ආන්දෝලනාත්මක නඩු ගණනාවක් විභාගයට ගනිමින් ගිය සතිය ආරම්භ විය. පහළ අධිකරණ වල සිට ඉහළ අධිකරණ දක්වාම නඩු රාශියක් විභාග වූ අතර අපි දන්න කියන බලවත්තු පිරිසකට රක්ෂිත බන්ධනාගාර ගත වෙන්නටද සිදුවිය.
නැකත් සතිය ආරම්භ වුනේ අධිකරණය මඟහරිමින් සැඟවිලා සිටිය ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරමින්ය. ඥානසාර හිමියන් ඇල්ලු නැකත අවසන් වුයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂවත් කල්දේරම් බතේ රස බලන්නට වැලිකඩ යවමින්ය.
අල්ලස් කොමිසම විසින් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ් ගමගේ ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව ඇප ඉල්ලීම ප්රතික්ෂේප කර අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය
ලංකා සතොස ආයතනයට අයත් ලොරි රථයක් අවභාවිත කළ බවට වන චෝදනාවට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්රනාන්දු ඇතුළු සැකකරුවන් ඇප මත මුදා හැරීමට වත්තල මහේස්ත්‍රාත් අධිකරණය අද (24) නියෝග කළේය.
ශීලාචාර මෙන් ම ශිෂ්ටසම්පන්න විශිෂ්ට පුරවැසියකු බවට පත් කිරීමට දෙමාපියන් කෙතරම් උත්සාහ කළ ද, අද රට යන දිශාව දෙස බලන විට: සදාචාර, ශිෂ්ට සම්පන්න, උගත්, බුද්ධිමත්, දරු පරපුරක් නිර්මාණය කරන්න අවශ්ය පසුබිම සකස් වෙනවා ද යන්න ගැටලුසහගත යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
සිංහල භාෂාවට අදාළව භාෂා ප්රමිතිකරණය පිළිබඳ ගැටලුව සාමාන්යයෙන් අදාළ වන්නේ සිංහලයෙහි ලියන භාෂාව සම්බන්ධයෙන් පමණයි.
වසර 50කට පසු සඳ වෙත ගිය ප්‍රථම මානව මෙහෙයුම වන ආර්ටෙමිස් II හි ගගනගාමීන් සඳ වටා ගමන් කරන අතරතුර ලබාගත් අතිශය දුර්ලභ ඡායාරූප කිහිපයක් නාසා ආයතනය විසින් ප්රසිද්ධියට පත් කර ඇත.
සබන් නිෂ්පාදන වෙළෙඳපොලට නිකුත් කිරීමේ දී ඒවායේ ඇසුරුමෙහි, නම සහ මේද ප්‍රතිශතය (TFM අගය) ප්‍රදර්ශනය කිරීම අනිවාර්‍යය කරමින් නව ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගියදා සිකුරාදා කටයුතු කර තිබුණ බවත්, පාරිභෝගික සංවිධානයක් වශයෙන් ඒ පිළිබඳ සිය සතුට පළ කරන බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ සඳහන් කරයි.
අද වන විට ජාතික වශයෙන් උද්ගත වී ඇති ප්‍රධාන ගැටලු තුළ සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තිය වූයේ සත්ජාතිකත්වය යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අනාගතයේ දී එකට වැඩ කළ යුතු ය යන යෝජනාව සඳහා සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ එකඟතාවය පළවූයේ යැයි සමගි ජන බලවේගය ජාතික සංවිධායක තිස්ස අතිතනායක පැවසී ය.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක ඇප මත මුදා හැරීමට අධිකරණය අද (18) නියෝග කර තිබෙනවා.
රජය ගෙන ඒමට නියමිත සමලිංගික නීතියට සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිව මහරගම නගර සභාවේ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරු පිරිසක් නගර සභාව ඉදිරිපිට ඊයේ (09) විරෝධතාවක නිරත වූහ.
සටන් පාඨ කියමින් හා විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් ඔවුහු සිය විරෝධය පළ කළහ.
‘සමරිසි නීතිය අපිට එපා, ගුරුවරයා දංගෙට ගෝලයා අපායට සහ රට දිනවන එන්.පී.පී. වැඩපිළිවෙල සම ලිංගික පාරාදීසයක්ද?’ වැනි සටහන් එම පුවරුවල අන්තර්ගත විය.
ඉන් අනතුරුව එම මන්ත්‍රිවරු විරෝධතා පුවරු අතැතිවම නගර සභාවේ මාසික මහා සභා රැස්වීම සඳහා සහභාගී වූහ.
සර්ව ජන බලය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂයේ මන්ත්‍රිවරු මෙම විරෝධතාවයට සහාය දැක්වූහ.
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පසුගිය පැය 72 තුළ මරණ 46ක් වාර්තා වන අතර ඒ අනුව මුළු ආපදා මරණ 56ක් දක්වා ඉහළගොස් ඇත.
‘සමස්ත ලංකා පාසල් ක්‍රීඩා 2025’ පාසල් ක්‍රීඩා උළෙල 38 වන වරටත් පැවති අතර එහි සමාප්ති උළෙල උත්කර්ෂවත් ව දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ඊයේ (14) පැවැත්වුණි.
මෙහිදී දිවයින පුරා පාසල්වල අධ්‍යාපනය ලබන දරුවන් පහළොස් දහසකට ආසන්න පිරිසක් කණ්ඩායම් තරග සඳහා ද, ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලිය සඳහා ක්‍රීඩක – ක්‍රීඩිකාවෝ පන්දහසකට ආසන්න පිරිසක්ද සහභාගි වූ අතර, පාසල් 1,170 ක් නියෝජනය කර තිබේ.
අඹගමුව මධ්‍ය මහා විදුහල නියෝජනය කළ කේ. එල්. අයෝමාල් අකලංක සම්මාන ලබන අතර වාරයේ දී වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල නියෝජනය කළ ජිත්මා විජේතුංග අති ශූරතම මලල ක්‍රීඩිකාව ලෙස තිළිණ ලැබුවාය.
අවුරුදු 20 න් පහළ මීටර් 400 කඩුළු මතින් දිවීමේ ඉසව්වේ දී ප්‍රදර්ශනය කළ තත්. 49.90 ක දක්ෂතාවය පදනම් කර ගනිමින් අයෝමාල් අකලංක ද අවුරුදු 20 න් පහළ මීටර් 400 ඉසව්වේ දී ප්‍රදර්ශනය කළ තත්. 54.09 ක තරග නිමි කාලය පදනම් කර ගනිමින් ජිත්මා විජේතුංග ද අදාළ සම්මාන දිනා ගත්හ.
මෙවර මලල ක්‍රීඩා තරගාවලියේ දක්ෂතම ජවන ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව වෙනුවෙන් ප්‍රදානය කෙරෙන කුසලාන දිනා ගැනීමට කඳාන ශාන්ත සෙබෙස්තියන් විදුහල නියෝජනය කළ ඔමෙල් සශින්ත (අවුරුදු 20 න් පහළ මීටර් 400 - තත්. 46.17) සමත් ව තිබේ.
දක්ෂතම විසි කිරීමේ ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව වෙනුවෙන් ප්‍රදානය කෙරෙන කුසලාන දිනා ගැනීමට වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විදුහල නියෝජනය කළ එච්. යූ. ජයසිංහ (අවුරුදු 20 න් පහළ යගුලිය දැමීම - මීටර්. 16.27) ට හැකියාව ලැබිණි.
මෙවර දක්ෂතම කඬුළු මතින් දිවීමේ ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව වෙනුවෙන් ප්‍රදානය කෙරෙන කුසලාන දිනා ගැනීමට අඹගමුව මධ්‍ය මහා විදුහල නියෝජනය කළ කේ. එල්. අයෝමාල් අකලංක (අවුරුදු 20 න් පහළ මීටර් 400 කඩුළු මතින් දිවීම - තත්.49.90) සමත් විය.
දක්ෂතම පැනීමේ ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව වෙනුවෙන් පිරිනැමෙන කුසලානය දිනා ගැනීමට කොළඹ 06, ශාන්ත ලෝරන්ස් විදුහල නියෝජනය කළ ඔෂිනී කොඩිකාර (අවුරුදු 20 න් පහළ බාලිකා දුර පැනිම මීටර් 06. 03) සමත් වූවාය.
මෙවර ක්‍රීඩා උළෙල වර්ණවත් කළ ගම්පොල වික්‍රමබාහු ජාතික පාසලේ තරුෂී අභිෂේකා ප්‍රේමසිරි ක්‍රීඩීකාව තමන් සහභාගී වූ ඉසව් ත්‍රිත්වය ජය ගත්තේ නව තරග වාර්තා ත්‍රිත්වයක් බිහි කරමිනි.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා සහ ශාරීරික අධ්‍යාපන අංශය විසින් සංවිධානය කර තිබුණු මෙවර තරගාවලියට ද මධ්‍යම, සබරගමුව, ඌව, උතුර, දකුණ, නැගෙනහිර, උතුරුමැද, වයඹ සහ බස්නාහිර පළාත් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වී තිබුණි.
මෙවර මලල ක්‍රීඩා තරගාවලිය ආශ්‍රිතව සමස්ත ලංකා පාසල් තරග වාර්තා 38 ක් වාර්තා වීම කැපී පෙණුනි.
දින 05 ක් පුරා ක්‍රියාත්මක කෙරුණු මෙවර මලල ක්‍රීඩා තරගාවලියේ සමස්ත බාලක ශූරතා කුසලාන මීගමුවට රැගෙන යාමට මාරිස්ටෙලා විදුහල (ලකුණු 148) සමත් වූ අතර සමස්ත බාලිකා ශූරතා කුසලාන වත්තලට රැගෙන යාමට ලයිසියම් ජාත්‍යන්තර පාසල (ලකුණු 213) ට සමත් විය.
මාරිස්ටෙලා විදුහල මෙන්ම ලයිසියම් ජාත්‍යන්තර පාසල සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ සමස්ත මලල ක්‍රීඩා ශූරතා කුසලාන නොකඩවා දිනා ගන්නා ලද තෙවන අවස්ථාව විය.
බාලක අනු ශූරතාව වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විදුහල ( ලකුණු 99) ට හිමි වූ අතර බාලිකා ලකුණු ශූරතාව වලල ඒ. රත්නායක මධ්‍ය මහා විදුහල (ලකුණු 93) සතු විය.
සමස්ත බාලක සහ බාලිකා තෙවන ස්ථානය පිළිවෙලින් තහවුරු කර ගැනීමට තිඹිරිගස්කටුව මාරිස්ටෙලා විදුහල (ලකුණු 77) සහ පන්නිපිටිය ධර්මපාල විදුහල (ලකුණු 61) සමත් විය.
ලකුණු 1,277 වාර්තා කර ගනිමින් අන්තර් පළාත් සටනේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට බස්නාහිර පළාත නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වූහ.
අනු ශූරතාව මධ්‍යම පළාත (ලකුණු 414) ට හිමි වූ අතර තෙවැනි ස්ථානය වයඹ පළාත (ලකුණු 315.5) සතු විය.
අවසන් දිනය වූ ඊයේ දිනයේ බිහි වූ නව තරග වාර්තා සංඛ්‍යාව 09 කි.
(adaderana)
සමස්ත ලෝකය ම මේ වන විට නතු වෙමින් පවතින්නේ බහු බල කේන්ද්‍රීය ක්‍රමයකට යැයි දේශපාලන සහ සමාජ විශ්ලේෂක මිලින්ද මොරගොඩ පැවසී ය.
සම්පත් මනම්පේරි නමැත්තා වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට අද (17) භාරවී ඇතැයි වාර්තා වේ.
මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගන්නා බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දෙකක් සඟවා තිබියදී සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට භාරවීමට සූදානම් බව ඔහුගේ නීතිඥවරයා පසුගිය 15 වන දා අභියාචනාධිකරණයට දැනුම් දී තිබුණා.
සම්පත් මනම්පේරි නමැත්තා අදාළ මහෙස්ත්‍රාත් අධිකරණයට භාරවීමට සූදානම් බව ඔහුගේ නීතිඥවරයා අභියාචනාධිකරණයට අද (15) දැනුම් දුන් අතර ඒ මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගන්නා බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දෙකක් සඟවා තිබියදී සොයාගැනීමේ සිද්ධියට අදාලව අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින පසුබිමකදීය.
එසේ භාරවීමෙන් පසු ඔහුගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය පොලිස්පතිවරයාට නියම කලේය
සම්පත් මනම්පේරිගේ නීතිඥයින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.
සම්පත් මනම්පේරි විසින් වළ දමා තිබූ ගිනිඅවි සහ උණ්ඩ කිහිපයක් මිද්දෙණියේ ඉඩමක තිබී සොයා ගෙන තිබෙන අතර ඒ සම්පත් මනම්පේරි සහ බැකෝ සමන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හේතුවෙන් ඉඩමේ කල සෝදිසි මෙහෙයුමකදී ය.
සිය හිතවතියකගේ නිවසක පිටුපස මෙම ගිනිඅවි සහ උණ්ඩ වළ දැමූ බවද මේ වන විට සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ කරුණු අනාවරණය වී ඇත.
ඒ සම්පත් මනම්පේරි සහ බැකෝ සමන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හේතුවෙන් ඉඩමේ කල සෝදිසි මෙහෙයුමකදී ය.
එහි තිබී රන්පැහැති ටී 56 මැගසින් 2ක්, ටී 56 උණ්ඩ 115 ක්, අත් බෝම්බයක්, කැඩී ගිය මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයක් සොයා ගත් බව පොලීසිය පැවසුවේ ය.
පොදුජන පෙරමුණේ හිටපු පළාත් පාලන අපේක්ෂක සම්පත් මනම්පේරි නැමැත්තා පසුගිය 17 වැනිදා වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට භාර වුණු අතර ඒ මිද්දෙණියේ ඉඩමකින් අයිස් මත්ද්‍රව්‍ය සහ කන්ටේනර් දෙකක් සොයා ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටීම හේතුවෙනි.
සම්බා සහ කීරි සම්බා වගාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් එම වී වර්ග මිලදී ගැනීම සඳහා පවතින අවම මිල ගණන් ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාදී ඇත
පසුගියදා රයිගම් සම්මාන උළෙල ඉවරවුණා. සම්මාන ගත් අය සතුටින් විසිර ගියා.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

