බාල ගල්අඟුරු හෝදමින් සිටි ආණ්ඩුවට පසුගිය සතිය ගත කරන්නට වුණේ තෙල් පෝලිම් මැද ය.
ආණ්ඩුවට සම්බන්ධ අය කෙසේ කීව ද, විදුලි බල මණ්ඩලය පාර්ලිමේන්තුවේ යටිතල පහසුකම් සහ උපායමාර්ග පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට දුන් වාර්තාව සහ ගල්අඟුරු සමාගමේ වාර්තා අනුව දැනට ලංකාවට ගොඩබා ඇති නැව් 09යේ ම ගල්අඟුරු ප්‍රමිතියෙන් තොර බව පැහැදිලි ය.
ඇමරිකාව සහ ඉරානය අතර ඇතිකර ගත් සාම ගිවිසුම ප්‍රකාරව පසුගිය දින කිහිපයේ ලෝක වෙළඳපොළෙහි බොර තෙල් මිල ගණන් අඛණ්ඩව අඩුවනු දක්නට ලැබුණි. මෙම සටහන ලියන දිනයේ බ්‍රෙන්ට් වෙළඳපොළෙහි බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ, ඇමරිකානු ඩොලර් 80.57 ලෙස ය. WTI වෙළඳපොළෙහි එය 76.54 විය.
සිංහල, දෙමළ අලුත් අවුරුදු නිවාඩුව ගතවෙමින් තිබුනත් දේශපාලන කේෂ්ත්‍රයට නම් එවැනි තත්ත්වයක් නොමැති බවට තහවුරුවූ සතියක් ගතවෙමින් ඇති බව පෙනෙන්නට තිබේ.
මැදපෙරදිග අර්බුදය හමුවේ ආණ්ඩුවට දිනෙන් දින අභියෝගාත්මක තත්ත්ව නිර්මාණය වන බවක් පෙනෙන්නට තිබේ.
මේ වසරේ ජනවාරියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ආරම්භ කළ ගල්අඟුරු වංචාවේ හෙළිදරව් කිරීම අදියරෙන්, අදියර ඉදිරියට පැමිණ අප්‍රේල් 17 වනදා ඇමති කුමාර ජයකොඩි සහ අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල ඉල්ලා අස්වීම් දක්වා එය වර්ධනය විය.
ගෙවී යන සතිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට අතිශ්‍ය කාර්ය බහුල විය. කාන්තා දින සැමරුම ඇතුළ විවිධ උත්සව රැසක ප්‍රධාන ආරාධිතයා වූ සජිත් ඒ අතර තුර විදෙස් මාධ්‍ය කිහිපයක සමුඛ සාකච්ජාවලට ද සහභාගී විය.
නායයෑම් සහ ජලගැලීම් හේතුවෙන් විපතට පත් ජනතාවගේ අවශ්‍යතා ගැන සොයා බලා අදාළ අංශ දැනුවත් කරන ආපදා තොරතුරු කේන්ද්‍රයක් ආරම්භ කරන්නට සජිත් මේ සතියේ කටයුතු කළේ ය.
පාලනය, ආර්ථික පරිවර්තනය සහ රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ පිළිබඳ පුළුල් සාකච්ඡා පැවැත්වීම අරමුණ කර ගෙන සිංගප්පූරුවේ සිදු කරන ලද අධ්‍යයන චාරිකාවක් අතරතුර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිංගප්පූරුවේ හිටපු විදේශ අමාත්‍ය ජෝර්ජ් යෝ-යොං-බූන් අද (27) හමුවිය.
අයවැය තෙවනවර කියවීමේ පිළිතුරු කතාව ජනාධිපති අනුර දිසානායක විසින් සිදුකිරීමෙන් පසු මන්ත්‍රී මනෝ ගනේෂන් ජනාධිපති දිසානායකව ක්ෂණිකව මුණගැසී ඇත.
රුපියල් මිලියන 243.8කට අධික නීතිවිරෝධී වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාවක් මත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට අත්අඩංගුවට ගන්නා ලදී.
සංජීව ධර්මරත්න, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලන ලෙසත් සජීව මැදවත්ත බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසත් පත් කෙරේ.
Beauty Filter එක නිවැරදිව ක්‍රියාත්මක නොවීම හේතුවේ චීනයේ සාමාජ මාධ්‍ය ක්‍රියාකාරිණියකට අනුගාමිකයින් 140,000 ක් අහිමව ගොස් තිබේ.
2026 මාර්තු 8වෙනි දා උදාවන විට ලාංකීය දේශපාලන පොළොව මත "කාන්තා අයිතිවාසිකම්" යනු තවත් එක් වර්ණවත් ප්‍රෝඩාවක් පමණක් බවට පත්ව තිබේ. වසර දෙකකට පෙර මැතිවරණ වේදිකා දෙවනත් කරමින් NPP ආණ්ඩුව නැගූ "ගැහැනු එක මිටට" යන සටන් පාඨය අද වන විට පීඩිත ගැහැනියගේ ගෙල සිර කරන තොණ්ඩුවක් බවට පත්ව තිබේ.
අල්ලස් කොමිසම විසින් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ් ගමගේ ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය
ලංකා සතොස ආයතනයට අයත් ලොරි රථයක් අවභාවිත කළ බවට වන චෝදනාවට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් ඇප මත මුදා හැරීමට වත්තල මහේස්ත්‍රාත් අධිකරණය අද (24) නියෝග කළේය.
ශීලාචාර මෙන් ම ශිෂ්ටසම්පන්න විශිෂ්ට පුරවැසියකු බවට පත් කිරීමට දෙමාපියන් කෙතරම් උත්සාහ කළ ද, අද රට යන දිශාව දෙස බලන විට: සදාචාර, ශිෂ්ට සම්පන්න, උගත්, බුද්ධිමත්, දරු පරපුරක් නිර්මාණය කරන්න අවශ්‍ය පසුබිම සකස් වෙනවා ද යන්න ගැටලුසහගත යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
සිංහල භාෂාවට අදාළව භාෂා ප්රමිතිකරණය පිළිබඳ ගැටලුව සාමාන්‍යයෙන් අදාළ වන්නේ සිංහලයෙහි ලියන භාෂාව සම්බන්ධයෙන් පමණයි.
වසර 50කට පසු සඳ වෙත ගිය ප්‍රථම මානව මෙහෙයුම වන ආර්ටෙමිස් II හි ගගනගාමීන් සඳ වටා ගමන් කරන අතරතුර ලබාගත් අතිශය දුර්ලභ ඡායාරූප කිහිපයක් නාසා ආයතනය විසින් ප්‍රසිද්ධියට පත් කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

