිපත් කරනවා. ඊයේ දිනයේ දී එම නියෝගය කියවා දීමේ දී ශබ්ද විකාශන යන්ත්‍රය හරහා පිරිත් දලා කඩා කප්පල් කළා පොලිසිය සිද්ධිය පැහැදිලි කළා. මෙම ස්ථානයට දේශිය වගේම විදේශීය පුද්ගලයන් එනවා. පොදු ස්ථානයක්. විරෝධතා දක්වන එක මුලික අයිතිවාසිකමත් තමයි.  හැබැයි මේ අය මෙතැන රැදි සිටින්නේ 16 වෙනිදා ඉදලා.

    පොලිසිය විටින් විට කිව්වා එම ස්ථානයේ එක දිගට රැඳී සිටින්න බැහැ කියලා ස්වාමීන් වහන්සේලා විතරක් නෙවෙයි. උදේට දවල්ට දානෙ පිරිනමන කට්ටියත් එනවා. තවද මෙම ස්වාමීන් වහන්සේලා සමාජ මාධ්‍ය හරහා මෙම විරෝධයට විවිධාකාර පුද්ගලයන් එකතු කරගන්නවා. ආගමික නිදහස කියලා අන් අයට බාධා ඇති කරන්න බැහැ. දීර්ඝ කාලීන ලෙස මෙම  ස්ථානවල රැදි සිටීමෙන් වෙනත් දේශපාලනික සහ මහජන කැළඹීමක් ඇතිවිය හැකියි."

     මහේස්ත්‍රාත්වරයා

    "එම ශබ්ද විකාශන භාවිතා කිරීම සම්බන්ධයෙන් කොළඹ මහ නගර සභාවෙන් අවසර ලබා ගෙන තිබේද?"

     රජයේ නීතීඥවරයා

    " නැත. ස්වාමීනි. එම ස්ථානයේ මහා සවන් යාගයකුත් කරලා. ඒ වගේ ක්‍රියාවලින් මහජනතාව පීඩාවට පත්වෙනවා."

     මහේස්ත්‍රාත්වරයා

    "මම ඊයේ ලබාදුන් නියෝගයේ තිබෙන්නේ අඛණ්ඩව රැඳී නොසිටින ලෙසත් පොදු දේපල වලට හානි නොකරන ලෙසයි"

     විරෝධතාකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න

    "පූජෝපාකාර වගේ දේවල් සිදු කරනවා. මහසෝන් යාගයත් කියන්නේ සංස්කෘතියේ දේවල්. බුදුපිළිම පර්යන්තයේ තමයි අපි සිටින්නේ. එසේ සිට විරෝධතා දැක්වීමට අපට අවසර ලබා දෙන්න."

     මහේස්ත්‍රාත්වරයා

    "දින කීයක් තව මේ විරෝධතාවය තිබේද?"

     ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

    "ඒක මම දන්නෑ ස්වාමීනී ස්වාමීන් වහන්සේලා තමයි ඒක තීරණය කරන්නේ."

     නීතිපති වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා.

    " ස්වාමීනි මේ විරෝධතාවය කවදාවත් ඉවර වෙන්නේ නැති එකක්. මෙයාලා කියනවානේ මේක විරෝධතාවය යන්නේ වැඩසටහනක් කියලා වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා කරනවා නම් ඒ බල ප්‍රදේශයේ අයිති මහ නගර සභාවේ අවසර ගන්න ඕනෙ. තොවිලයක් නැටුවත් වැඩසටහනක්. මොකද ස්වාමීනි මෙම ස්ථානයට පිහිදෙකක් ඊයේ රැගෙන ඇවිල්ලා ඒ දෙන්නටද ඇප ලබා දීලා තිබෙනවා. විරෝධතා කරුවන්ටමයි මේවගෙන් ප්‍රශ්න ඇතිවෙන්නේ. දන්න නීති සංග්‍රහය 105 වගන්තියට අකීකරු වීම වරදක්. එම වගන්තියට කීකරු වී ඇවිල්ලා මෙහෙම ඉල්ලනවනම් කමක් නෑ. ස්වාමීනි මේක අධිකරණයට කරන ලද අපහාසයක්. එම නිසා එම ආඥාව ඉවත් නොකරන ලෙස මම අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.

     ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

    " ස්වාමීනි කඨින චීවර සකස් කිරීම තමයි මේ දවස්වල සිදුවන්නේ. ඒ සඳහා අවසර ලබා දෙන්න"

     මහේස්ත්‍රාත්වරයා

    "දෙපාර්ශවයේම ඉදිරිපත් වූ කරුණු සලකා බලනවා. මම ඊයේ  දින ලබා දුන්  126 වගන්ති ප්‍රකාරය නියෝගය වෙනස් කිරීමකට ලක් කරන්නේ නැහැ. එහි දක්වා තිබෙන්නේ අඛණ්ඩව රැඳී සිටීමෙන් පොදු දේපල වලට හානි සිදුවීම සම්බන්ධයෙන්. මම දන්නෙ නෑ කඨින චීවර පිළිවෙල කිරීමට මෙම ස්ථානයේ සිදු කරන්නේ ඇයිද කියලා. යම්කිසි වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා නම් එම ආයතන භාර කෙනෙක් ඉන්නවා. එයාලගේ යම් යම් නීති තියෙනවා ඒවා ක්‍රියාත්මක කළ යුතුයි. මම මෙම නියෝගය ලබා දී තිබෙන්නේ මහජන සාමය ගැන සලකළා." එම නිසා ලබා දුන් නියෝගය වෙනස් කළ නොහැකි බව මහේස්ත්‍රාත්වරයා නියෝග කළා .

    සිරදඬුවම් විඳිමින් සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස බල කරමින් විහාරමහාදේවි උද්‍යාන පරිශ්‍රයේ අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරත පිරිස වෙත නිකුත් කළ අධිකරණ නියෝගයට එරෙහිව අද (23) පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෝසමක් ගොනු කර තිබුණා.

    මෙලෙස කරුණු වාර්තා කිරීම සඳහා පූජ්‍ය උලපනේ සුමංගල හිමි සහ පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා සහ තවත් පිරිසක් අධිකරණ පරිශ්‍රය වෙත වැඩම කළහ. මීට අමතරව මිහින්තලා රාජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි, පූජ්‍ය තීනියාවල පාලිත හිමි මෙන්ම පූජ්‍ය විතාරන්දෙණියේ නන්ද හිමි යන හිමිවරුන් ද එම අවස්ථාවට වැඩම කර සිටියා.

  • වී ගොවියා ගේ අස්වනුවලට සාධාරණ මිලක් දෙන්න - නාමල් රාජපක්ෂ

    වහාම වී ගොවියාගේ අස්වනුවලට සාධාර්ණ මිලක් ලබාදීමට රජය කටයුතු කලයුතු බව ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.

  • වී මිලදී ගැනීමට රජය සෘජුව මැදිහත් විය යුතුයි - නාමල් රාජපක්ෂ

    හාල් මිල පාලනය කිරීමට හැකිවන්නේ රජය වී මිලදී ගැනීමට සෘජුව මැදිහත් වී යම් වී සංචිත ප්‍රමාණයක් තබා ගැනීමෙන් බවත්, එසේ නොමැතිව පෞද්ගලික අංශයට හෝ වෙළඳපොළට මිල තීරණය කිරීමට ඉඩ දීමෙන් ගොවියාට සාධාරණයක් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

  • වීදුරු බෝල අන්තර්ගත ඇසුරුමක් භාවිත කර බීම නිෂ්පාදනය කළ නිෂ්පාදකයෙකුට රුපියල් 109,000ක් දඩ

    කොළඹ ප්‍රදේශයේ බීම නිෂ්පාදනය හා අලෙවියට අදාලව සිදුකළ වැටලීමක දී අනාවරණය වූ ආහාර සුරක්ෂිතතා හා සෞඛ්‍ය නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් චෝදනා ලැබූ බීම නිෂ්පාදකයෙකුට රුපියල් 109,000ක දඩ මුදලක් එලෙස නියම කළේ ය.

  • වීරවංශ ගේ බිරිඳට එරෙහි නඩුව එළඹෙන 25 යළි කැඳවීමට නියෝග

    ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත් බවට හිටපු ඇමැති විමල් වීරවංශ ගේ බිරිඳ වන ශෂී වීරවංශට එරෙහිව ගොනුකර ඇති නඩුව ලබන 25 වන දා යළි කැඳවන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුසවිතාන අද (11) නියෝග කළේ ය.

  • වෙඩි වැදී ඇතැ‍යි සැක කෙරෙන කාවන්තිස්ස ඇතුට ප්‍රතිකාර පමා ඇයි?

    ගල්ගමුව ප්‍රදේශයේ සැරිසරන කාවන්තිස්ස ඇතා ගේ පාදයකට වෙඩි වැදී ඇති බවට සැක පළ වී ඇති අතර, පාදයේ දණහිස ආශ්‍රිතව ඉදිමීමක් හේතුවෙන් ඇතාට ඇවිදීමට අපහසු තත්ත්වයක් උද්ගත වී ඇතැයි වාර්තා වේ. මේ හේතුවෙන් ඇතා ගේ ජීවිතය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු වී තිබේ. සැප්තැම්බර් 21 සහ 22 අතර කාලය තුළ මෙම තුවාලය සිදුවන්නට ඇතැයි සැක කෙරෙන බවත්, ඇතා ගේ පාදයක දක්නට ලැබෙන ආබාධය හේතුවෙන් එය දැඩි වේදනාවකින් පසුවන බවත් පරිසරවේදීහු පෙන්වා දෙති. කෙසේ වෙතත්, ඇතාගේ තුවාලයට නිශ්චිත හේතුව සහ එහි බරපතළකම පශු වෛද්‍ය පරීක්ෂණයකින් තහවුරු කළ යුතු ය.

  • වෙනත් පක්ෂවලට සහයෝගය ලබා දුන් අය ගේ මන්ත්‍රීධූර අහෝසි කරනවා - චාමර සම්පත්

    වෙනත් පක්ෂවලට සහයෝගය ලබා දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරු සියලු දෙනාගේ මන්ත්‍රීධූර අහෝසි කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක චාමර සම්පත් දසනායක පැවසී ය.

  • වෙනස්වන ලෝකයේ මාධ්‍යයේ අනාගතය පිළිබඳ සංවාදයට ශ්‍රී ලංකා හා ඉන්දීය මාධ්‍යවේදීහු එක්වෙති

    ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මාධ්‍ය ක්ෂේත්‍රයේ සහයෝගීතාව, වෘත්තීය සබඳතා හා දැනුම් හුවමාරුව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා–ඉන්දියානු මාධ්‍ය මිත්‍රත්ව සංගමය (Sri Lanka–India Media Friendship Association - SLIMFA) සංවිධානය කරන “SLIMFA මාධ්‍ය සම්මන්ත්‍රණය 2026” පසුගියදා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී පැවැත්විණි.

  • වෙනිසියුලාවේ භූ කම්පනවලින් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 4300 ඉක්මවයි

    වෙනිසියුලාවට බලපෑ භූ කම්පනවලින් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 4300 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

  • වෙසක් උත්සවයට සමගාමීව විශේෂ දුම්රිය සේවා

    මෙම මස 30වන දිනට යෙදී ඇති වෙසක් පොහොය දින: අනුරාධපුරය සහ මාතර, තිහගොඩ මිදෙල්ලවල පුරාණ රජ මහා විහාරයෙහි පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සවය සහභාගි වන බැතිමතුන් ගේ ගමන් පහසුව වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි දුම්රිය ගමනාගමන අධිකාරි ජී. ඩී. ඒ. සමරසිංහ සඳහන් කරයි.

  • වෙසක් එකට බාර් වහන දවස් මෙන්න.......

    2026 වෙසක් පුණ්‍ය මහෝත්සවය නිමිත්තෙන් 2026 මැයි 30 සහ 31 යන දෙදින සියලු ම මත්පැන්හල් වසා තැබිය යුතු බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. බී. එන්. ඒ. පේමරත්න නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටි.

  • වෙළෙඳසලේ ඇති භාණ්ඩවලට බිල්පත් තියෙනවා ද..? වෙළෙඳුන් ගේ විශේෂ අවධානයට

    ඔබේ වෙළෙඳසැලේ විකිණීමට, ගබඩා කර තැබීමට හෝ බෙදාහැරීමට ඇති භාණ්ඩ කොහෙන් ලබාගත්තේ ද යන්න තහවුරු කළ හැකි ලේඛන ඔබ සතුව තිබිය යුතු බව ඔබ දන්නවාද?

  • වෛද්‍ය මහේෂි විජේරත්න ගේ දියණියට එරෙහි නඩුව ඔක්තෝබර් 27 දක්වා කල් තබයි

    අල්ලස්  නිලධාරීන්ට බැණ තර්ජනය කර රාජකාරියට බාධා කිරීම කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්  ශ්‍රී ජයවර්ධන පුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි  විජේරත්න ගේ දියණියට එරෙහි පවරා ඇති නඩුව ඔක්තෝබර් 27 යළි කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (21) නියෝග කළේ ය.

  • වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීය ක්ෂේත්‍රයට අදාළ ගැටලු රැසකට කඩිනම් විසඳුම්

    සමස්ත ලංකා වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමයේ (ACMLS) වෘත්තිකයින්ගේ වෘත්තීය ගැටලු කිහිපයක් සඳහා විසඳුම් ලබාගැනීම වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ එම සංගමයේ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

  • වෛද්‍ය වර්ජනය අවසන්; ප්‍රතිකාර සේවා අරඹයි

    රෝහල් පද්ධතියේ සහ වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා ලබා දුන් එකඟතා ඉටුකිරීම ඉල්ලමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ආරම්භ කරන ලද අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ග මාලාවේ පළමු පියවර වන පැය 48ක දීප ව්‍යාප්ත සංකේත වැඩ වර්ජනය, ප්‍රකාශ කළ පරිදිම අද දින උදෑසන 08.00 අවසන් කරන ලදී.

  • වෛද්‍ය වර්ජනය තවදුරටත් !

    රජයේ වෛද්‍යවරු විසින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය හෙට (24) දිනයේත් ක්‍රියාත්මක බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

  • වෛද්‍යවරු අන්ත පුද්ගලවාදීන් වන්නේ ඇයි..? - Ideas front වීඩියෝවක්

    අතිශය පුද්ගලික අභිලාෂ සහිත දෙමාපියන් ගේ දරුවන් වෛද්‍ය වෘත්තියට පිවිසීමෙන් ඉක්බිතිව අන්ත පුද්ගලවාදීන් වන්නේ යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

  • වෛරයෙන් තොර තමිල්නාඩු දේශපාලනය

    තලාපති විජේ ඔහුගේ TVK( ටැමිල් වෙට්රි කසාගම්) පක්ෂයෙන් තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය ජයග්‍රහණය කර කොංග්‍රසය සහ තවත් පක්ෂ සමග එකතුවී ආණ්ඩුව පිහිටුවා ප්‍රධාන අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව හිටපු ප්‍රධාන අමාත්‍ය සහ DMK නායක එම්. කේ. ස්ටාලින් හමුවීමත් දෙදෙනා සළු පොරවාගෙන ගෞරව කිරීමත් අපට නම් අදහා ගත නොහැකි දෙයකි.

  • ශරීර දේශපාලන මතක කලා ප්‍රදර්ශණය සැප්තැම්බර් 21, 22, 23 කොළඹ JDA පෙරේරා කලාගාරයේ දී…

    ශරීර දේශපාලන හා මතක අතුරුදන් නොවූ අතුරුදන් ආදරණීයයන් වෙනුවෙන්...

  • ශෂී වීරවංශ පෙර ඇප මත මුදා හරියි!

    අවිධිමත් රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබාගැනීමේ චෝදනාවට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් වසර දෙකක සිර දඬුවම් ලැබ සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ගේ බිරිඳ වන ශෂී වීරවංශ පෙර ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (20) නියෝග කළා.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න